පී.එස්.ජේ. කුරුකුලසූරිය මහත්මිය කළමනාකාර පුහුණු නිලධාරිනියක් වශයෙන් 1994 වසරේ මාර්තු මාසයේදී බැංකුවට බැදුනු අතර, බැංකු ක්ෂේත්‍රෙයහි වසර 24 ක් ඉක්මවූ පළපුරුද්දක් ඇය සතු වෙයි. කුරුකුලසූරිය මහත්මියගේ පළපුරුද්ද, ශාඛා කළමනාකාර, ජ්‍යෙෂ්ඨ කළමනාකාර සහ ජ්‍යෙෂ්ඨ කලාප කළමනාකාර මට්ටමින් ශාඛා ව්‍යාපාර බැංකු කටයුතු කළමනාකාරණ කාර්යයන් දක්වා ආවරණය කරයි. 2009 වසරේදී ප්‍රධාන කළමනාකරණ ශ්‍රේණියට ඇයව උසස් කරන ලද අතර, මානව සම්පත් සංවර්ධනය, ශාඛා කළමනාකරණය හා ශාඛා ණය පරිපාලන විෂය පථයන්හි කටයුතු කළාය. වත්මනෙහි, ඇය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී - පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු, වශයෙන් ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන්නීය. කොළඹ විශ්ව විද්‍යාලය වෙතින් ව්‍යාපාර පරිපාලනපති උපාධිය (MBA) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙතින් දෙවනපෙළ ඉහළ පංති (ගෞරව) සාමාර්ථය සහිතව ව්‍යාපාර පරිපාලනවේදී (විශේෂ) උපාධියද (BSc) ඇය ලබා ඇත. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාවද ඇය ලබාගෙන සිටී. ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්රිත සාමාජිකාවක්ද (AIB), වන අතර බැංකු කර්මාන්තය සදහා වු ඇයගේ සේවාව පිළිගැනීමක් වශයෙන් ඇයට එහි අධි සාමාජිකත්වය (FIB) පිරිනමනු ලැබූවාය. ඇය ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ සාමාජිකාවක් වන අතර, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමයේ ආවසරික (LICA) සාමාජිකාවක්ද වේ. වසර පහකට අධික කාලයක් තුළ ඇය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙන්ද කටයුතුකර තිබේ. මහජන බැංකුවට අනුයුක්ත වීමට පෙර, මාර්ග ඉදිකිරීම් සහ සංවර්ධන සමාගමේ ජ්‍යෙෂ්ඨ සහකාර ගණකාධිකාරිණී වශයෙන්ද ඇය පළපුරුද්දක් ලබා තිබේ. තවද විශිෂ්ඨ සම්මාන උපරිම ප්‍රමාණයක් ලබා ගනිමින්, මේ දක්වාම අපරාජිත වාර්තාවක් ලෙසින් පවතින අන්තර් මධ්‍ය පරීක්ෂණය සහ අවසාන පරීක්ෂණය සදහා උපරිම සමුච්චිත ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් අනුගාමී වසර දෙකක් ඇතුලත පරීක්ෂණය සම්පූර්න කරමින් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් පවත්වන ලද උපාධි ප්‍රධානෝත්සවයේදී (1997) රන් පදක්කම් තුනක් දිනාගැනීමෙන් බැංකුවේ ප්‍රතිරූපය ඔසවා තබන්නට ඇය සමත් වූවාය.