සාමාන්‍යයෙන් අසනු ලබන ප්‍රශ්න
1. ගිණුමක් විවෘත කල හැක්කේ කෙසේද?
- ගිණුම විවෘත කිරීම සඳහා පරක් ථමයෙන් අත්සන සහිතව නිසිපරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත භාරදිය යුතුය.
- පුද්ගල අනන්යයතාව තහවුරු කිරීම පිණිස පහත සඳහන් ලේඛණ අතරින් එකක් ඉදිරිපත් කල යුතුය.
- ජාතික හැඳුනුම්පත
- විදෙස් ගමන් බලපත්‍රය
- රියදුරු බලපත්‍රය
- ජ්යෙුෂ්ඨ පුරවැසි හැඳුනුම්පත (ජා.හැ.අංකය සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ)
- ගණුදෙනුකරු විසින් ගිණුම් විවෘත කිරීම සඳහා ලබා දෙනු ලැබූ අයදුම්පතෙහි සඳහන් ලිපිනය, හැඳුනුම්පතෙහි සඳහන් ලිපිනය ලියකියවිලි වල ලිපිනයට වඩා වෙනස් වන්නේනම් පහත සඳහන් කවර හෝ ලියවිල්ලක් භාවිතා කරමින් අයදුම්පතෙහි සඳහන් ලිපිනය තහවුරු කර ගැනීමට කටයුතු කල යුතුය.
- උපයෝගිතා බිල්පත් (මාස 03 කට වඩා පැරණි)
- බදු තක්සේරු වාර්තා
- බැංකු ප්‍රකාශන
- ග්‍රාම නිලධාරි සහතිකය
2. පාස්පොත නැති වූ විට
- පාස්පොත නැතිවූ වහාම ඒ බව බැංකුව දැනුවත් කල යුතුය.
- නැතිවූ පාස්පොත වෙනුවෙන් අළුත් අංකයක් යටතේ විවෘත කරන ලද නව ගිණුමකට ශේෂය මාරුකොට නව පාස්පොත නිකුත් කරනු ලැබේ. ඒ සඳහා පහත සඳහන් ලියවිලි සම්පූර්ණ කර ගත යුතුය. µමම ලියවිලි බැංකු ශාඛාවෙන් ලබාගත හැක.
- සහතික කරන ලද වන්දි ලිපියක්
- සාමදාන විනිශ්චයකාර / දිවුරුම් කොමසාරිස් / නීතිඥවරයෙකු විසින් සහතික කරන ලද දිවුරුම් පරnt කාශය
3. පුද්ගල ණය අයදුම් කල හැක්කේ කෙසේද? සහ ලබාදිය යුතු ලිපි ලේඛණ මොනවාද?
ඔබගේ ස්ථිර පදිංචි ස්ථානයට හෝ සේවා ස්ථානයට හෝ ආසන්නම මහජන බැංකු ශාඛාව වෙතින් ණය අයදුම්පත් ලබාගත හැක. එහිදි,
- පාස්පොත නැතිවූ වහාම ඒ බව බැංකුව දැනුවත් කල යුතුය.
- නැතිවූ පාස්පොත වෙනුවෙන් අළුත් අංකයක් යටතේ විවෘත කරන ලද නව ගිණුමකට ශේෂය මාරුකොට නව පාස්පොත නිකුත් කරනු ලැබේ. ඒ සඳහා පහත සඳහන් ලියවිලි සම්පූර්ණ කර ගත යුතුය. µමම ලියවිලි බැංකු ශාඛාවෙන් ලබාගත හැක.
- සහතික කරන ලද වන්දි ලිපියක්
- සාමදාන විනිශ්චයකාර / දිවුරුම් කොමසාරිස් / නීතිඥවරයෙකු විසින් සහතික කරන ලද දිවුරුම් පරnt කාශය
4. ඉතුරුම් ගිණුමක රඳවා ගත යුතු අවම ශේෂය කොපමණද ?
5.බාල වයස් ගිණුමක් විවෘත කල හැක්කේ කෙසේද?
- දෙමාපියන් හෝ භාරකරුවන් අයදුම්පත දරුවා වෙනුවෙන් සම්පූර්ණ කර භාරදිය යුතුය.
- උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය්යම වේ.
6. අක්‍රිය ගණයේ පවතින ගිණුම ක්‍රියාකාරී ගණයට මාරු කල හැකිද?
7. දවසකට ගත හැකි මුදල් ප්‍රමාණය සීමා කර ඇත්ද?
අන්තර්ජාල බැංකුකරණය පිලිබදව අසනු ලබන ප්‍රශ්න
1. සේවාවන් සඳහා පිවිසීම
අන්තර්ජාල බැංකු පහසුකම සඳහා පිවිසීම (People's Web)
- මහජන බැංකු වෙබ් අඩවියට (www.peoplesbank.lk) පිවිස “Online Banking” icon මත Click කර Internet Banking icon මත Click කිරීමෙන් People's Web පහසුකම වෙත ප්‍රවේශ විය හැක.
ජංගම දුරකථන බැංකු පහසුකම (People's Web) වෙත පිවිසීම
- ස්මාට් ජංගම දුරකථනය Android නම් Play Store වෙතින්ද (Version 4.4 හෝ ඉහළ), Apple (ISO) නම් Apps store වෙතින්ද (Version 8.0 හෝ ඉහළ) Huawei නම් App Galary වෙතින්ද download කර ජංගම දුරකථනයේ (Install) ස්ථාපනය කර ගත යුතුය.
2. OTP යනු කුමක්ද?
- OTP යනු එක් වරක් පමණක් ජනනය වන මුරපදයයි. මෙම මුරපදය ඔබ බැංකුව සමග ලියාපදිංචි වී ඇති ජංගම දුරකථන අංකයට හෝ විද්‍යුත් ලිපිනයට ලැබෙනු ඇත.
3. Phishing Image යනු කුමක්ද?
- තිරය මත දිස්වන පින්තූරය (Phishing Image) ඔබේ අන්තර්ජාල බැංකු පහසුකම වෙත අනවසරයෙන් ඇතුළු වීම වලක්වනු ලැබේ. ලියාපදිංචි වන අවස්ථාවේදී තිරය මත දිස්වන පින්තූර අතරින් එකක් ඔබගේ අභිමතය පරිදි තෝරා ගත යුතුය. ඔබගේ මුරපදය අමතක වූ අවස්ථාවකදී µමය භාවිතා කළ යුතුය.
What is the Phishing phase?
- Phishing phase should enter at the registration which contains not less than 08 and not more than 40 digits at the discretion of the customer.
5. මුරපදය ඇතුලත් කර ගන්නේ කෙසේද?
- මුරවචනය අවම වශයෙන් සංකේතයන් 8 කින් සමන්විත විය යුතු අතර උපරිමය 12කි. අවම වශයෙන් ඉංග්‍රීසි කැපිටල් අකුරක්, සිම්පල් අකුරක්, විශේෂ සංකේතයක් හා ඉලක්කමෙන් අන්තර්ගත විය යුතුය
6. පරිශීලක නාමය ඇතූළත් කර ගන්නේ කෙසේද?
- පරිශීලක නාමය තුළ ඉංග්‍රීසි අක්ෂර සහ ඉලක්කන් අවම 3ක් හා උපරිමය 12ක් අතර ප්‍රමාණයකින් සකසා ගත යුතුය. කරුණාකර වඩාත් පොදු පරිශීලක නාමයන් යෙදීµමන් වලකින්න. උදා: SHEHAN
7.ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය
- ගිණුම් වර්ගය තෝරා ගිණුම් අංකය ඇතුළත් කරන්න
- හැඳුනුම්පත් වර්ගය තෝරා හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ යුතුය.
- තිරය මත දිස්වන කොන්දේසි හා නියමයන්ට එකග වීම හෝ නොවීම.
- තිරයේ දිස්වන පින්තූර Phishing Image අතරින් එකක් තෝරා ගත යුතුය. ඒ අතර පෞද්ගලික වැකියක් Phishing Phrase ඇතුළත් කළ යුතුය.
- මුරපදියක් ඇතුළත් කිරීම හා එසේ ලබා දුන් මුරපදය තහවුරු කිරීම සඳහා නැවත මුරපදය ඇතුළත් කිරීම
- Access level - Inquiry /Full ලෙස අවශ්‍ය පරිදි තෝරා ගත යුතුය.
- එක් වරක් පමණක් ජනනය වන මුරපදය OTP ලබා ගැනීමේ මාධ්‍ය SMS/Email ලෙස තෝරා ගත යුතුය.
- Request OTP මත Click කරන්න.
- SMS හෝ Email මගින් ලැබෙන OTP පද්ධතියේ OTP ලෙස සඳහන් ස්ථානයෙහි සටහන් කර Continue Click කළ යුතුය.
- ලියාපදිංචිය සාර්ථක වීම/නොවීම පිළිබඳ දැනුම්දීමක් ගනුදෙනුකරු වෙත ලැබේ.
8.මෙම පහසුකම සඳහා ගාස්තුවක් අය කරයිද?
- පළමු මාස 06 සඳහා ගාස්තු අය නොකරන අතර ඉන්පසු රු.25/-ක මාසික සේවා ගාස්තුවක් අය කරයි
9. මුරපදය වෙනස් කර ගන්නේ කෙසේද?
- ජංගම හා අන්තර්ජාල බැංකු පහසුකම තූල ඇති settings වෙත ගොස් මුරපදය වෙනස් කිරීම සිදු කළ හැකිය
10.පරිශීලක නාමය අමතක වු විට කුමක් කළ යුතුද?
- 1961 හෝ +94112031001 (එතෙර ගනුදෙනුකරුවන් සඳහා) (24 x 7) ඇමතීම හෝ ළගම ශාඛාව වෙත පිවිසෙන්න.
11.මුරපදය අමතක වූ විට කළ යුත්තේ කුමක්ද?
- ජංගම/අන්තර්ජාල බැංකු පහසුකම සඳහා පර(ය වේශ වීමේ තිරයේ ඇති “Forgot Password” වෙත පිවිසී නව මුරපදයක් ඇතුළත් කළ හැකිය.
12.මුරපදය නැති වූ විට කුමක් කළ යුතුද?
- ජංගම/අන්තර්ජාල බැංකු පහසුකම සඳහා පරෙර වේශ වීමේ තිරයේ ඇති “Forgot Password” වෙත ගොස් නව මුරපදයක් ඇතුළත් කර ගැනීම කළ හැකිය හෝ
- 1961 හෝ +94112031001 (එතෙර ගනුදෙනුකරුවන් සඳහා) (24 x 7) මගින් ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථානය(Call Centre) වෙත අමතන්න.
13. විද්‍යුත් ප්‍රකාශන (E. statement) ලබා ගන්නේ කෙසේද?
- ඔබේ විද්‍යුත් ප්රකාශනය (E. statement) විද්‍යුත් බැංකු පහසුකම මගින් පහත පියවරයන් යටතේ ලබාගත හැකිය. HOME > ACCOUNT SERVICES >ACCOUNT SUMMARY > ACCOUNT DETAILS> TRANSACTION PERIOD AND DOWNLOAD> FIND THE STATEMENT IN THE MY FOLDER
14.මුදල් හුවමාරුව සඳහා යම්කිසි සීමාවක් පවතීද?
- තමාගේ ගිණුම් අතරේ මුදල් හුවමාරුව සඳහා කිසිදු සීමාවක් නොමැත.
- 2020 දෙසැම්බර් මාසයට පසුව මෙම පහසුකම සඳහා ලියාපදිංචි අයෙක් නම් මහජන බැංකු තෙවන පාර්ශව, වෙනත් බැංකු වෙත හා බිල් ගෙවීම් සඳහා ගනුදෙනු සීමාව දිනකට රු.100,000/- වේ.
- ගනුදෙනු සීමාව ඉහල නංවා ගැනීම සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත හා පාස්පොත ඇතිව ළගම මහජන බැංකු ශාඛාව වෙත පිවිසෙන්න.
15. මෙම අන්තර්ජාල පහසුකම අක්‍රිය කරන්නේ නම් කල යුත්තේ කෙසේද?
- 1961 හෝ +94112031001 (එතෙර ගනුදෙනුකරුවන් සඳහා) (24 x 7) ඇමතීම හෝ ළගම ශාඛාව වෙත පිවිසීම මගින්