සංවර්ධන
ණය

කප්රුක අයෝජන ණය

කප්රුක අයෝජන ණය යෝජනා ක්‍රමය පොල් ඉඩම් සංවර්ධනය සඳහා ආයෝජන ප්‍රාග්ධනය සැපයීම සඳහා මහජන බැංකුව සමඟ එක්ව පොල් වගා කිරීමේ මණ්ඩලය (CCB) විසින් පවත්වනු ලබන සහනදායී මූල්‍ය ආධාර සේවාවකි. මෙම ණය යෝජනා ක්‍රමය හරහා සංවර්ධන කාණ්ඩ 10ක් යටතේ සහනදායී කොන්දේසි යටතේ පොල් වගාකරුවන්ට මූල්‍ය ආධාර සහ තාක්ෂණික උපදේශන සේවා ලබා දේ. මෙම ප්‍රතිපාදන සේවාවේ මූලික පරමාර්ථය වන්නේ පොල් ඉඩම් සමස්ථ ගොවිපල ඒකක ලෙස සංවර්ධනය කිරීමට පහසුකම් සැලසීම වන අතර, එහිදී ඒකාබද්ධ ගොවිතැන් ක්‍රම මගින් ඉහළ ඵලදායිතාවයක් සහ නිෂ්පාදනයක් ලබා ගැනීමට දිරිමත් කරනු ලැබේ.

විශේෂාංග

මෙහෙයුම් කලාප

  • සියලුම දිස්ත්‍රික්ක

පොලී අනුපාතය

  • වාර්ෂිකව 8%

උපරිම මුදල

  • රු.මි.2.0

ඇප

  • බැංකුවට පිළිගත හැකි පුද්ගලික ඇපකරුවන් දෙදෙනෙකු සහ, චංචල හෝ නිශ්චල දේපලක් මත උකස්

සුදුසුකම්

ණය ලබා දෙන ක්ෂේත්‍ර

  • පොල් නැවත වගාව සහ අතුරු වගාව
  • පොල් වගාබිම් පුනරුත්ථාපනය සහ අතුරු වගාව
  • පොල් වගාව හා සම්බන්ධ විශේෂ ව්‍යාපෘති
  • පොල් පමණක් වගා කිරීම
  • වෑස්සුම් ජල සම්පාදන ක්‍රමය ඇතිකිරීම
  • ජලනල ජල සම්පාදන ක්‍රමය ඇතිකිරීම
  • පොල් අතුරු වගාව සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර
  • තවාන් ඇතිකිරීම
  • පොල් වගාබිම් වල ගවයින්, බැටළුවන්, එළුවන් ඇතිකිරීම

ප්‍රධාන තොරතුරු ලේඛනය


අමතන්න

  • අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව.
  • සම්බන්ධතා අංකය : 0112481461, 0112382346
  • ඊමේල් ලිපිනය : info@peoplesbank.lk
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

Skip to content