නවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
Rates not available අනුපාත වැඩිදුරටත් තැන්පතු අනුපාතනවතම පොලී අනුපාත
නවතම විනිමය අනුපාත
Rates not available අනුපාත වැඩිදුරටත් තැන්පතු අනුපාත* කොන්දේසිඅදාල වේ
පීපල්ස් විස් ගිණුම යනු ගිණුම් විවෘත කිරීමේ සාම්ප්‍රදායික ක්‍රියාවලිය වෙනුවට යොදා ගත හැකි කඩදාසි රහිත ඩිජිටල් විසඳුමකි. පීපල්ස් විස් ගිණුම් ක්‍රමය ඔබගේ නිවසේ, කාර්යාලයේ හෝ ඕනෑ ම තැනක සිට ඉතා පහසුවෙන් ගිණුමක් විවෘත කිරීමේ හැකියාව ඔබ වෙත පිරිනමයි. ටැබ්ලට් පරිගණකවල භාවිත කළ හැකි වැඩි දියුණු මෘදුකාංග මෙවලමක් මගින් බල ගැන්වෙන පීපල්ස් විස් ගිණුම් ක්‍රමය වේගවත් සහ කරදර හිරිහැරවලින් තොර ගිණුම්කරණ අත්දැකීමකි. පීපල්ස් විස් ගිණුම්වල තිබෙන ශීඝ්‍ර බැංකුකරණ අංගය විස්තීර්ණ ලියකියවිලි සහ ඡුායාරූප සහ KYC ලියකියවිලි පිටපත් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව තුරන් කර දමයි. ඒ වෙනුවට මහජන බැංකුවේ ඩිජිටල් නියෝජිතයා ඔබට පහසු තැනකට පැමිණ ටැබ්ලට් පරිගණකයක ආධාරයෙන් ඔබගේ ඡුායාරූපයක් ගෙන මහජන බැංකුවේ ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය කරන ලියකියවිලි ස්කෑන් කර ගනියි.
ඔබට ලබා ගත හැක්කේ මොනවා ද?
පීපල්ස් විස් ගිණුම් ක්‍රමය ඔස්සේ ගිණුමක් විවෘත කළ විට ඔබට විවිධ බැංකුකරණ සේවාවන් රැසක් භුක්ති විඳිය හැකි ය:
විශේෂාංග
විශේෂ ප්රතිලාභ
දැනට මත් ස්කෑන් කර ලියාපදිංචි කර තිබෙන ඔබගේ ඡුායාරූපය, අනන්‍යතා තොරතුරු, අත්සන සහ සහායක ලියකියවිලි පදනම් කර ගෙන ඔබගේ ගිණුමට ඉහළ ම සුරක්ෂිතතාවක් සම්පාදනය කරයි. දැන් ඔබට ජාලයේ ඕනෑ ම තැනක සිට ඔබගේ ගිණුමට ප්‍රවේශ වීමේ පහසුකම භුක්ති විඳිය හැකි ය.
මහජන බැංකු ප්‍රධාන කාර්යාලය, අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
© 2018 මහජන බැංකුව. සියලුම හිමිකම් ඇවිරිණි