දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා නීතිඥ මණ්ඩලයට අනුයුක්තව නීති ක්ෂේත්‍රයේ කටයුතුවල නියැලී සිටින මංජුල වෙල්ලාලගේ මහතා නීතිඥවරයෙකි. නීතිඥවරයෙකු වීමට ප්‍රථම , අධිකරණ අමාත්‍යංශයේ මෙහෙයවීම මත ප්‍රජා සත්කාරක නීති ආධාර ව්‍යාපෘතිය භාර සම්පත් හා පර්යේෂණ නිලධාරී ලෙස කටයුතු කර ඇති අතර ඊට පෙර, අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු අමාත්‍යංශයේ , ව්‍යවස්ථා කටයුතු පිලිබඳ පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රස්ථානයේ සම්පත් නිලධාරී ලෙස ද කටයුතු කර ඇත. තම කීර්තිමත් සේවා කාලය තුළ, මංජුල වෙල්ලාලගේ මහතා විසින් ප්‍රජා මූලික නීති දැනුවත්කිරීම් මෙන්ම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ව්‍යාපෘති සහ වැඩසටහන් රාශියක් සංවිධනය කර ඇති අතර, ජාතික මට්ටමින් අවධානය යොමු වූ බරපතළ නීති ගැටළු, අධිකරණ අමාත්‍යංශය වෙනුවෙන් විසඳීමට ද විශාල කාර්ය භාරයක් ඉටු කර ඇත.
සහකාර සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණය