අන්තර්ජාල බැංකුකරණ හා ජංගම දුරකථන බැංකුකරණ සේවා භාවිතා කිරීමේදී ආරක්ෂා වීමට උපදෙස්

අන්තර්ජාල හා දුරකථන බැංකුකරණ සේවාවන් භාවිතා කිරීමේදී ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණයන් හා ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීමට මහජන බැංකුව සෑම විටම කටයුතු කරයි. කෙසේ වුවද ගනුදෙනු කිරීමේදී ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඔබද කටයුතු කිරීම බෙහෙවින් වැදගත් ය.


ඔබ කිසියම් වංචාවකට හසුවී ඇති බව පෙනී යන්නේ නම් වහාම මහජන බැංකුව අමතන්න.

  • ඔබගේ පෞද්ගලික තොරතුරු හෝ ඔබගේ ගිණුම් පිළිබඳ තොරතුරු විමසමින් එවනු ලබන විද්‍යුත් ලිපි වල ඇති සබැඳි (Links) හෝ ඇමුණුම් (Attachments) විවෘත කිරීමේ වළකින්න. මහජන බැංකුව කිසි විටෙකත් එවැනි ඉල්ලීම් නොකරයි. වැරදීමකින් හෝ එබඳු සබැඳියක් ක්ලික් කළේ නම් හෝ ඇමුණුමක් විවෘත කළේ නම් වහාම ඒ බව අපට දැනුම් දෙන්න.
  • ඔබගේ පරිගණකය හෝ ස්මාර්ට් දුරකථනය සෑම විටම අනුමාන කිරීමට අපහසු PIN අංකයක් යොදා ආරක්ෂා කිරීමට වගබලාගන්න. එම අංකය කිසිවෙකුටත් හෙළි කිරීමෙන් වළකින්න.
  • ඔබගේ පරිගණකය හෝ දුරකථනය අනාරක්ෂිත ස්ථානයක තබා යාමෙන් වළකින්න. අවශ්‍ය අවස්ථාවක දුරස්ථ ක්‍රමයට දත්ත මකා දැමිය හැකි වර්ගයේ යෙදුමක් (App) බාගත කරගැනීම සුදුසු ය.
  • භාවිතා කර අවසන් වූ පසු බැංකුකරණ යෙදුමෙන් හෝ ජංගම වෙබ් අඩවියෙන් logout වන්න. හුදෙක් යෙදුම හෝ වෙබ් අඩවිය close කිරීම ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇත.
  • බැංකුකරණ කටයුතු හෝ ඊමේල් පරීක්ෂා කිරීම සඳහා අනාරක්ෂිත Wi-Fi සම්බන්ධතා භාවිතා කිරීමෙන් වළකින්න. 4G හෝ 3G සම්බන්ධතාවක් භාවිතා කිරීම වඩාත් සුදුසු ය.
  • ජංගම දුරකථන බැංකුකරණ සේවාව සම්බන්ධයෙන් බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති නියමයන් හා කොන්දේසි හොඳින් කියවා බලා ඔබගේ සහ බැංකුවේ වගකීම් මොනවාද යන්න හොඳින් අවබෝධ කරගන්න.
  • අනාරක්ෂිත ක්‍රම භාවිතයෙන් ඔබගේ පෞද්ගලික තොරතුරු හෝ ගිණුම් තොරතුරු හුවමාරු කරගැනීමෙන් වළකින්න.
  • ඔබගේ පරිශීලක නාමය (User ID) හෝ මුරපදය (Password) වෙනත් අයට හෙළිකිරීමෙන් වළකින්න.
  • ඔබගේ ගිණුමේ අසාමාන්‍ය යමක් සිදුවන බව පෙනී යන්නේ නම් වහාම ඒ බව අපට දැනුම් දෙන්න.
  • අන්තර්ජාල බැංකුකරණ සේවාව භාවිතා කිරීමේදී ගිණුමේ කටයුතු පිළිබඳව දැනුම්දීම් සේවාව (Account alerts) සක්‍රීය කරගන්න.