- 1. කාඞ්පත හැම විටකම මහජන බැංකුවේ දේපළක්ව පැවතිය යුතු අතර බැංකුව ඉල්ලා සිටි විට එය කොන්දේසී විරහිතව සහ නොපමාව බැංකුව වෙත ආපසු භාරදිය යුතුය.
- 2. කාඞ්පත මගේම පෞද්ගලික භාවිතය සඳහා පමණකි. එය පැවරිය නොහැක. එම කාඞ්පත වෙනත් කාර්යයන් සඳහා භාවිතා කරනු නොලැබිය යුතුය.
- 3. මගේ/ අපගේ පෞද්ගලික හඳුනාගැනීමේ අංකය (PIN) මා/අප විසින් අතිශයින්ම රහස්‍යව තබාගනු ලබන අතර, එම අංකය කිසිම තැනැත්තෙකුට, කිසිම අවස්ථාවක, කිසිම අවස්ථාගත කරුණක් යටතේ එළිදරව් නොකරන බවට පොරොන්දු වෙමි/ වෙමු. කාඞ්පත සම්බන්ධයෙන් වන විට පෞද්ගලික හඳුනාගැනීමේ (PIN) අංකය යන්නෙන් මා/ අප සඳහා බැංකුව විසින් රහස්‍යව සකස් කරන ලද මුල් පෞද්ගලික හඳුනාගැනීමේ අංකය සහ මා/ අප විසින් කරන ලද යම් ආදේශකයක් අදහස් විය යුතුය.
- 4. කාඞ්පත කවර ආකාරයකින් හෝ භාවිතා කර සිදු කරනු ලබන හෝ ඉටු කරනු ලබන සියලූම ගනුදෙනු පිළිබඳව පූර්ණ වගකීම මම/ අපි පිළිගනිමි/ පිළිගනිමු.
- 5. හර කාඞ්පතට අදාල මාගේ පෞද්ගලික හඳුනාගැනීමේ අංකය (PIN) භාවිතා කරමින් කරන ලද ඕනෑම ආපසු ගැනීමක/ පැවරුම් ගෙවීමක මුදල, මගේ/ අපගේ ගිණුමට හර කරන ලෙස මම/ අපි මෙයින් ඔබට බලය පවරමි/ පවරමු.
- 6.අදාළ කවරවූ හෝ අවස්ථාවක කාඞ්පත මගින් හෝ වෙනත් යම් ප්‍රාදේශීය ජාලයක් මගින් අන්තර්ජාතිකව කරනු ලබන ගනුදෙනු සම්බන්ධව සියලූම ගාස්තු, සහ කාඞ්පත භාවිතා කිරීම සම්බන්ධ, නීත්‍යානුකූල ගාස්තු හෝ වෙනත් ව්‍යවස්ථාපිත ගාස්තු තිබේ නම් ඒවාද ඇතුළු සෙසු බැරකම් ද මගේ/ අපගේ ගිණුමට හර කිරීමට මම/ අපි තවදුරටත් ඔබට බලය පවරමි/ පවරමු.
- 7. මගේ/ අපගේ ගිණුම හවුල් ගිණුමක් නම්, කාඞ්පත භාවිතා කිරීමෙන් පැන නඟින සියලූම ගනුදෙනු සම්බන්ධයෙන් මම/ අපි එක්ව සහ වෙන්වෙන්ව වගකීමට බැඳි සිටිමි/ සිටිමු.
- 8. කාඞ්පත මගින් සකස් කරන ලද සියලූම් ගනුදෙනු පිළිබඳ බැංකුවේ වාර්තාව සහ ප්‍රකාශ, සියළුම කාර්යයන් සඳහා මම/ අපි කෙරෙහි තීරණාත්මක සහ බැඳිමට යටත් කෙරෙන බව මම/අපි පිළිගනිමි/ මු.
- 9.මා/ අප විසින් ලබාගත් කාඞ්පත සොරකම් කරනු ලැබුව හොත් නැති වුවහොත් මා/ අප විසින් ඒ බව වහාම බැංකුවට දැනුම් දෙනු ලබන අතර ලිඛිත තහවුරුවක් ද බැංකුවට දෙනු ඇත. නැතිවූ, සොරකම් කරනු ලැබූ හෝ මගේ/ අපගේ බලයකින් තොරව කරනු ලබන කාඞ්පත භාවිතා කිරීමෙන් පැන නඟින යම් අලාභයක් සම්බන්ධයෙන් මා/ අප විසින් බැංකුව යටත් නොකෙරෙනු ඇත.
- 10. බැංකුවේ පූර්ණ අභිමතය පරිදි මට/ අපට දැනුම්දී හෝ නොදී ඕනෑම අවස්ථාවක මෙම නියමයන් සහ කොන්දේසි කවරක් හෝ සංශෝධනය කිරීමට. පරිපූරණය කිරීමට හෝ මඳ වශයෙන් වෙනස් කිරීමට හිමිකමක් බැංකුවට තිබිය යුතු අතර. එම සංශෝධනයෙන්, පරිපූරණය කිරීමෙන් හෝ මඳ වශයෙන් වෙනස් කිරීමෙන් මා/ අප බැඳීමට යටත් කෙරේ.
- 11. කාඞ්පත භාවිතා කිරීම බැංකුවේ දැනට පවත්නා රීති සහ රෙගුලාසිවලටද, කාඞ්පත මගින් ආවරණය වන සියලූම සේවාවන්, පහසුකම් සහ ගනුදෙනු පාලනය වන කවරවූ හෝ නියමයන්ට සහ කොන්දේසිවලට ද එසේ නැතහොත් පහත සඳහන් ආකාරයට ද යටත් විය යුත්තේය.
ශේෂය විමසීම
PIN අංකය වෙනස් කිරීම
මුදල් ආපසු ගැනීම
POS යන්ත්‍ර මගින් කෙරෙන ගණුදෙනු
- 12.මා/ අප වෙත දෙන ලද පූර්ව දැනුම්දීමකින් හෝ හේතු දැක්වීමකින් තොරව, කාඞ්පත අවලංගු කිරීමේ, ආපසු ගැනීමේ හෝ අලූත් කිරීමේ පූර්ණ අභිමතය බැංකුවට තිබිය යුත්තේය. කාඞ්පත භාවිතා කිරීම අවසන් කිරීමට මා/ අප තීරණය කළ අවස්ථාවකදී දවස් 7කට නොඅඩු කාලයකට පෙර බැංකුව වෙත ලිඛිත දැනුම් දීමක් මා/ අප විසින් කර කාඞ්පත වහාම ආපසු භාරදීමට එකඟ වෙමි/ වෙමු.
- 13. කාඞ්පත පිළිබඳ සියලූම නැවත ලබාදීම් සහ අලූත් කිරීම්, අදාළ අවස්ථාවේදී බල පවත්වන නියමයන්ට සහ කොන්දේසී වලට යටත් විය යුත්තේය.
- 14. කවරවූ හෝ හේතුවක් නිසා කාඞ්පතේ ගෙවිම් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් බැංකුව ඊට වග කියනු නොලැබේ.
- 15. ආපසු ගැනීම හෝ පැවරීම ආවරණය වන තරමට ප්‍රමාණවත් අරමුදල් මගේ/ අපගේ ගිණුමේ තිබේ නම් මිස, මා/ අප කාඞ්පත භාවිතා කිරීමට හෝ භාවිතා කිරීමට උත්සාහ කිරීම කිසිම අවස්ථාවක නොකෙරෙනු ඇත.
- 16. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ තිරයෙහි හෝ විමසුම් තුන්ඩුවක හෝ කුවිතාන්සි නිවේදනයක හෝ සඳහන් මුදල් ගණන, කවරාකාරයක හෝ කාර්යයක් සඳහා බැංකුව වෙත ඇති මගේ/ අපගේ ගිණුමේ තත්ත්වය පිළිබඳ තීරණාත්මක ලෙස සලකනු නොලබන බව මම/ අපි පිළිගනිමි/ පිළිගනිමු.
- 17. කාඞ්පතේ හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ යම් වැරදි ක්‍රියාකාරිත්වයක් හෝ ක්‍රියාත්මක නොවීමක් හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය තුළ තිබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම නිසා කවරාකාරයකින් හෝ පැන නගින හෝ ඇතිවන යම් අලාභයක් හෝ හානියක් සම්බන්ධයෙන් බැංකුව කවරාකාරයකින් හෝ වගකිමට යටත් නොවේ,
- 18. ජංගම, ඉතිරි කිරිමේ හෝ වෙනත් යම් ගිණුමක ක්‍රියාකාරීත්වය පාලනය කෙරෙන සියලූම නීති රීති, එම ගිණුම් සම්බන්ධ අදාළ කාඞ් ගනුදෙනුවලටද අදාළ විය යුතුය.
- 19. මා/ අප විසින් පීපල්ස් වීසා ඉලෙක්ට්‍රොනික් කාඞ්පත විදේශ රටක භාවිතයේදී බැංකුව විසින් මා හට ලබා දී ඇති සීමාව තුළ පමණක් මිළදී ගැනීම් කරන බවට සහතික වන අතර ගමන් වියදම්, හෝටල් ගාස්තු, අනියම් වියදම්, වෛද්‍ය වියදම් හා පුද්ගලික පාවිච්චිය සඳහා භාණ්ඩ මිලට ගැනීම වැනි පුද්ගලික වියදම් සඳහා පමණක් විදේශයන්හීදී කාඞ්පත භාවිතා කරනු ලබන බවට සහතික වෙමි/මු. විශාල වශයෙන් මුදල් යෙදෙන ගනුදෙනු හා වාණිජ ප්‍රමාණවලින් භාණ්ඩ මිළට ගැනීම හෝ ආනයනය කිරීම සම්බන්ධයෙන් මුදල් ගෙවීම සඳහා මම/ අපි කාඞ්පත භාවිතා නොකරන්නෙමි/ මු. එසේම කාඞ්පත භාවිතා කොට වාණිජ පරිමාණයන්ගෙන් භාණ්ඩ මිලට ගැනීම සඳහා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර රටකට ප්‍රාග්ධන ගනුදෙනු හා සම්බන්ධ මුදල් පැවරුම් මා/ අපි වෙනුවෙන් හෝ තෙවන පාර්ශවයක් වෙනුවෙන් නොකිරීමට සහතික වෙමි/මු.
- 20. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විද්‍යුත් අරමුදල් පැවරුම් කාඞ්පත් සම්බනධයෙන් නිකුත් කර ඇති සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන රීති සහ නියමයන්ට යටත්වීමට මම/ අපි එකඟවෙමි/ මු.
- 21. කාඞ්පත භාවිතයේදී, අස්ථානගතවූ විට සහ කාඞ්පත් ගණුදෙනු සම්බන්ධයෙන් වන මතභේද නිරාකරණය සදහා අදාල වන ගාස්තු සහ අයකිරීම් බැංකුව විසින් කලින් කලට තීරණය කරනු ලබන අනුපාතයන් යටතේ ගෙවීමට එකඟ වෙමි/ වෙමු.
- 22.මා/ අප විදේශගතවූ විට කාඞ්පත භාවිතා කිරීමට අදහස් කරන්නේ නම් විදේශගත වීමට පෙර ඒ බව බැංකුව වෙත දැනුම්දීමට එකඟ වෙමි/ වෙමු
මෙම ප්‍රකාශය නිකුත් කරනුයේ ශ්‍රී ලංකාවේ විනිමය පාලකවරයා වෙතටයි:
..................................................................................................................................................මූලික කාඞ්පත් හිමිකරු/ අතිරේක කාඞ්පත් හිමිකරු................................................................................................ (මූලික කාඞ්පත් හිමිකරු/ අතිරේක කාඞ්පත් හිමිකරු) වන මම/ අපි මෙම පෝරමයේ සඳහන් කර ඇති සියලූම තොරතුරු සත්‍ය හා නිවැරදි බව මෙයින් ප්‍රකාශ කර සිටිමි/සිටිමු. විනිමය පාලන පනත යටතේ පනවන ලද අංක 1411/5 සහ 2005 සැප්තැම්බර් 19 දින දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනයේ සඳහන් කොන්දේසි සහ එම කොන්දේසිවලට යටත්ව විදේශීය විනිමය ගනුදෙනු සඳහා කාඞ්පත භාවිතයට ගත හැකි බවට අවබෝධයක් ඇති බව මම/ අපි මෙයින් තහවුරු කර සිටින අතර, එම කොන්දේසිවලට බැඳී සිටීමට මෙයින් එකඟ වෙමි/වෙමු. මා/ අප වෙත ලබා දී ඇති විද්‍යුත් අරමුදල් පැවරුම් කාඞ්පත භාවිතයට ගෙන මම/ අප විසින් සිදු කරන ලද විදේශීය විනිමය හුවමාරු කිරීම පිළිබඳව විනිමය පනතේ අරමුණු උදෙසා සහ මහජන බැංකුවට අවශ්‍ය අවස්ථාවල දී ඒ සම්බන්ධ ඕනෑම තොරතුරක් සැපයීමට ද බැඳී ඇති බවට තවදුරටත් මෙයින් එකඟ වෙමි/වෙමු. මා/ අප විදේශීය රැකියාවක නිරතවීම සඳහා ශී‍්‍ර ලංකාවෙන් නික්මයාමට හෝ විගමනය කිරීමට පෙර මා/ අපවෙත ලබාදී ඇති විද්‍යුත් අරමුදල් පැවරුම් කාඞ්පත/ කාඞ්පත් මහජන බැංකුවවෙත බාරදීමට එකඟතාව පළ කරන බව මම/ අපි මෙයින් තවදුරටත් පොරොන්දු වෙමි/ වෙමු. මා/ අපවෙත ලබා දී ඇති විද්‍යුත් අරමුදල් පැවරුම් කාඞ්පත භාවිතයට ගෙන අනුමත නොකළ විදේශීය විනිමය ගනුදෙනු සිදුවෙමින් පවතින බව සැක කළ හැකි ප්‍රමාණවත් හේතු සාධක තිබෙන බව පෙනී ගියහොත් එම විද්‍යුත් අරමුදල් පැවරුම් කාඞ්පත මඟින් ලබාගත හැකි විදේශීය විනිමය බලයලත් නියෝජිතයා විසින් (බැංකුව* අත්හිටුවිය හැකි බව මම’අපි මෙයින් දනිමි’දනිමු’
................... ............................................
මූලික කාඞ්පත් හිමිකරුගේ අත්සන දිනය
................... ............................................
අතිරේක කාඞ්පත් හිමිකරුගේ අත්සන දිනය
මම බලයලත් නිලධාරියකු වශයෙන් අයදුම්කරු/ අයදුම්කරුවන් විසින් සපයනලද තොරතුරු සහ ඒ හා සම්බන්ධ ලියකියවිලි ඉතා ඕනෑකමින් පරීක්ෂා කර බැලීමි. එම තොරතුරු හා ලියකියවිලි වල නිර්ව්‍යාජභාවය පිළිබඳව සෑහීමකට පත්වීමි. විද්‍යුත් අරමුදල් පැවරුම් කාඞ්පත් හිමිකරුවන් ඔහුගේ/ ඇයගේ කාඞ්පත භාවිතයට ගෙන කරනු ලබන විදේශීය විනිමය හා සම්බන්ධ ගනුදෙනු පිළිබඳව සුපරීක්ෂාකාරීවීමට පොරොන්දු වන අතර කාඞ්හිමියා/ කාඞ්හිමියන් විසින් ලබාදෙන ලද පොරොන්දු ප්‍රකාශය උල්ලංඝනය කරමින් විද්‍යුත් අරමුදල් පැවරුම් කාඞ්පත භාවිතයට ගෙන එමගින් අනුමත නොකළ විදේශීය විනිමය ගනුදෙනු සිදුවෙමින් පවතින බවට සැක කළ හැකි ප්‍රමාණවත් හේතු සාධක පවතීනම් එම විද්‍යුත් අරමුදල් පැවරුම් කාඞ්පතින් ලබාගත හැකි විදේශ විනිමය අත්හිටුවීමට කි‍්‍රයාකරන බවත්, එවැනි උල්ලංඝනය කිරීමක් පිළිබඳ කාරණය විනිමය පාලකවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බවත් පොරොන්දු වෙමි.
.............. .......................................................
දිනය බලයලත් නිලධාරිතැනගේ අත්සන