පීපල්ස් වේව් ජංගම මෘදුකාංග යෙදුම අපගේ උසස් පාරිභෝගික සේවාවේ සහාය ඇතිව ඔබගේ ජංගම දුරකථනය හරහා සුරක්ෂිත ආකාරයකින් ..
පීපල්ස් විස් ගිණුම යනු ගිණුම් විවෘත කිරීමේ සාම්ප‍්‍රදායික ක‍්‍රියාවලිය වෙනුවට යොදා ගත හැකි කඩදාසි රහිත ඩිජිටල් විසඳුමකි.
පීපල්ස් වේව් ජංගම මෘදුකාංග යෙදුම අපගේ උසස් පාරිභෝගික සේවාවේ සහාය ඇතිව ඔබගේ ජංගම දුරකථනය හරහා සුරක්ෂිත ආකාරයකින් ඔබගේ මහජන බැංකු ගිණුම/ගිණුම් කළමනාකරණය කිරීම සහ මූල්‍ය ගනුදෙනු සිදු කිරීම සඳහා යොදා ගත හැකි හොඳ ම මෙවලම වේ.
අපගේ මෘදුකාංග යෙදුම යොදා ගැනීමේ වාසිය වන්නේ බිල්පත් ගෙවීම් සහ මුදල් පැවරුම් සිදු කිරීම, තත් කාලීන පොලී හෝ විනිමය අනුපාතික දැන ගැනීම සහ ATM යන්ත‍්‍ර තිබෙන ස්ථාන සොයා ගැනීම වැනි ඕෆ්ලයින් සේවාවන් භුක්ති විඳීම සඳහා අපගේ ශාඛාවකට පැමිණීමට හෝ අප ඇමතීමට පවා ඔබට සිදු නොවීම යි.
Android (4.4 මාදිලිය හෝ ඉන් ඉහළ) .
IOS(8.0 මාදිලිය හෝ ඉන් ඉහළ) දුරකථනයක්,
වර්ග |
පහසුකම් |
|
---|---|---|
i |
ගිණුම් සාරාංශය |
|
ii |
පැවරුම් සේවා මුදල් පැවරුම් සේවා -මහජන බැංකුව(දේශීය/විදේශීය ව්‍යවහාර මුදල්) |
|
iii |
බැංකුව අතර මුදල් පැවරුම් - වෙනත් දේශීය බැංකු ගිණුම්වලට පැවරීම |
|
iv |
ශාඛාවෙන් ශාඛාවට මුදල් පැවරීම (B2B සේවාව) |
|
v |
ගෙවීම් සේවා |
|
vi |
චෙක්පත් සේවා |
|
vii |
උකස් සේවා |
|
viii |
විශ්‍රාම වැටුප් කැල්කියුලේටරය |
|
ix |
සැකසුම් |
|
පීපල්ස් වේව් මෘදුකාංග යෙදුම ලොව කොතැන සිටියත් ඔබගේ ස්මාට් දුරකථනය ඔස්සේ ඉතා පහසුවෙන් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේ හැකියාව ඔබ වෙත පිරිනමයි. ගනුදෙනුකරුගේ දත්තවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම මෘදුකාංග යෙදුම දැඩි ආරක්ෂක විධිවිධානවලින් සමන්විත කර ඇත. පීපල්ස් වේව් මෘදුකාංග යෙදුම සැලසුම් කර ඇත්තේ ශාඛාවකට නොගොස් මූලික බැංකුකරණ ගනුදෙනු සිදු කර ගැනීමට පහසුකම් සැපයීම සඳහා ය: