රංජිත් කොඩිතුවක්කු මහතා, මහජන බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ලෙස 2020 ජූනි මස 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇත. 1982 වසරේදි මහජන බැංකුව හා එක්වූ කොඩිතුවක්කු මහතාගේ අත්දැකීම් පුද්ගල කේන්ද්‍රිය බැංකුකරණය, වාණිජ බැංකුකරණය, ආයතනික බැංකුකරණය, අක්වෙරළ බැංකුකරණය, ශාඛා බැංකුකරණය, ජාත්‍යන්තර බැංකුකරණය, ව්‍යාපෘති අරමුදල් සම්පාදනය, අයකිරීම් සහ ඩිජිටල්කරණය ආදි ක්ෂේත්රයන් රැසක් පුරා විහිදේ. දේශීය හා ජාත්‍යන්තර පුහුණුව හා අත්දැකීම් වලින් පිරි ඔහු විවිධ භුගෝලිය තත්වයන් යටතේ විවිධ මට්ටමින් කටයුතු කිරීම ඔස්සේ ලද පරිචයෙන් පොහොසත්ය. විශේෂයෙන් මහජන බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස ක්ෂේත්රයේ සහ ක්‍රියාකාරකම් ආදේශකරගනිමින් ව්‍යාපාරික අවශ්‍යතා ඩිජිටල් පදනමක් වෙත රැගෙන ඒමට සහ ව්‍යාපාර ක්‍රියාවලින් ප්‍රති සැකසුමට ලක්කිරීමට කිරීමට අවස්ථාව ලැබුනු අතරල එම ක්‍රියාවලිය තුළින් මහජන බැංකුව දෙස් විදෙස් ආයතන රැසක සම්මානයට පාත්රවිය. එමෙන්ම 2009 වසරේදි මානුෂිය මෙහෙයුම නිමවීමෙන් පසු උතුරේ ජනජීවිතය නැවත ගොඩනඟා ඔවුන්ගේ ආර්ථීකය ශක්තිමත් කිරිමේ අරමුණින් මහජන බැංකු ශාඛා නැවත ස්ථාපිත කිරිමේදි ඔහු සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළේය. ඔහු පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී, පීපල්ස් ට්‍රැවල්ස් ලිමිටඩ්, සී/ස ලංකා එලායන්ස් මූල්‍ය සමාගම(බංග්ලාදේශය), සී/ස ලංකා මූල්‍ය ඔම්බුඩ්ස්මන් (ගරන්ටි) ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ ණය තොරතුරු කාර්යාංශය, සීමාසහිත LankaClear (පුද්ගලික), ජාතික ගෙවීම් කවුන්සිලය, ශ්‍රී ලංකා බැංකු සංගමය (ඇපකරය), ලංකා මූල්‍ය සේවා කාර්යාංශය සහ ශ්‍රී ලංකාවේ බැංකුකරුවන්ගේ ආයතනයන් හිි අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරයි. ඒ මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනපති (මූල්‍ය - විශේෂ) උපාධිධරයෙකු වන අතර එක්සත් රාජධානියේ නිව් බර්කින්ග්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳව ගෞරව උපාධිධාරියෙකුද වේ. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයෙහි සහකාර සාමාජිකයෙක් සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහතික ලත් සාමාජිකයෙකි..
සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගල කේන්ද්‍රීය බැංකුකරණය (වත්කම් නිමයුම් )