වත්මන් අනුපාත

ස්ථාවර තැන්පතු අනුපාතය - මාස 3යිව සරකට
ණය අනුපාතිකය - නිවාස

12.5% - 14.5% p.a

ණය අනුපාතිකය - පුද්ගලික ණය

12.5% - 14.5% p.a

උකස් අනුපාතිකය

* කොන්දේසිඅදාල වේ

රාජ්‍ය බැංකුවක් වශයෙන් සහ ශ්‍රී ලංකාවේ විශාලතම ශාඛා ජාලය සතු බැංකුව වශයෙන් ඔබ විසින් එවනු ලබන මුදල් වලට උපරිම ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කරමින් ප්‍රතිලාභීන් වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම අපි සහතික කරන්නෙමු.

ඔබ දහදිය මහන්සියෙන් ඉපයූ මුදල් ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබගේ ආදරණීයයන් වෙත යැවීමට හොඳම සේවාවන් ලබාදෙන්නේ මහජන බැංකුවයි...

ලොව පුරා බැංකු සහ ප්‍රේෂණ නියෝජිත සමාගම් වෙතින් එවනු ලබන මුදල් සම්බන්ධයෙන් කටයුතු කරනුයේ අපගේ ආමුඛ ප්‍රේෂණ අංශයයි. මෙම සේවාවන් සම්බන්ධයෙන් ඔබට මතුවන ඕනෑම ගැටලුවකදී සහය වීමට අපගේ සුහදශීලී හා කාර්යක්ෂම කාර්ය මණ්ඩලය සූදානමින් සිටී.

ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා පහත සඳහන් ක්‍රම අතරින් ඔබ කැමති ක්‍රමයක් තෝරාගත හැක.

ප්‍රේෂණ එවීමේ ක්‍රම
  • පීපල්ස් ඊ රෙමිටන්ස් සේවාව
  • පීපල්ස් ඉන්ස්ටන්ට් රෙමිට් සේවාව
  • ස්විෆ්ට් මගින් මුදල් හුවමාරුව
  • වෙස්ටන් යුනියන් සේවාව
    මුදල් එවීමේ/ලබාගැනීමේ ක්‍රම
    • මහජන බැංකුවේ ගිණුමකට බැර කිරීම
    • වෙනත් ඕනෑම බැංකුවක ගිණුමකට බැර කිරීම
    • මුදල් වශයෙන් ලබාගැනීම (B2B) (Cash Pickup)

     

    මහජන බැංකුවේ ගිණුමක් නොමැති ගනුදෙනුකරුවන් වෙනුවෙන් “CASHPICKUP”(B2B) නමින් නව ක්‍රමයක් හඳුන්වා දීමට මහජන බැංකුව කටයුතු කර තිබේ. මෙම ක්‍රමය භාවිතා කිරීමේදී මුදල් ලබාගන්නා තැනැත්තාට, වලංගු හැඳුනුම්පතක් සමග අදාළ යොමු අංකය (PIN අංකය) ඉදිරිපත් කර ඕනෑම මහජන බැංකු ශාඛාවකින් මුදල් ලබාගත හැකි වේ.

    මෙම යොමු අංකය මුදල් ප්‍රේෂණය කරන බැංකුවේ හෝ ප්‍රේෂණ නියෝජිත සමාගමේ ගනුදෙනු යොමු අංකය වන අතර මෙය බැංකුවෙන් බැංකුවට/සමාගමෙන් සමාගමට වෙනස් වනු ඇත. මෙම අංක වල ඉලක්කම් සහ අකුරු ඇතුළත් වේ.

    මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) සේවාව

    People's Remittance නවීනතම තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය භාවිතයෙන් ඉතා කෙටි කාලයක් ඇතුළත විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) සේවාව හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ට වඩාත් පහසු, ඉක්මන් හා තාක්ෂණික අතින් ඉහළ සේවාවක් ලබාදීම මෙහි අරමුණ වී ඇත.

    මහජන බැංකුවේ ප්‍රේෂණ නියෝජිත ආයතන හරහා මෙම සේවාව භාවිතා කරමින් ශ්‍රී ලංකාවට මුදල් එවිය හැකි වේ. දැනට මෙම සේවාව ලබාගත හැකි නියෝජිත ආයතන පහත දක්වා ඇත.

     

    මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) නියෝජිත ආයතන

    මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) සේවාව ඔස්සේ සුරක්ෂිත වෙබ් අඩවියක් හරහා පහසු හා ලාභදායී ලෙස මුදල් යැවිය හැකි වේ. අතිනවීන තාක්ෂණය භාවිතා වන සහ ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම සේවාව මගින් ගනුදෙනු වලට වැයවන කාලය බෙහෙවින් අවම වන නිසා එය ඉතාමත් කාර්යක්ෂම සේවාවක් ලෙස හැඳින්විය හැක.

    • ඕස්ට්‍රේලියාව
      Kapruka (Pvt) Ltd.
    • බහරේන්
      Zenj Exchange
    • ඊශ්‍රායලය
      • Tifco Logistics & Trade Ltd.
      • Unigiros Ltd.
    • සවුදි අරාබිය
      • Alamoudi Exchange
      • National Commercial Bank (NCB)
    • කුවේට්
      • Al Mulla International Exchange Co. W.L.L.
      • Al Muzaini Exchange Company
      • Bahrain Exchange Company W L L
      • City International Exchange W.L.L.
      • Dollarco Exchange Co. Ltd.
      • International Financial Line (FILCO)
      • Joy Alukkas Exchange
      • Kuwait Bahrain Internatioal Ex. Co. KSC
      • National Money Exchange Co
      • UAE Exchange Centre W.L.L.
    • කටාර්
      • Al Dar For Exchange Works
      • Al Fardan Exchange Co. L.L.C.
      • Al Sadd Exchange
      • Alzaman Exchange Company.
      • City Exchange Company
      • Gulf Exchange Company
      • Habib Qatar International Exchange Ltd.
      • Islamic Exchange Company W.L.L
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යය
      • Al Ahalia Exchange Company
      • Al Ansari Exchange
      • Al Rostamani Exchange Co. LTD
      • Joy Alukkas Exchange
      • UAE Exchange Centre L.L.C.
      • Wall Street Exchange Centre W.L.L.
    • ඕමාන්
      • Asia Express Exchange
      • Oman & UAE Exchange Centre
    මුදල් යවන ආකාරය
    • මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරන බැංකුවක් හෝ විදේශ විනිමය ආයතනයක් වෙත යන්න​.
    • මහජන බැංකුවට මුදල් යැවීමට අවශ්‍ය බව එම බැංකුවට/ආයතනයට දැනුම් දෙන්න
    • මුදල් ලබන්නාගේ තොරතුරු නිවරැදිව සපයන්න​.
      • මුදල් ලබන්නාගේ සම්පූර්ණ නම හෝ මුලකුරු සමග නම
      • සම්පූර්ණ ගිණුම් අංකය (උදා: මහජන බැංකුවේ අංක 15 කින් යුත් ගිණුම් අංකය)
      • බැංකුව සහ ශාඛාවේ නම (වෙනත් බැංකු වල ගිණුම් වලටද මුදල් යැවිය හැක)
      • මුදල් ලබන්නාගේ හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය (ඇත්නම්)
      • මුදල් ලබන්නාට ගිණුමක් නොමැති වුවද මුදල් යැවීමේ හැකියාව ඇත. ඒ සඳහ හැඳුනුම්පත් අංකය, සම්පූර්ණ නම සහ දුරකථන අංකයක් ලබාදෙන්න.

     

    වැඩි විස්තර සඳහා අමතන්න:

    විමසීම් සහ ප්‍රේෂණ තොරතුරු

    කළමනාකරු ආමුඛ ප්‍රේෂණ සහ විමසීම් (OCS)
    දුරකථන : +94 112438395 , +94 112437985
    ඊමේල් : teletran@peoplesbank.lk

    මහජන බැංකුවේ ඉන්ස්ටන්ට් රෙමිටන්ස් සේවාව (‘People's Instant Remit’)

    People's Instant Remit
    ක්ෂණික/අන්තර්ජාල ප්‍රේෂණ සේවාවක් ලෙස මහජන බැංකුව ‘People's Instant Remit’ හඳුන්වා දී තිබේ.

    සේවාවේ විශේෂ ගුණාංග
    • මහජන බැංකුවේ ගිණුම් වලට එසැණින් ක්ෂණිකව/අන්තර්ජාලය ඔස්සේ මුදල් බැරවීම
    • මහජන බැංකුවේ ඕනෑම ශාඛාවක කවුන්ටරයෙන් මුදල් ලබාගත හැකිවන ආකාරයටද මුදල් යැවිය හැකි වීම
    • මුදල් යවන්නාට සහ ලබන්නාට කෙටි පණිවිඩයක් මගින් දැනුම්දීම් සිදුකිරීම
    • නියෝජිත ආයතන වෙත ක්ෂණිකව, ආමුඛ ප්‍රේෂණයේ ස්වභාවය පණිවිඩයක් මගින් දැනුම් දීම

    මහජන බැංකුවේ පහත සඳහන් Vostro නියෝජිතයන් වෙතින් මෙම සේවාව ලබාගත හැකි වේ.

    ලොව පුරා
    • TransFast Remittance LLC
    • UAE Exchange Centre
    • U Remit
    • XPress Money
    ඉතාලි
    • National Exchange Company
    • Bahrain Exchange Company
    කටාර්
    • Al Dar For Exchange Works
    • Arabian Exchange
    එක්සත් අරාබි එමීර් රාජ්‍යය
    • Al Ansari Excahnge
    • Index Exchange LLC
    කුවේට්
    • Al Mulla International Exchange
    • Bahrain Exchange Company
    SWIFT මුදල් හුවමාරු

    SWIFT
    SWIFT සේවාව මගින් ඔබට සුරක්ෂිතව ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවට මුදල් එවිය හැකි වේ.

    මුදල් එවන ආකාරය
    • ඔබ මුදල් එවීමට කටයුතු කරන බැංකුව හෝ හුවමාරු සමාගම වෙත යන්න.
    • මහජන බැංකුවට මුදල් යවන ලෙස එම බැංකුවට/සමාගමට උපදෙස් දෙන්න
    • මහජන බැංකුවේ SWIFT කේතය ලෙස PSBKLKLX කේතය ලබාදෙන්න
    • මුදල් ලබන්නාගේ තොරතුරු ලබාදෙන්න
      • මුදල් ලබන්නාගේ සම්පූර්ණ නම හෝ මුලකුරු සමග නම
      • සම්පූර්ණ ගිණුම් අංකය (උදා: මහජන බැංකුවේ අංක 15 කින් යුත් ගිණුම් අංකය)
      • බැංකුව සහ ශාඛාවේ නම (වෙනත් බැංකු වල ගිණුම් වලටද මුදල් යැවිය හැක)
      • මුදල් ලබන්නාගේ හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය (ඇත්නම්)
      • මුදල් ලබන්නාට ගිණුමක් නොමැති වුවද මුදල් යැවීමේ හැකියාව ඇත. ඒ සඳහ හැඳුනුම්පත් අංකය, සම්පූර්ණ නම සහ දුරකථන අංකයක් ලබාදෙන්න.
    වැඩි විස්තර සඳහා අමතන්න:

    කළමනාකරු - ආමුඛ ප්‍රේෂණ සහ විමසීම් (OCS)
    දුරකථන : +94 112438395 , +94 112437985
    ඊමේල් : teletran@peoplesbank.lk

    වෙස්ටර්න් යුනියන් සේවාව
    Western Union
    • ලෝකයේ ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවට පහසුවෙන් මුදල් එවීම සඳහා ඔබට වෙස්ටර්න් යුනියන් සේවාව භාවිතා කළ හැක.
    • වෙස්ටර්න් යුනියන් සේවාවේ ප්‍රධාන නියෝජිතයා ලෙස, දිවයින පුරා විසිරුණු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 700 කට වැඩි ගණනක් ඔස්සේ ඔබට පහසුවෙන් හා ඉක්මනින් මුදල් ලබාගැනීමේ අවස්ථාව ලබාදීම අපගේ අරමුණයි.
    • ක්ෂණික ඇමතුම් අංකය : 0094 11 2386922
    top