විදේශ
ප්‍රේෂණ

ශ්‍රී ලංකාවට පහසුවෙන් මුදල් එවීම

රාජ්‍ය බැංකුවක් වශයෙන් සහ ශ්‍රී ලංකාවේ විශාලතම ශාඛා ජාලය සතු බැංකුව වශයෙන් ඔබ විසින් එවනු ලබන මුදල් වලට උපරිම ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කරමින් ප්‍රතිලාභීන් වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම අපි සහතික කරන්නෙමු. ඔබ දහදිය මහන්සියෙන් ඉපයූ මුදල් ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබගේ ආදරණීයයන් වෙත යැවීමට හොඳම සේවාවන් ලබාදෙන්නේ මහජන බැංකුවයි... ලොව පුරා බැංකු සහ ප්‍රේෂණ නියෝජිත සමාගම් වෙතින් එවනු ලබන මුදල් සම්බන්ධයෙන් කටයුතු කරනුයේ අපගේ ආමුඛ ප්‍රේෂණ අංශයයි. මෙම සේවාවන් සම්බන්ධයෙන් ඔබට මතුවන ඕනෑම ගැටලුවකදී සහය වීමට අපගේ සුහදශීලී හා කාර්යක්ෂම කාර්ය මණ්ඩලය සූදානමින් සිටී. ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා පහත සඳහන් ක්‍රම අතරින් ඔබ කැමති ක්‍රමයක් තෝරාගත හැක.

vaasi kotiyai

මුදල් එවීමේ/ලබාගැනීමේ ක්‍රම

  • මහජන බැංකුවේ ගිණුමකට බැර කිරීම
  • වෙනත් ඕනෑම බැංකුවක ගිණුමකට බැර කිරීම
  • මුදල් වශයෙන් ලබාගැනීම (B2B) (Cash Pickup)

මහජන බැංකුවේ ගිණුමක් නොමැති ගනුදෙනුකරුවන් වෙනුවෙන් “CASHPICKUP”(B2B) නමින් නව ක්‍රමයක් හඳුන්වා දීමට මහජන බැංකුව කටයුතු කර තිබේ. මෙම ක්‍රමය භාවිතා කිරීමේදී මුදල් ලබාගන්නා තැනැත්තාට, වලංගු හැඳුනුම්පතක් සමග අදාළ යොමු අංකය (PIN අංකය) ඉදිරිපත් කර ඕනෑම මහජන බැංකු ශාඛාවකින් මුදල් ලබාගත හැකි වේ.
මෙම යොමු අංකය මුදල් ප්‍රේෂණය කරන බැංකුවේ හෝ ප්‍රේෂණ නියෝජිත සමාගමේ ගනුදෙනු යොමු අංකය වන අතර මෙය බැංකුවෙන් බැංකුවට/සමාගමෙන් සමාගමට වෙනස් වනු ඇත. මෙම අංක වල ඉලක්කම් සහ අකුරු ඇතුළත් වේ.


ප්‍රේෂණ
පද්ධති

මහජන බැංකුවේ රෙමිටන්ස් සේවාව (‘People's Remittance’)

සේවාවේ විශේෂ ගුණාංග

  • මහජන බැංකුවේ ගිණුම් වලට එසැණින් ක්ෂණිකව/අන්තර්ජාලය ඔස්සේ මුදල් බැරවීම
  • මහජන බැංකුවේ ඕනෑම ශාඛාවක කවුන්ටරයෙන් මුදල් ලබාගත හැකිවන ආකාරයටද මුදල් යැවිය හැකි වීම
  • මුදල් යවන්නාට සහ ලබන්නාට කෙටි පණිවිඩයක් මගින් දැනුම්දීම් සිදුකිරීම
  • නියෝජිත ආයතන වෙත ක්ෂණිකව, ආමුඛ ප්‍රේෂණයේ ස්වභාවය පණිවිඩයක් මගින් දැනුම් දීම

මහජන බැංකුවේ පහත සඳහන් Vostro නියෝජිතයන් වෙතින් මෙම සේවාව ලබාගත හැකි වේ.

ලොව පුරා
  • TransFast Remittance LLC
  • UAE Exchange Centre
  • U Remit
  • XPress Money
බහරේන්
  • Bahrain Exchange Company
ඉතාලි
  • National Exchange Company
කටාර්
  • Al Dar For Exchange Works
  • Arabian Exchange
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • Al Ansari Excahnge
  • Index Exchange LLC
කුවේට්
  • Al Mulla International Exchange
logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content