රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ අධිසාමාජිකයෙකු වන සුදර්ශන් අහංගම මහතා පසුගිය වසර 15 පුරා MAS Holdings ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ධුරය මෙන්ම එහි සමූහ මූල්‍ය අධ්‍යක්ෂක ධුරය දරා ඇත. එහිදී, ගෝලීය කලාප රාශියක් ආවරණය කරමින් විදෙස් රටවල් 17 ක මූල්‍ය කටයුතු පිලිබඳ වගකීම් දරා ඇති ඒ මහතා, සමාගම් අනුබද්ධ කිරීම් සහ සමාගම් අත්පත් කර ගැනීම්, දේශ සීමා හරහා සිදු කෙරෙන ගනුදෙනු, නව ව්‍යවසායකයන් සඳහා ප්රාග්ධනය ආයෝජන, සමාගම් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම් සම්බන්ධයෙන් ද කටයුතු කර ඇත. MAS Holdings ආයතනය හා සම්බන්ධ වීමට පෙර, John Keells Stock Brokers සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක ධුරය දැරූ සුදර්ශන් අහංගම මහතා එම සමාගමේ මූල්‍ය සේවා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු සමගම සම්බන්ද වී සිටියේය. ඊට අමතරව John Keells සමාගමේ මෘදුකාංග ස්ථාපිත කිරීම් කටයුතු බාහිර ආයතන හරහා සිදු කර වීමේ වගකීම ද ඒ මහතාට පැවරී තිබිණි.