1987 වර්ෂයේ කළමනාකරණ අභාසලාභිණියක ලෙස බැංකුවේ සේවයට එක් වූ රේණුකා ජයසිංහ මහත්මිය බැංකු ක්ෂේත්රයේ වසර 29 ක සේවා අත්දැකීම් ලබා ඇති නිලධාරිනියකි. සිය වෘත්තීය දිවිය තුළ, ශාඛා කළමණාකාරිනී, ජ්‍යෙෂ්ඨ කලාප කළමනාකාරිනී, ප‍්‍රාදේශීය කළමනාකාරිනී, සහකාර සාමාන්‍යාධිකාරිනී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (සමූපාකාර හා සංවර්ධන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (සිල්ලර බැංකුකරණ) ආදී තනතුරු දරමින් ශාඛා බැංකුකරණ අංශය ආවරණය කරමින් සේවය කර ඇති ජයසිංහ මහත්මිය දැනට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ක‍්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) වශයෙන් සේවය කරයි. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම පන්තියේ වාණිජවේදී විශේෂ උපාධිධාරිනියක වන රේණුකා ජයසිංහ මහත්මිය ශ්රී ලංකා වෘත්තීය බැංකුකරණ ආයතනයේ සුදුසුකම් (AIB) සපුරා ඇත. ඇය ශ්රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ සහ ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකාවක් ද වේ.
සහකාර සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණය