වෘත්තීයෙන් නීතිඥවරයෙකු වන ඉසුරු බාලපටබැඳි මහතා, සිවිල් සහ වාණිජ නීතිය පිලිබඳ නෛතික කටයුතුවල නියැලී සිටින අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ, පෙන්සිලේව්නියාවේ, පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයෙන් පිරිනමන නීතී පශ්චාත් උපාධිය හිමි කරගෙන ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ බාලපටබැඳි මහතා පසුව 2008 සිට 2010 දක්වා කාල වකවානුව තුල එක්සත් ජාතීන්ගේ රසායනික අවි විරෝධී ජාත්‍යන්තර සංවිධානය සහ ජාත්‍යන්තර පුද්ගලික නීතිය සඳහා වන හේග් සම්මුතිය වෙනුවෙන් නෙදර්ලන්තයේ හේග් නුවර, ශ්‍රී ලංකේය නියෝජිතවරයා ලෙස කටයුතු කළේය. එසේම, බාලපටබැඳි මහතා හේග් හි ශ්‍රී ලංකා ධූත මෙහෙයුම් කාර්යාල ප්‍රධානි තනතුර දරා ඇති අතර ආයෝජන මණ්ඩලය සහ 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ ආයෝජන කටයුතුවලට අදාළ නීති කර්තව්‍යයන් පිළිබඳව ආයෝජන කටයුතු අමාත්‍යංශයේ නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත. බාලපටබැඳි මහතා මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වීමට ප්‍රථම , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සෙලාන් බැංකුව, ලංකා බැංකුව යන ආයතන සහ බැංකුවල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාවේ නීති සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකුද වේ. 2007 වසරේ කණිෂ්ට ජාතික නීති සම්මන්ත්‍රණයේ සභාපති තනතුර දැරූ ඒ මහතා 2020 වසරේ ජාතික නීති සම්මන්ත්‍රණයේ කැඳවුම්කරු ලෙස ද කටයුතු කර ඇත
සහකාර සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණය