- ශ්‍රී ලංකාවේ පුරවැසියන්
- ව්‍යාපාරික ක්‍රියාකාරකම් වලින් ප්‍රමාණවත් අතිරික්තයක් ජනනය කරන සමාගම් හා ආයතන
නවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
Rates not available අනුපාත වැඩිදුරටත් තැන්පතු අනුපාතනවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
Rates not available අනුපාත වැඩිදුරටත් තැන්පතු අනුපාත* කොන්දේසිඅදාල වේ
සෑම ව්‍යාපාරයකටම ඒවාට ආවේණික ලක්ෂණ ඇති බව අපි දනිමු. ඔබගේ විවිධාකාර වූ අවශ්‍යතාව වලට ගැළපෙන පරිදි අපගේ ව්‍යාපාරික ණය සේවාවන් සැලසුම් කිරීමට අප පියවර ගෙන ඇත්තේ එහෙයිනි. ඔබගේ ව්‍යාපාරයේ අවශ්‍යතා නිවැරදිව වටහාගෙන, ඒ සඳහා විශේෂයෙන් සැකසූ විසඳුම් ලබාදීමේ හැකියාව අප සතු ය. ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන ගෙවීම් කිරීමේ හා භාරගැනීමේ ක්‍රම, මුදල් ගලනය කළමනාකරණය, ණය සේවාවන් ඇතුළු බොහෝ දේ සම්බන්ධයෙන් හොඳම විසඳුම් ඔබට ලබාදීමට අපි සූදානමින් සිටින්නෙමු. ඔබට අවශ්‍ය මගපෙන්වීම් ලබාදෙමින් ඔබගේ එදිනෙදා බැංකු කටයුතු පහසු කරවීමට අවශ්‍ය සහය හා මගපෙන්වීම් ලබාදීමට අපගේ ව්‍යාපාරික බැංකුකරණ ඒකකය සූදානමින් සිටී.
1) කාලසීමා ණය
ඔබගේ අවශ්‍යතාව අනුව නම්‍යශීලී සහ පහසු ආපසු ගෙවීම් ක්‍රම යටතේ ව්‍යාපාර ණයක් ලබාගත හැක. මේ අනුව වාණිජ, කෘෂිකාර්මික, කර්මාන්ත සහ සංචාරක වැනි ක්ෂේත්‍ර සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන ණය ලබාගත හැකි වේ.
2) බැංකු අයිරා
ජංගම ගිණුම් ශේෂය අවසන් වූ විට ඔබට ණය දීර්ඝ කිරීමක් ලෙස බැංකු අයිරා ලබාගැනීමේ හැකියාව පවතී. බැංකු අයිරා පහසුකම් යටතේ කෙනෙකුට ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් නොමැති වූ විට පවා පෙර එකඟ වූ සීමාවක් දක්වා මුදල් ලබාගත හැකි අතර මෙය තාවකාලික හෝ නිත්‍ය එකඟතාවක් විය හැක.
3) බැංකු සහතික
විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වල අවශ්‍යතා අනුව, පාරිභෝගිකයා කැමති තුන්වන පාර්ශ්ව වලට විවිධ බැංකු සහතික (General Letter of Guarantees, Bid Bonds, Performance Bonds, Advance Payment Bonds) ලබාදීම සිදුකෙරේ.
4) බිල්පත් වට්ටම් කිරීම
පාරිභෝගිකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ක්ෂණික ණය ලබාදෙමින් කල්පිරීමේ දිනට පෙර බිල්පත් වට්ටම් කිරීම
5) මුදල් ආන්තික පහසුකම්
ව්‍යාපාරික අවශ්‍යතා සඳහා ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු සහ ඉතුරුම් සහතික වල ශේෂයන් ඇපයට තබා, නිත්‍ය වාරික වශයෙන් හෝ හැකියාව ලැබුණු විට ආපසු ගෙවීමේ පදනම මත ණය පහසුකම් ලබාදීමේ හැකියාව සලකා බැලේ.
ලබාදෙන ණය මුදල කෙතරම්ද යන්න පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන්, අරමුණු, ආපසු ගෙවීමේ හැකියාව සහ තබන ඇපයන් අනුව තීරණය වනු ඇත.
පාරිභෝගිකයා ගේ අවශ්‍යතා හා අරමුණු අනුව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන වශයෙන් නම්‍යශීලී ආපසු ගෙවීම් කාලයන් ලබා දේ.
පවතින වෙළඳපොළ අනුපාත අනුව සහ, පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව ස්ථාවර හෝ විචල්‍ය අනුපාත සමග ආකර්ෂණීය පොලී අනුපාත හිමි වේ.
අත්තිකාරම් පිළිබඳ පොලී අනුපාත
විරාජිනී මුණසිංහ මහත්මිය
ප්‍රධාන කළමනාකාරිනී - ව්‍යාපාර බැංකුකරණ
දුරකථන - 011-2481585
ෆැක්ස් - 011-2341295
ඊමේල් - virajini@peoplesbank.lk
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි