අපගේ ආයතනික බැංකු සේවා මගින් ව්‍යාපාරික අංශයට අවශ්‍ය මූල්‍ය සේවාවන් රාශියක් පිරිනමනු ලබයි. අපගේ සේවාදායකයන් අතරට දේශීය හා විදේශීය පෞද්ගලික සමාගම් මෙන්ම ක්ෂේත්‍ර රාශියකට අදාළ රජයේ ආයතනද ඇතුළත් වී ඇත.
මෙම සියලු සමාගම් හා ආයතන සඳහා අප සේවය සලසන්නේ දීර්ඝකාලීනව සමීප සම්බන්ධතා ගොඩනංවා ගනිමිනි. මේ ඔස්සේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමේ පටන් ව්‍යාපෘති මූල්‍ය සම්පාදනය, වෙළඳ කටයුතු සඳහා මූල්‍ය සම්පාදනය, ව්‍යුහාත්මක විසඳුම්, සාමූහික ණය, ආයතනික මූල්‍ය සේවා සහ අපගේ ආයෝජන බැංකුකරණ අංශය ඔස්සේ ප්‍රාග්ධන හා ණය සම්පාදනය වැනි සේවාවන් රැසක් අපගේ සේවාදායකයන් වෙත හිමි වේ.
සම්බන්ධතා තොරතුරු
ආයතනික බැංකු අංශයට සම්බන්ධිත විවිධ වූ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නිරත ගණුදෙනුකාර ප්‍රජාව වෙත ඔවුන්ගේ සියලු මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන්ම නිර්මාණය වූ මූල්‍ය පහසුකම් කළඹකින් මෙම අංශය සමන්විත වේ. දිනෙන් දින වෙනස් වන්නා වූ ව්‍යාපාරික පරිසරයේ පැන නැගෙන කාලීන ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් අපගේ වටිනා ගණුදෙනුකරුවන් හට අවැසි මූල්‍ය සේවා නිසි ලෙස ලබා දෙමින් විශිෂ්ට වූ ගණුදෙනුකාර සේවාවක් සැපයීමට අභිප්‍රේරණය වූ කණ්ඩායමකින් හා එම සේවා සැපයීම සඳහාම වූ බැංකු නිමැවුම් වලින් සමන්විත මෙම අංශය ප්‍රශස්ත ගණුදෙනුකාර සත්කාරයක් වෙනුවෙන් සැදී පැහැදී සිටී.
විමසීම්