People’s Bank Transit Card
මහජන බැංකුවේ Transit Card යනු පහසුවෙන් ගමන්බිමන් වල යෙදීමට හැකිවන අයුරින් දිවයින පුරා මහජන බැංකු මුදල් තැන්පතු යන්ත‍්‍ර(CDMs) හරහා කරදරයෙන් තොර ටොප්-අප් සේවාවක් සමඟින් නිර්මාණය කරන ලද ශ‍්‍රී ලංකාවේ පළමු ඩෙබිට් කාඞ්පතයි. LankaPay-JCB වැඩසටහන යටතේ නිකුත් කරනු ලබන මෙම Transit card සාමාන්‍ය ඩෙබිට් කාඞ්පතක් ලෙස වෙනත් ගෙවීම් කිරීමට හෝ මුදල් ලබා ගැනීමට ද භාවිතා කළ හැක.
මහජන බැංකු Transit Card සඳහා අයදුම් කරන්නේ කෙසේද?
- මහජන බැංකු ගිණුම් හිමියන් -
- පහත සඳහන් ඕනෑම මහජන බැංකු ශාඛාවකින් Transit Card ලබා ගත හැක. කාඞ්පත ඔබගේ පවතින මහජන බැංකුවේ ඉතුරුම්/ජංගම ගිණුමට යා කෙරෙන අතර එය සාමාන්‍ය ඩෙබිට් කාඞ්පතක් ලෙස භාවිත කළ හැක.
- ගිණුම් හිමියන් නොවන -
- ඔබට මහජන බැංකුවේ ගිණුමක් නොමැති නම්, Transit Card භාවිතා කළ හැක්කේ සංක‍්‍රමණ කාඞ්පතක් ලෙස පමණි.
විශේෂාංග
උපරිම ටොප්-අප් සීමාව : රු. 10,000/*
කාඞ්පතක් සඳහා උපරිම ගනුදෙනු සීමාව : රු. 4,000/*
මූලික ප‍්‍රතිලාභ :
- ගමන්බිමන් සඳහා සංක‍්‍රමණ (Transit) කාඞ්පතක් ලෙස භාවිතා කළ හැක.
- ATM හෝ POS යන්ත‍්‍රවල භාවිත කළ හැකි සාමාන්‍ය ඩෙබිට් කාඞ්පතක් ලෙස ක‍්‍රියා කරයි.
- මුල් කාඞ්පත නිකුත් කිරීමට ගාස්තු අය නොකෙරේ.*
- (වෙනත් බැංකු ATM යන්ත‍්‍ර සඳහා ) රු. 15ක අඩුම ATM මුදල් ආපසු ගැනීමේ ගාස්තුව.
- දිවයින පුරා ඕනෑම මහජන බැංකු මුදල් තැන්පතු යන්ත‍්‍රයක් (CDMs) භාවිතයෙන් කාඞ්පත් ටොප්-අප් කළ හැක.
People’s Transit Card භාවිතා කිරීම ආරම්භ කරන්නේ කෙසේද?
- පාරිභෝගිකයා මහජන බැංකුවේ මුදල් තැන්පතු යන්ත‍්‍ර (CDM)හරහා Transit Card ටොප්-අප් කරගත යුතුය.
- ATM/POS ගනුදෙනු සාමාන්‍ය ඩෙබිට් කාඞ්පත් මෙන් ම සම්පූර්ණ කෙරේ.
- ප‍්‍රවාහනයට අදාළ ගනුදෙනු සම්පූර්ණ කළ හැක්කේ tap & go/contactless ක‍්‍රමයෙන් පමණි.
- ආරම්භක අදියරේදී පාරිභෝගිකයින්ට අධිවේගී මාර්ග බස් ටිකට්පත් මිලදී ගැනීමට මෙම කාඞ්පත භාවිතා කළ හැක.
Transit Card නිකුත් කරන මහජන බැංකු ශාඛා:
- Head Quarters (204)
- Duke Street (001)
- Golden Jubilee (320)
- First City ( 046)
- Union Place ( 014)
- Narahenpita (119)
- Borella ( 078)
- Kirulapone ( 319)
- Thimbirigasaya( 086)
- Town Hall ( 167)
- Dehiwala ( 019)
- Wellawatte (145)
- Elegance (362)
- Kottawa ( 328)
- Battaramulla ( 208)
- Nugegoda ( 174)
- Nugegoda City ( 335)
- Galle Main Street (169)
- Hyde Park Corner (025)
- Galle Fort( 013)
- Dehiwala Galle Road (337)
වැඩි විස්තර සඳහා: :
- මගී විමසීම්/ ප‍්‍රවේශපත‍්‍ර විමසීම්/ ප‍්‍රවාහන ගෙවීම් ගැටළු - 1955 අමතන්න
පාරිභෝගික ප්‍රතිචාර