නීතීඥවරියක ලෙස වසර 30 කට අධික අත්දැකීම් ලබා ඇති මුදිතා කරුණාරත්න මහත්මිය බැංකුකරණ හා රක්ෂණ සේවා ඩිප්ලෝමාවක් හිමිකරගෙන සිටින අතර 2007 වසරේදී 'බැංකු නීති ත්‍යාගය'ද දිනාගත්තා ය. නීති විද්‍යාලයෙන් පිටවූ පසුව ඇය ජේ. ඊ. පී. දැරණියගල ජනාධිපති කොමිසම හා සම්බන්ධ වූ අතර ඉන්පසු බ්රවුන්ස්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන නීති නිලධාරී සහ සමාගම් ලේකම් සඳහා සහකාර නිලධාරිනියක ලෙස කටයුතු කළා ය. සහකාර නීති නිලධාරිනියක ලෙස 1992 වසරේදී මහජන බැංකුව හා එක්වූ කරුණාරත්න මහත්මිය කළුතර හා ගාල්ල ප්‍රදේශ, ප්‍රධාන කාර්යාලයේ නීති අංශය සහ ඉඩම් නිදහස් කරගැනීමේ අංශය යන අංශ වල සේවය කර තිබේ. 2006 වසරේ දී ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනී තනතුරට උසස්වීම් ලැබූ ඇය ප්‍රධාන කාර්යාලයේ සහ උතුරු හා ඊසානදිග කලාපවල නීති කටයුතු අධීක්ෂණය කළා ය. 2007 වසරේදී ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති, මෙරට ඉන්ධන සහ ගෑස් කර්මාන්ත සම්බන්ධ පරිපාලන ආයතනය වන ඛනිජතෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් (නීති හා ඉඩම්) ලෙස පත්වීම් ලැබූ කරුණාරත්න මහත්මිය එහි ඛනිජතෙල් සම්පත් සංවර්ධන කමිටුවේ ලේකම් ලෙසද කටයුතු කළා ය. තිස් වසරක් පුරා විහිදුණු තම නීතිඥ වෘත්තීය ජීවිතය තුළ ඇය දේශීය හා ජාත්‍යන්තර වැඩසටහන් හා ඉසවු රාශියකට සහභාගී වී අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ.
සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය (වත්කම් නිමයුම් )