ශ්රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ අධිසාමාජිකයෙකු [A Fellow of the Institute of Chartered Accountants of Sri Lanka (FCA)] මෙන්ම ශ්රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ අධිසාමාජිකයෙකු [Fellow of Institute of Chartered Management Accountants of Sri Lanka (FCMA)], වන සුජීව රාජපක්ෂ මහතා ලොව පස්වන විශාලතම ගණකාධිකරණ ජාලය වන BDO ආයතනයේ ශ්‍රී ලාංකීය නියෝජිත ආයතනය වන BDO Partners හි කලමනාකරණ හවුල්කරුවෙකි. ඒ මහතා ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත කලමනාකරණ පශ්චාත් උපාධි ආයතනය [Postgraduate Institute of Management (PIM)] විසින් පිරිනමන ව්‍යාපාර පරිපාලනපති උපාධිය [Master of Business Administration (MBA)]හිමි කර ගෙන ඇත. දශක හතරකට අධික තම කීර්තිමත් වෘත්තිමය දිවිය තුල සුජීව රාජපක්ෂ මහතා විසින් දරන ලද ගරු තනතුරු රාශියකි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ ප්‍රධානි, උප-ප්‍රධානි සහ කවුන්සිල සාමාජික ධුරය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ විගණන තත්ත්ව කමිටුවේ සභාපති ධුරය, ශ්‍රී ලංකා වෘත්තිමය ගණකාධිකාරිවරුන්ගේ සංසද ප්‍රධානි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික, 2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික, South Asian Federation of Accountants (SAFA) ආයතනයේ තාක්ෂණික උපදේශක සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ධුරය, Confederation of Asia Pacific Accountants (CAPA) ආයතනයේ තාක්ෂණික උපදේශක තනතුර සහ ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කවුන්සිල සාමාජික ධුරය ඒ අතර වේ. එසේම ඒ මහතා National Development Bank PLC, Softlogic Insurance PLC, Dipped products PLC, Heycarb PLC, Development Holdings (Pvt) Ltd, Lanka Holdings (Pvt) Ltd, NDB Capital Ltd – Bangladesh, The Finance Company PLC and Unidil Packaging වැනි ආයතන රාශියක අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත. ගිණුම්කරණ සහ විගණන තත්ව, ගිණුම්කරණ සහ විගණන පරිචයන්, මුල්‍ය විනය සහ මුල්‍ය ආචාර ධර්මවලට අදාල රාජ්‍ය රෙගුලාසි, මානව සම්පත් කළමනාකරණ සහ පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ ද සමස්ත කළමනාකරණ මූලධර්ම සහ පරිචයන් පිලිබඳ හසල අත්දැකීම් රාශියක් සුජීව රාජපක්ෂ මහතා සතු වේ.
සහකාර සාමාන්‍යාධිකාරී - වාණිජ බැංකුකරණය