අප
ගැන

දැක්ම ප්‍රකාශනය
  • පරිවර්තනීය වර්ධනයක් කරා ජාතිය දිරිමත් කිරීම
මෙහෙවර ප්‍රකාශනය
  • දැරිය හැකි, ප්‍රවේශ විය හැකි අයුරින් කාර්යක්ෂමව සැපයෙන විසදුම් තුලින් දිවි සැරියේ ගුණාත්මකතාව සහ ව්‍යාපාර ප්‍රවර්ධනය කෙරෙහි දායක වන මුල්‍ය සේවා සපයනු ලබන ව්‍යාපාරයක අපි නිරත වන්නෙමු.
  • අපගේ ගනුදෙනුකරුවන් කෙරෙහි දායාර්ද වෙමින් ඔවුන් ආරක්ෂා කර ගැනීම කෙරෙහි ආසක්ත වන පරිදි අපි අපගේ මානව සම්පත බලගන්වමින් උත්ප්‍රේරණය කරන්නෙමු.
  • තරඟකාරීත්වය තුළ ලාභදායී වෙමින්ම, ජාතික ආර්ථික සංවර්ධනය සඳහා අපි දායක වෙමු.
  • අපගේ ව්‍යාපාර පරිචයන් තුළ තිරසාර වෙමින්ම, අපගේ මෙහෙයුම් දියත් කරනු ලැබ ඇති සමාජය වෙත “අගය ප්‍රතිදානය” කිරීම පිළිබඳව අපි විශ්වාස කරමු.
පුළුල් වින්තනයකට සහ දිගුකාලීන සාර්ථකත්වයක් නිර්මාණය කිරීමට ඉවහල් වන බලවේගයන් (BHAG)
  • බැංකු කර්මාන්තයේ ඉහළම සේවක තෘප්තිමත්භාවය සහ ගනුදෙනුකරුවන්ගේ වැඩිම ආකර්ශනය සහිත බැංකුව බවට පත්වීම
ක‍්‍රමෝපාය අරමුණු
  • විශිෂ්ඨත්වයට එළඹීම
  • ගනුදෙනුකාර - කේන්ද්‍රීයත්වය ගොඩනැංවීම
  • අනාගතයට සූදානම
දැක්ම ප්‍රකාශනය
  • පරිවර්තනීය වර්ධනයක් කරා ජාතිය දිරිමත් කිරීම
පුළුල් වින්තනයකට සහ දිගුකාලීන සාර්ථකත්වයක් නිර්මාණය කිරීමට ඉවහල් වන බලවේගයන් (BHAG)
  • බැංකු කර්මාන්තයේ ඉහළම සේවක තෘප්තිමත්භාවය සහ ගනුදෙනුකරුවන්ගේ වැඩිම ආකර්ශනය සහිත බැංකුව බවට පත්වීම
මෙහෙවර ප්‍රකාශනය
  • දැරිය හැකි, ප්‍රවේශ විය හැකි අයුරින් කාර්යක්ෂමව සැපයෙන විසදුම් තුලින් දිවි සැරියේ ගුණාත්මකතාව සහ ව්‍යාපාර ප්‍රවර්ධනය කෙරෙහි දායක වන මුල්‍ය සේවා සපයනු ලබන ව්‍යාපාරයක අපි නිරත වන්නෙමු.
  • අපගේ ගනුදෙනුකරුවන් කෙරෙහි දායාර්ද වෙමින් ඔවුන් ආරක්ෂා කර ගැනීම කෙරෙහි ආසක්ත වන පරිදි අපි අපගේ මානව සම්පත බලගන්වමින් උත්ප්‍රේරණය කරන්නෙමු.
  • තරඟකාරීත්වය තුළ ලාභදායී වෙමින්ම, ජාතික ආර්ථික සංවර්ධනය සඳහා අපි දායක වෙමු.
  • අපගේ ව්‍යාපාර පරිචයන් තුළ තිරසාර වෙමින්ම, අපගේ මෙහෙයුම් දියත් කරනු ලැබ ඇති සමාජය වෙත “අගය ප්‍රතිදානය” කිරීම පිළිබඳව අපි විශ්වාස කරමු.
ක‍්‍රමෝපාය අරමුණු
  • විශිෂ්ඨත්වයට එළඹීම
  • ගනුදෙනුකාර - කේන්ද්‍රීයත්වය ගොඩනැංවීම
  • අනාගතයට සූදානම

64

වසරක

පළපුරුද්ද

746

බැංකු සේවා ශාඛා

844

ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර සංඛ්‍යාව

මි. 15.2

ක්‍රියාකාරී ගනුදෙනුකරුවන්

ට්‍රි. 3.3

මුළු තැන්පතු වටිනාකම
අපගේ විශේෂ තොරතුරු

අපගේ ව්‍යාපාරික වටිනාකම්

ජාතියේ අභිමානය බවට පත්වීම

කුඩා පරිමාණයෙන් ආරම්භ වූ මහජන බැංකුව, ශ්‍රී ලාංකිකයන්ට තම ජීවන තත්ත්වය නගාසිටුවීමට අත්වැලක් වෙමින්, සමාජ ආර්ථික සංවර්ධනය සඳහා රජයන් විසින් දරනු ලබන උත්සාහයන්ට පිටුබලය සපයමින් මේ වනවිට දැයේ හදගැස්ම බවට පත්වීමට සමත් වී සිටී.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ නම්‍යශීලී බව

සෑම විටම ගනුදෙනුකරුවන් සහ ඔවුන්ගේ අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය දෙමින්, ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසූ විසඳුම්, ඔවුන් තෘප්තිමත් වන ආකාරයට පිරිනැමීමට අප කටයුතු කර ඇත. එහිදී ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අනුව නම්‍යශීලී වෙමින්, වෙනස්කම් වලට අනුගත වෙමින් ඉදිරියට යාමට අපි පියවර ගන්නෙමු.

අවංකභාවය සහ වගකීම්සහගත බව

මූල්‍ය ආයතනයක් ලෙස අවංකභාවය සහ වගකීම්සහගත බව වැනි ගුණාංග අපගේ ශක්තියට පදනම සපයා ඇත. ආරම්භයේ සිටම මෙම ගුණාංග අපගේ සම්ප්‍රදායේ අනිවාර්ය අංගයක් විය. එය අප සලකන්නේ මහත් වූ ගෞරවයක් වශයෙකි. තවද වගකීම්සහගත බැංකුවක් ලෙස අපගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් අපගේ ප්‍රධාන හවුල්කරුවන්ට වගකීමට අපි බැඳී සිටින්නෙමු.

අඛණ්ඩ ඉගෙනුම් සංස්කෘතිය සහ කණ්ඩායම් හැඟීම

නිරන්තරයෙන් අලුත් දේවල් ඉගෙනගනිමින්, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට පියවර ගැනීම අපගේ ක්‍රියාකාරකම් අතර අනිවාර්ය අංගයකි. අපගේ කාර්ය මණ්ඩලය අපගේ සාර්ථකත්වයේ ජීවනාලිය වී ඇති අතර කණ්ඩායමක් ලෙස එකට එක්වී එකම අරමුණක් වෙනුවෙන් වැඩකිරීමෙන් මෙම සාර්ථකත්වය උදාකර ගැනීමට අපට හැකිවී ඇත.

සවිබලගැන්වුම සහ විවිධත්වය

ජනතාව සවිබල ගන්වමින්, නවීන නිෂ්පාදන, සේවා හා ක්‍රියාවලි ඔස්සේ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමට අපි කටයුතු කරන්නෙමු. අපගේ ගනුදෙනුකරුවන්ගේ විවිධත්වය අප අගය කරන අතර, විවිධත්වය මගින් අප වඩාත් ශක්තිමත් වන බව අපගේ විශ්වාසය වේ.

අපගේ කණ්ඩායම හමුවන්න

මහාචාර්ය නාරද ප්‍රනාන්දු

සභාපති
තවත් බලන්න
ජයන්ත තිලකරත්න මහතා

අධ්‍යක්‍ෂ
තවත් බලන්න
විමලේන්තිරරාජා මහතා

අධ්‍යක්‍ෂ
තවත් බලන්න
චන්දන ගුණියන්ගොඩ මහතා

අධ්‍යක්‍ෂ
තවත් බලන්න
ගිලියන් එඩ්වර්ඩ්ස් මහත්මිය

අධ්‍යක්‍ෂ
තවත් බලන්න
සංජය බණ්ඩාර මහතා

අධ්‍යක්‍ෂ
තවත් බලන්න
දීප්ති ලොකුආරච්චි මහතා

අධ්‍යක්‍ෂ
තවත් බලන්න
නිෂාන් වල්ගම්පාය මහතා

අධ්‍යක්‍ෂ
තවත් බලන්න
සබ්රි ගවුස් මහතා

අධ්‍යක්‍ෂ
තවත් බලන්න
චන්දිමා අබේගුණවර්ධන මහත්මිය

අධ්‍යක්‍ෂ
තවත් බලන්න
Skip to toolbar Log Out

ආයතනික තොරතුරු

අමතන්න

බැංකුවේ නම

මහජන බැංකුව

නෛතික තත්ත්වය

1961 අංක 29 දරන මහජන බැංකු පනත යටතේ ස්ථාපිත කරන ලද, 1988 අංක 30 දරන බැංකුකරණ පනත යටතේ ඇති බලපත්‍රලාභී වාණිජ බැංකුවකි.

විගණනය

විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, නිදහස් චතුරස්‍රය, කොළඹ 07

අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ලේකම්

එස්.එච්. විජේකෝන් මහත්මිය


  • ප්‍රධාන කාර්යාලය (ලියාපදිංචි කාර්යාලය)
  • අක්වෙරළ බැංකුකරණ ඒකකය
  • විදේශ පාරිභෝගික සේවා අංශය
  • ආයතනික බැංකුකරණ අංශය
  • ජාත්‍යන්තර බැංකු අංශය
  • People’s Tower, අංක 374, ඩී.ආර්. කොල්වින් ආර්. ද සිල්වා මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව
  • +94 11 3740740 / +94 11 2481481
  • info@peoplesbank.lk
  • www.peoplesbank.lk
VAT ලියාපදිංචි අංකය: 409000037-7000

1961 - 1970
  • 1961
    • 1961 ජූලි මස 1 වැනි දින මහජන බැංකුව උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. පළමු ශාඛාව කොළඹ ඩියුක් වීදියේ විවෘත කෙරිණි. මෙම වර්ෂය තුළදී කොළඹ විදේශීය ශාඛාවට අතිරේකව පොළොන්නරුව, හිඟුරක්ගොඩ, හම්බන්තොට, අනුරාධපුරය, පුත්තලම, මාතලේ සහ මහනුවර යන ප්‍රදේශවල තවත් ශාඛා අටක් විවෘත කෙරිණි. මුඵ සේවක සංඛ්‍යාව 169 ක් විය.
  • 1962
    • ප්‍රධාන කාර්යාලය කොළඹ 2, යූනියන් පෙදෙසේ රත්නම් ගොඩනැගිල්ල වෙත ගෙන යන ලද අතර, තවත් ශාඛා 17ක් විවෘත කෙරිණි.
  • 1963
    • බැංකුව සිය උකස්කරණ සේවාවන් ආරම්භ කළේය.
  • 1964
    • සමුපකාර ග්‍රාමීය බැංකුකරණ යෝජනා ක්‍රමයක් ඇරඹිණි.
  • 1965
    • බැංකුවේ ඇතැම් අංශ කොළඹ 2, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ රජයේ ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ල වෙත ගෙන යන ලදී. මුළු ශාඛා සංඛ්‍යාව 48 දක්වා වර්ධනය වූ අතර, හොරණ, කැකිරාව, පදවිය, මන්නාරම, ඇඹිලිපිටිය, කහටගස්දිගිලිය, රාගල හා තලවාකැලේ නව ශාඛා ද මෙයට ඇතුළත් විය.
  • 1967
    • කුඩා ගොවිපල අංශයට ණය දීමේ පුරෝගාමියා බවට පත්වෙමින් බැංකුව නව කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය.
  • 1970
    • අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු වෙනුවෙන් මුල්‍ය සම්පාදනය පිණිස ”අතමාරු” ණය යෝජනා ක්‍රමය හදුන්වා දෙන ලදී. ක්‍රමානුකූල ඉතිරි කරන්නන් ආකර්ෂණය කරගැනීම සදහා ණය සබැදි ඉතිරිකිරීමේ ක්‍රමයක් වන ආයෝජන ඉතුරුම් යෝජනා ක්‍රමය දියත් කෙරිණි.
1971 - 1990
  • 1971
    • බැංකුවේ සිය වැනි ශාඛාව මරදගහමුලදී විවෘත කෙරිණි.
  • 1973
    • නිෂ්පාදන හා පරිභෝජන යන දෙආකාරයේම ණය පහසුකම් සැපයීම පිණිස විස්තීර්ණ ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක් දියත් කරන ලදී. සිංහල හා දෙමළ අළුත් අවුරුද්දේ චාරිත්‍ර , සිය අනන්‍යතාවයට එක්කර ගනිමින් බැංකුව විසින් සුභ මොහොතින් බැංකුව සමග ගනුදෙනු කිරීමට ගනුදෙනුකාර භවතුන් දිරිගැන්වීම පිණිසි ’ගනු දෙනු’ පිළිවෙතට මුලපුරන ලදී.
  • 1975
    • ආක්‍රමණශීලී ශාඛා ව්‍යාප්ති වැඩසටහනක් අපගේ මුළු ශාඛා සංඛ්යාදව 158 දක්වා ගෙන ආවේය.
  • 1977
    • අපගේ දෙසිය වැනි ශාඛාව කොල්ලූපිටියේ දී විවෘත කෙරිණි. ප්‍රධාන කාර්යාලය කොළඹ කොටුවේ ගොඩනැගිල්ලකට ගෙනයන ලදී. මුඵ සේවක සංඛ්යාව 5,000 දක්වා ළඟා විය. ප්‍රථම ධීවර බැංකුව කොරලවැල්ලේ දී විවෘත කෙරිණ.
  • 1981
    • අපගේ ශාඛා ජාලය ශාඛා 290 දක්වා වර්ධනය විය. දීර්ඝ කළ බාලවයස්කාර ඉතුරුම් යෝජනා ක්‍රමය දියත් කෙරිණි.
  • 1982
    • බැංකුවේ තුන්සිය වැනි ශාඛාව ඉංගිරියේ දී විවෘත කෙරිණි. මුළු සේවක සංඛ්යා ව 10,000 තෙක් ළගා විය.
  • 1984
    • බැංකුවේ පරිපාලිත සමාගමක් වන පීපල්ස් මර්චන්ට් බැංකුව පිහිටුවන ලදී. කොම්පඤ්ඤවීදියේ පිහිටි අපගේ ශාඛාවල ජාත්‍යන්තර අංශය හා කොටුව විදේශීය ශාඛාව සමග ඒකාබද්ධ කෙරිණි.
  • 1986
    • පරිගණකගත කිරීමේ ක්‍රියාවලිය අපගේ ප්‍රධාන කාර්යාලයෙන් සහ තෝරාගත් නගර ශාඛාවලින් ආරම්භ වූ අතර, අදිසි ආලෝක Black Light ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණි. එමගින් ගනුදෙනුකාර භවතුන්ගේ සංසරණ කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය.
  • 1987
    • අපගේ මූලස්ථාන ශාඛාව බැංකුවේ ප්‍රථම පූර්ණ ලෙස ස්වයංක්‍රියව මෙහෙයවනු ලබන ශාඛාව බවට පත් විය. ලංකා විදුලිබල මණ්ඩලය සමග සහයෝගිත්වයෙන් ග්‍රාමීය විද්යුතනය වෙනුවෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදී.
  • 1989
    • සේවක අර්ථසාධක අරමුදල් ශේෂයට එරෙහිව නිවාස සඳහා අරමුදල් සම්පාදනය පිණිස කම්කරු අමාත්‍යංශය අනුග්‍රහය දැක්වූ ණය යෝජනා ක්‍රමයකට බැංකුව සහභාගි විය. විදේශ රැකියා අපේක්ෂා කරන්නන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා සමග එක්ව යෝජනාක්‍රමයක් දියත් කරන ලදි. 1983 සිවිල් කෝලාහලයේ බලපෑමට ලක්වූවන් ට ණය ලබාදීම සදහා ශ්‍රී ලංකා දේපල හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය (REPIA) විසින් දියත් කරන ලද ණය යෝජනාක්ර‍මයකට බැංකුව සහභාගි විය. මෙම වසර තුළ දී ජනසවිය ආශ්‍රිත ණය යෝජනා ක්‍රමයක්ද හදුන්වා දෙනු ලැබිණි. ගනුදෙනු කළ හැකි ඉතුරුම් සහතික නිකුත් කිරීම ද බැංකුව මෙම වසරේදී ඇරඹුවේය.
  • 1990
    • දායාද ඉතුරුම් තැන්පතු යෝජනා ක්‍රමයක් හදුන්වා දෙනු ලැබිණි. වීසා ජාත්‍යන්තරය හා සමග සම්බන්ධ වෙමින් පීපල්ස් වීසා කාඞ්පත හඳුන්වා දෙන ලද අතර, ශාඛා 24ක් පූර්ණ ලෙස පරිගණකගත කරන ලදී.
1991 - 2000
  • 1991
    • පළමුවැනි ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රය (ATM) අපගේ මූලස්ථාන ශාඛාවේ සවිකරන ලදී.
  • 1992
    • රජයේ ඇඟළුම් කම්හල් 200 වැඩසටහනට බැංකුව සහය විය. ”'පීපල්ස් ඔටෝමේටඞ් බෑංකිං සිස්ටම්” නම් බැංකුව තුළම සකස් කරන ලද බැංකුකරණ යෙදවුම සක්‍රිය කිරීම ආරම්භ විය.
  • 1993
    • රට පුරා බැංකු ශාඛා තුන්සිය තිහක් ක්‍රියාත්මකව පැවති අතර, ප්‍රධාන ශාඛා 35ක් පූර්ණ ස්වයංක්‍රිය ක්‍රියාකාරිත්වය සහිත විය. කාන්තාවන් වෙනුවෙන් ඉතිරිකිරීමේ යෝජනා ක්‍රමයක් වන ”වනිතා වාසනා” හදුන්වාදීම සිදු විය.
  • 1994
    • ස්වයංක්‍රියකරණ වැඩසටහන යටතේ නව ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර අටක් සවි කිරීම හා ශාඛා 160 ක් පරිගණකගත කිරීම සිදු කෙරිණි.
  • 1995
    • රජයේ ගුරුවරුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සදහා නව තැන්පතු ප්‍රචලිත ක්‍රමයක් හා ණය යෝජනා ක්‍රමයක් වූ ”ගුරුසෙත” අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගීත්වය ඇතිව දියත් කරන ලදී.
  • 1996
    • රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවයෙහි සේවක පිරිස් වෙනුවෙන් ”සුව සෙවණ” ණය පැකේජය දියත් කෙරිණි. පාසල් ළමුන් වෙනුවෙන් නව තැන්පතු යෝජනා ක්‍රමයක් වූ ”සිසු උදාන” හදුන්වාදීම සිදු විය. කුඩා තේ වතු සංවර්ධන ව්‍යාපෘතිය හා බහු වාර්ෂික බෝග සංවර්ධන ව්‍යාපෘතිය යන ආසියානු බැංකුවෙන් අරමුදල් සම්පාදිත ණය යෝජනාක්‍රම දෙකට බැංකුව සහභාගි විය. බැංකුවට පූර්ණ හිමිකාරීත්වය ඇති පරිපාලිත සමාගම් වන සී/ස පීපල්ස් ලීසිං සමාගම සහ සී/ස පීපල්ස් ට්‍රැවල්ස් සමාගම මෙහෙයුම් ආරම්භ කළේය. විමධ්‍යගත පරිපාලනය ශක්තිමත් කිරීම හා ගනුදෙනුකාර භවතුන්ට වඩාත් හොද සේවයක් වෙනුවෙන් පහසුකම් සැලසීම පිණිස කලාප කාර්යාල විවෘත කරන ලදී.
  • 1997
    • ස්වයං රැකියා ව්‍යාපෘතිවලට සහාය පිණිස ”සුරතුර” ණය යෝජනාක්‍රමය දියත් කෙරිණ. ජාතික සංවර්ධන බැංකුව NDB විසින් අරමුදල් සම්පාදිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය සහායක ව්‍යාපෘතිය (SMEAP) යටතේ බැංකුව සිය ණය පහසුකම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායයන් හා කර්මාන්ත වෙත ව්‍යාප්ත කළේය.
  • 1998
    • පෙට් කාඞ්පත් හිමියන් 125,000 ට සේවා සපයමින් ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 36 දක්වා වැඩි විය. ශාඛා 175ක් පූර්ණ වශයෙන් ස්වයංක්‍රිය තත්ත්වයට පත් කර තිබූ අතර, උකස් මාධ්‍යස්ථාන සංඛයාව 188 දක්වා වැඩි විය. විගමනික ශ්‍රමිකයන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ හවුල්ව ”විදේශිකා” නමින් හැඳින්වෙන විශේෂ ණය හා ඉතුරුම් යෝජනාක්‍රමයක් හදුන්වා දෙන ලදී.
  • 1999
    • තම භාරයේ සිටින ලාබාලයන්ට ප්‍රතිලාභ සදහා ඉතිරි කිරීමට දෙමව්පියන් හා භාරකරුවන් දිරිගන්වන තැන්පතු යෝජනාක්‍රමයක් වන ”ඉසුරු උදාන” බැංකුව දියත් කළේය.
  • 2000
    • ජනජය ඉතුරුම් හා ණය යෝජනා ක්‍රමය දියත් කරන ලදී. අළුතින් හදුන්වා දෙන ලද ”ජය ශ්‍රී ” දිනුම් ඇදීම තැන්පත්කරුවන්ට ආකර්ෂණීය ත්‍යාග ඉදිරිපත් කළේය. රට පුරා ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර ජාලය 74 තෙක් ව්‍යාප්ත විය. PABS ශාඛා සහ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර සම්බන්ධ කිරීම සදහා මාධ්‍ය ස්වයංක්‍රියනය ටෙලර් යන්ත්‍ර හුවමාරුව හදුන්වා දෙන ලදී.
2001 - 2010
  • 2001
    • පෞද්ගලික බැංකු අංශයෙන් ඇතැම් අංශ ප්‍රධානීන් බඳවා ගැනීම මගින් බැංකුවේ ආයතනික කළමනාකාරිත්ව කණ්ඩායම ශක්තිමත් කරන ලදී. උපායමාර්ගික සැලැස්මක් දියත් කිරීම හරහා බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමට මුලපුරන ලදී. මුළු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛයාව 90 තෙක් වර්ධනය විය.
  • 2002
    • PABS හි ස්වයංක්‍රීයකරණය කරන ලද ශාඛා සංඛ්‍යාව 218 තෙක් ඉහළ නැගි අතර, ශාඛා 119 ක් මධ්‍යම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, හුවමාරුවට සම්බන්ධ කෙරිණි. භාණ්ඩාගාර ස්වයංක්‍රීයකරණ පැකේජයක් ක්‍රියාත්මක කරන ලදී.
  • 2003
    • බැංකුවේ 11 වන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී අශෝක ද සිල්වා මහතා 2003 පෙබරවාරි මස 01 වැනි දින වැඩ භාරගත්තේය. යොවුන් විධායක ඉතිරිකරන්නන්ගේ YES ගිණුම දියත් කරන ලදී. ප්‍රධාන කාර්යාල ඇතුළු තෝරාගත් ශාඛා 60ක මූලික වශයෙන් ක්‍රියාත්මකව අති නවීන බැංකුකරණ පැකේජයක් හා වෙළඳ සේවා විසඳුම් ස්ථාපනය කිරීම සදහා බැංකුව මලයාසියාවේ සිල්වර් ලේක් සිස්ටම් SDY BUD සමඟ ගිවිසුමක් අත්සන් කළේය.
  • 2004
    • ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර දියත් කරන ලද 2004 - 2008 සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මේ දෙවැනි අදියර ආසියානු සංවර්ධන බැංකුවේ යළි ප්‍රාග්ධනීකරණ සහාය මත පදනම් විය. බැංකුව ප්‍රථම වතාවට BB+ පොදු තත්ත්වාගණනය ෆිච් රේටිංස් ලංකා වෙතින් ලබා ගත්තේය. මූලික බැංකුකරණ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
  • 2005
    • බැංකුවේ 15 වැනි සභාපති වශයෙන් ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මහතා 2005 දෙසැම්බර් මස මුලදී වැඩ භාර ගත්තේයග ඉන් සුඵ කාලයකට පසුව රජය, ආසියානු සංවර්ධන බැංකුව සහ මහජන බැංකුව අතර අත්සන් තබන ලද ගිවිසුමකට අනුකූලව ශ්‍රී ලංකා රජය වෙතින් බැංකුවේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ආයෝජන ප්‍රථම වාරිකය ලෙස රුපියල් බිලියන 2 ක් ලැබිණි. මූලික බැංකුකරණ ව්‍යාපෘතිය ශාඛා ජාලය හරහා තවදුරටත් ව්‍යාප්ත කෙරිණි. 2004 දෙසැම්බර් මස සුනාමියෙන් පසු යළි ගොඩනැගීම සඳහා රජයෙන් ප්‍රදානය කරන ලද මූල්‍ය සහාය ගෙන ඒමේදී බැංකුව ප්‍රධාන අතරමැදියෙකු විය.
  • 2006
    • සිය පෙර තත්ත්වාගණන මට්ටමේ සිට ප්‍රගතියක් දක්වමින්, බැංකුව සී/ස ෆිච් රේටිංස් ලංකා වෙතින් A- තත්ත්වාගණනයක් ලබා ගත්තේය.
    • ශ්‍රී ලංකා අලෙවි ආයතනය විසින් සිදු කරන ලද සම්මාන ප්‍රදානයේ දී බැංකුකරණ හා මූල්‍ය සේවා අංශයේ 2006 POP සම්මානයෙන් මහජන බැංකුව පිදුම් ලැබුවේය.
    • ශ්‍රී ලංකා රජයෙන් ලද දෙවැනි ප්‍රාග්ධන වාරිකය වූ රුපියල් බිලියනය 2006 වසර තුළදී ලැබිණි.
  • 2007
    • බැංකුවේ 16 වැනි සභාපතිවරයා වූ ඩබ්ලිව් කරුණාජීව මහතා 2007 මැයි මස දී වැඩ භාර ගත්තේය. ෆිච් රේටිංස් වෙතින් ලද A- තත්ත්වාගණන මට්ටම වර්ෂය තුළ පවත්වා ගන්නා ලදී. ශ්‍රී ලංකා රජය තෙවැනි ප්‍රාග්ධන වාරිකය වූ රුපියල් බිලියන 1.5 බැංකුවට ලබා දුන්නේය. පිට පිට දෙවැනි වසරටත් වසරේ බැංකුකරණ හා මූලය සේවා සන්නාමය වෙනුවෙන් ජනතා සම්මානය මහජන බැංකුව විසින් දිනාගන්නා ලදී. 2007 වර්ෂය තුළදී මුළු තැන්පතු රුපියල් බිලියන 300 සීමාව බැංකුව විසින් ඉක්මවන ලදී.
  • 2008
    • බැංකුවේ 12 වන ප්‍රධාන විධායක නිළධාරී/ සාමාන්‍යාධිකාරී වශයෙන් එච්. වික්‍රමසිංහ මහතා වැඩ භාර ගත්තේය.
    • ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 1.5 ක හතරවැනි ප්‍රධාන වාරිකය නිදහස් කළේය. වර්ෂයේ අවසානය වන විට බැංකුව 10.5% ප්‍රාග්ධන ප්‍රමාණවත් බව මට්ටමට ළඟා විය. තවද රුපියල් බිලියන 2ග5 ක බැංකුවේ ප්‍රථම ණයකර නිකුතුව මෙම වර්ෂයේ දී සිදු කරන ලදී.
    • විදේශයන්හි සිට මිනිත්තු ගණනකින් මුදල් ප්‍රෙෂණය කිරීම සඳහාල නවතම තාක්ෂණයේ සහාය ඇති වෙබ් අඩවි පාදක ප්‍රෙෂණ නිපැයුමක් වූ පීපල්ස් ඊ-රෙමිටන්ස් හදුන්වා දීමත් සමග බැංකුවේ ප්‍රෙෂණය සේවාවෙහි කැපී පෙනෙන දියුණුවක් ඇති විය. නව විදේශ ව්‍යාවහාර මුදල් තැන්පතු නිපැයුම් දෙකක්, එනම් ළමුන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු, නිපැයුමක් වන ”දු දරු එතෙර ඉසුර” හා ”විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම (SPEDA) දියත් කෙරිණි.
  • 2009
    • බැංකුවේ 13 වැනි ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි පී.වී. පතිරණ මහතා 2009 ජනවාරි මස දී වැඩ භාර ගත්තේය.
    • මෙම වර්ෂයේ දී බැංකුව රුපියල් බිලියන 2.5ක් සඳහා සිය දෙවැනි ණයකර නිකුතුව සිදු කළේය.
    • ශාඛා 214ක් හා සේවා මධ්‍යස්ථාන 236ක් අන්තර්ජාලය මගින් සම්බන්ධ කරනු ලැබිණි. බැංකුව දිවයින පුරා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 300ක් උපායමාර්ගික ලෙස ස්ථානගත කළේය. මුළු තැන්පතු රුපියල් බිලියන 400ක් විය.
    • බදුවලට පෙර වාර්තාගත ඉහළම ලාභය වූ රුපියල් මිලියන 6.1 සාක්ෂාත් කරගන්නා ලදී. බැංකුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට 2008 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ SAFA සම්මානයක් ලැබිණි.
  • 2010
    • 2010 ඔක්තෝබර් මස දී එච්.එස්. ධර්මසිරි මහතා බැංකුවේ 14 වැනි ප්‍රධාන විධායක නිළධාරී/ සාමාන්‍යාධිකාරි ලෙස වැඩ භාර ගත්තේය.
    • ශාඛා ජාලය හා සේවා මධ්‍යස්ථාන 679 දක්වා පුළුල් විය. ස්වයංක්රීනය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 330 දක්වා වර්ධනය විය. 2010 ජූලි මාසයේ දී පීපල්ස් ඉන්ටනැෂනල් වීසා හර කාඞ්පත දියත් කරන ලදී.
    • බැංකුවල සී/ස ෆිච් රේටිංස් ලංකා වෙතින් AA- හා රෑම් රේටිංස් වෙතින් AAA තත්ත්වාගණනයක් ලබා ගත්තේයග 2010 වර්ෂය තුළ දී මුළු තැන්පතු අගය රුපියල් බිලියන 462 ඉක්මවූයේයග බදුවලට පෙර වාර්තාගත ඉහළම ලාභය වූ රුපියල් මිලියන 8.7 අත් කරගන්නා ලදී.
    • නිව්යෝර්ක් නගරයේ පැවති සම්මාන උළෙලේදී මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව වෙනුවෙන් ARC ස්වර්ණ සම්මාන දෙකක් පිරිනමන ලදී.
  • 2011
    • බැංකුවේ 15 වැනි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී වශයෙන් එන්. වසන්ත කුමාර් මහතා 2011 පෙබරවාරි මස 22 වැනි දින එම ධූරයට පත් විය.
    • 2011 ජූලි 1 වැනි දින බැංකුව සිය ස්වර්ණ ජුබිලිය උත්සවාකාරයෙන් සැමරුවේය. මුළු ශාඛා ජාලය 714ක් වූ අතර, දිවයිනේ සියලූම පෙදෙස් පාහේ ආවරණය කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පිහිටීම් 382 දක්වා වර්ධනය විය.
    • AA ස්ථාවර උත්ශ්‍රේණිගත තත්ත්වාගණනයක් සී/ස ෆිච් රේටිංස් ලංකා වෙතින් බැංකුවට ලැබිණි. බැංකුවේ මුළු වත්කම්ල මුළු තැන්පතු සහ මුළු ණය හා ලැබිය යුතු දෑ පිළිවෙළින් රුපියල් බිලියන 663ල රුපියල් බිලියන 539 හා රුපියල් බිලියන 478 ඉක්මවීය. බදුවලට පෙර වාර්තාගත ඉහළම ලාභය වූ රුපියල් බිලියන 15.3ක් හා බදුවලට පසු ලාභය රුපියල් බිලියන 10.2ක් අත්කර ගන්නා ලදී.
    • බැංකුකරණ හා මූල්‍ය සේවා අංශයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය බැංකුව ලෙස ස්ලිම් නීල්සන් ජනතා සම්මානය, වසරේ සේවා සන්නාමය - ස්ලිම් නීල්සන් ජනතා සම්මානය දිනාගත් මහජන බැංකුව සේවා කාණ්ඩයේ ලෝකඩ සම්මානය ද 2011 ස්ලිම් සන්නාම විශිෂ්ටත්ව සම්මාන උළෙලේ දී දිනාගත්තේය.
  • 2012
    • මුළු ශාඛා ජාලය 728 දක්වා ළඟා වූ අතර, දිවයිනේ සියලූ පෙදෙස් ආවරණය කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පිහිටීම් 420 තෙක් වර්ධනය විය.
    • සී/ස ෆිච් රේටිංස් ලංකා වෙතින් AA+ ස්ථාවර උත්ශ්‍රේණිගත තත්ත්වාගණනයක් බැංකුව ලබා ගත්තේය. බැංකුවේ මුළු වත්කම්, මුළු තැන්පතු සහ මුළු ණය සහ ලැබිය යුතු දෑ පිළිවෙළින් රුපියල් බිලියන 873, රුපියල් බිලියන 683 හා රුපියල් බිලියන 660 ඉක්මවීය.
    • 2012 ජාත්‍යන්තර වාර්ෂික වාර්තා සමාගම් ARC සම්මාන උළෙලේ දී බැංකුවේ 2011 වාර්ෂික වාර්තාව එක් සුපිරි සම්මානයක් GRAND AWARD හා ස්වර්ණ සම්මාන තුනක් දිනා ගත්තේය.
  • 2013
    • 2013 පෙබරවාරි මාසයේ දී ගාමිණී එස්. සෙනරත් මහතා බැංකුවේ 17 වන සභාපති වශයෙන් වැඩ භාර ගත්තේය.
    • දිවයිනේ විවිධ ප්‍රදේශවල කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය මධ්‍යස්ථාන 23ක් පිහිටුවන ලදී.
    • වර්ෂය තුළ ගෝලීය වශයෙන් වීසා බලයලත් වෙළදුන් මිලියන 30 වැඩි සංඛ්යා්වක් වෙත ප්රමවේශය ඇතිව කාඞ් පත් මිලියන 1ක් වන වැදගත් අදියර පසු කරනු ලැබිණි.
    • සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල, සහ රේගු ගාස්තු ගෙවීම පිණිස මාර්ගගත තත්කාල ගෙවීම් පහසුකම, ආයතනික ගනුදෙනුකරුවන්ට ලබා දෙන ලදී.
    • ජාතික පොදු ඒ.ටී.එම් ස්විච් පද්ධතියට සම්බන්ධ කරනු ලැබූ පළමුවන බැංකුව බවට මහජන බැංකුව පත් විය. ඒ.ටී.එම් පිහිටි ස්ථාන 460 දක්වා වැඩි වූ අතර ශාඛා ජාලය 735 දක්වා ව්‍යාප්ත විය.
    • වසර තුළ දී බැංකුවේ සිව් වන ණයකර නිකුතුවේ දී රුපියල් බිලියන 5 වටිනා ණයකර නිකුත් කරන ලදී.
  • 2014
    • බැංකුවේ වත්කම් පදනම රුපියල් ට්රිවලියන එක ඉක්මවූයේ කර්මාන්තයෙහි දෙවැනි විශාලතම බැංකුව ලෙසය. යුරෝපීය ගෝලීය බැංකුකරණ හා මූල්‍ය සම්මාන – ශ්‍රී ලංකාව 2014 ප්‍රධානයේ දී ”2014 වසරේ බැංකුව” සම්මානය මෙන්ම 2014 ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන ප්‍රධානයේ දී ”ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුකරණ සමූහය” හා ”ශ්‍රී ලංකාවේ වඩාත්ම තිරසාර බැංකුව” යන ත්‍රිත්ව ගෞරව සම්මාන බැංකුව තමන් සතුකර ගත්තේය. 
  • 2015
    • සිය ගනුදෙනුකාර භවතුන් වෙනුවෙන් අගය යෝජනා වැඩි කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතා උත්පාදනය හා අවදානම් කළමනාකරණ ධාරිතා ශක්තිමත් කිරීම යන අරමුණු ඇතිව බැංකුව උන්නතිකාමී සංඛ්‍යාංකනය කිරීමේ මුල්පිරීමක් දියත් කළේය.
    • ඒ අනුව ගනුදෙනුකාර භවතුන් හට ආරක්ෂාව සහ විශ්වාසනීය බව වැඩිදියුණු කිරීම පිණිස බැංකුව සිය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාල ව්‍යවසාය ශක්තිය සහිත දෘඪාංග වේදිකාවක් බවට උත්ශ්‍රේණිගත කළේය.
    • මූලික බැංකුකරණ පද්ධතිය, දත්ත ගබඩා කිරීමේ ධාරිතා සහ ගෙවීම් භාර ගැනීමේ POS යටිතල පහසුකම් උත්ශ්‍රේණිගත කිරීමට ද ආයෝජන සිදු කරන ලදී.
    • තිරසාර බව කෙරෙහි බැංකුව තුළ වන කැපවීම විදහා දක්වමින් හරිත බැංකුකරණ සංකල්පකයක් බැංකුව දියත් කළේය.
    • එය බැංකුවේ 2016-2020 සඳහා වන උපායමාර්ගික සැලැස්මට සාර්ථක ලෙස ඒකාබද්ධ කර ඇති අතර, එමගින් බැංකුවේ වෙළඳපොළ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කර එහි පාර්ශ්වකරුවන්ට දිගුකාලීන අගය ලබා දීම අපේක්ෂිතය.
  • 2016
    • වර්ෂය තුළ දී සමූහය තැන්පතු සහ අත්තිකාරම් යන දෙවර්ගයටම අදාළව රුපියල් ට්රිලියන 1 වැදගත් අදියර සාක්ෂාත් කර ගත් අතර, එක් වර්ෂයක් තුළ රුපියල් ට්රියලියනයේ අසීරු ජයග්‍රහණ දෙකක් සාක්ෂාත් කරගත් එකම මූල්‍යම සේවා සමූහය මෙය විය.
    • ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන ප්‍රදානයේ දී පිට පිට තෙවන වසරටත් ”ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකුකරණ සමූහය” හා ”ශ්‍රී ලංකාවේ වඩාත්ම තිරසාර බැංකුව”සම්මාන බැංකුව වෙත පිරිනැමිණි. එය ආසියාවේ 387 වැනි විශාලතම බැංකුව ලෙස ද නම් කෙරිණ.
    • එහි සංඛ්‍යාංකනය කිරීමේ උද්යෝගිමත් වැඩසටහනට අනුවල පහසු මූලය විසදුම් හා බාධා විරහිත බැංකුකරණය වෙනුවෙන් ගනුදෙනුකාර භවතුන් වෙතින් වැඩිවන ඉල්ලූමට සඵලදායක ලෙස විසදුම් සපයමින් බැංකුව මුදල් තැන්පත් කිරිමේ යන්ත්‍ර, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ KIOSK යන්ත්‍ර සහිත ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන කොළඹ නගරයේ ස්ථාන හතක දියත් කළේය.
    • නව ගෝලීය ප්‍රවණතා අනුව යමින් සහ ගනුදෙනුකාර භවතුන්ගේ වේගයෙන් වෙනස්වන අභිලාෂයන්ට ගැලපෙන පරිදි බැංකුවේ විකාශය පිළිබිඹු කරමින් බැංකුව නව ලාංඡනයක් දියත් කළේය.
  • 2017
    • 2017 වසර තුළදී අප තම ජයග්‍රහණ රැසක් අත්කරගත් අතර සුවිශේෂි සංධිස්ථාන ගණනාවක් පසු කළේය.
    • සමස්ත මෙහෙයුම් ආදායම රු. බිලියන 79 පසුකළ අතර එය කර්මාන්තයේ ඉහළම අගයක් විය. ගෙවුණු දස වසරක කලය පුරා ජාතික ආර්ථික සංවර්ධනය සදහා බදු, විශේෂ බදු හා ලාභාංශ වශයෙන් සලසාදුන් සංයුක්ත දායකත්වය රු. බිලියන 150.0 සීමාව පසුකර ඇත. ඊට අමතරවල පසුගිය අට වසරක කාලය තුළ පළමු වරට රු. බිලියන 5.0ක නව ප්‍රාග්ධන යෙදවුමක් බැංකුවට හිමි විය.
    • සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකු ශාඛාව කොළඹ නගරයේ විවෘත කරමින් දල තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සදහා කීර්තිමත් ISO/IEC 27001: 2013 ප්‍රමිති සහතිකය දිනා ගනිමින් ද ඩිජිටල් හා තොරතුරු තාක්ෂණ අංශයන්හි පළමු ස්ථාන රැසක් හිමිකර ගැනීමට බැංකුව සමත් වූ අතර තොරතුරු ආරක්ෂණය සහ සුරක්ෂාකරණය සම්බන්ධයෙන් පිරිනමන ලොව ඉහළම ප්‍රමිති සහතිකය වන එම සහතිකය දිනූ ජාතියේ පළමු රාජ්‍ය බැංකුව අප බැංකුවයි.
    • එෂියන් බෑංකර් සගරාවට අනුව ආසියාවේ විශාලතම බැංකු අතර 400වන කීර්තිමත් ස්ථානය හිමිකර ගනිමින්ද, ද බෑංකර් (එක්සත් රාජධානිය) සගරාවට අනුවල ලොව ඉහළම බැංකු 1000 අතර සිටිමින්ද දේශියව මෙන්ම ජාත්යනන්තර වශයෙන් ද බැංකුව සම්මාන රැසක් දිනා ඇත.
    • දේශිය වශයෙන් ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මාන ප්‍රදාන උළෙලේදී 2017 වසරේ ”රටේ හොඳම බැංකුව” ලෙස සම්මානයට පාත්‍ර වූ අතර ගෝලීය සන්නාම උපදේශන නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකාවේ දෙවන අග්‍රනාම සන්නාමය වශයෙන් පිළිගැනීමට ලක් විය.
  • 2018
    • ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් ආදායම කර්මාන්තයේ ඉහළම අගය වන රුපියල් බිලියන 94.5 දක්වා ළඟා වී ඇති අතර එය 22% ක වර්ධනයකි.
    • සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළදී, මහා පරිමාණ පෞද්ගලික අංශයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිහිපයකම ප්‍රධාන මූල්‍යකරුවා වූයේ බැංකුවයි. ඔවුන් අතර වඩාත් කැපී පෙනෙන කාරණය වන්නේ සිංගර් ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීම සඳහා හේලීස් වෙත ලබා දී ඇති LKR බිලියන 10.9 සින්ඩිකේටඩ් ණය පහසුකමයි - මෙය මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගමක විශාලතම ගනුදෙනුවයි.
    • ඩිජිටල් අවකාශය තුළ බැංකුවේ ආධිපත්‍යය තවදුරටත් තහවුරු කරමින්, අපගේ ගනුදෙනුකරුවන්ගේ ප්‍රයෝජනය සහ පහසුව සඳහා විකල්ප ඩිජිටල් නාලිකා හයක් 2018 දී දියත් කරන ලදි, එනම් පීපල්ස් වේව්-ජංගම බැංකු යෙදුම, මහජන වෙබ්-අන්තර්ජාල බැංකු ද්වාරය, පීපල්ස් විස්-එක්ස්ප්‍රස් බැංකුකරණය, පීපල්ස් වයින්- ආයතනික ගනුදෙනුකරුවන් සඳහා අන්තර්ජාල බැංකුකරණය සහ ජංගම යෙදුම, RLOS- සිල්ලර ණය සම්භවය පද්ධතිය සහ CLOS- ආයතනික ණය ප්‍රභව පද්ධතිය. රටේ බොහෝ මූල්‍ය යෙදුම් අතර, පීපල්ස් රැල්ල ශ්‍රී ලංකාවේ වැඩිපුරම බාගත කර ඇති මූල්‍ය යෙදුම බවට පත්ව ඇති අතර ගූගල් ක්‍රිඩාවේ ආකර්ෂණීය 4.7 ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති අතර එය දැන් රට පුරා 300,000 කට අධික ගනුදෙනුකරුවන් විසින් නිතිපතා භාවිතා කරයි.
    • අඛණ්ඩව 12 වන වරටත් බැංකුවට 2018 වසරේ SLIM-Nielson People Awards හි “වසරේ මහජන බැංකු සේවා සැපයුම්කරු” සහ “වසරේ මහජන සේවා සන්නාමය” සම්මාන පිරිනමන ලදි.
    • 2018 ලංකා තාක්‍ෂණ සම්මාන උළෙලේදී “පාරිභෝගික පහසුව සඳහා විශිෂ්ටතා සඳහා වූ වසරේ බැංකුව” ලෙස බැංකුව ඉහළම ස්ථානය ලබා ගත්තේය. තවද, 2018 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී පීපල්ස් බැංකුව “දේශීය වෙළඳපල ළඟා කර ගැනීමේ විශිෂ්ටත්වය” සම්මානය දිනා ගත්තේය.
    • ගෝලීය මට්ටමින්, එක්සත් රාජධානියේ බැංකුකරු සඟරාව විසින් බැංකුව යළිත් වරක් ලොව හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇති අතර 2018 යුරෝපීය ගෝලීය බැංකු හා මූල්‍ය සම්මාන උළෙලේදී “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව” ලෙස සම්මාන ලැබීය.
    • තවද, ඩිජිටල්කරණයේ විශිෂ්ටත්වය සඳහා වූ අපගේ නොසැලෙන කැපවීමට සාක්ෂියක් ලෙස, පීපල්ස් බැංකුව මූල්‍ය තාක්‍ෂණ නවෝත්පාදන 2018 ආසියානු බැංකු ව්‍යාපාර ව්‍යාපාර ජයග්‍රහණ සම්මාන උළෙලේදී ආසියා පැසිෆික් කලාපයේ “හොඳම ශාඛා ඩිජිටල්කරණ ආරම්භක වැඩසටහන් සම්මානය” දිනා ගත්තේය.
  • 2019
    • පාර්ලිමේන්තුවේදී සම්මත වූ මහජන බැංකු (සංශෝධන* පනතින් පසු ණයකර නිකුතුවක් තුළින් බැංකුව රුපියල් බිලියන 10.0 ක් රැස්කළේය.
    • ස්වයං බැංකු ඒකක ප්‍රමාණය වසර තුනක් තුල 239 දක්වා ළඟා විය.
    • පීපල්ස් වේව් යෙදුම ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම බාගත කළ මුල්‍ය යෙදුම්වලින් එකක් බවට පත්විය.
    • හොඳම ඩිජිටල් බැංකුව 2019 හොඳම ඩිජිටල්කරණ ආරම්භක වැඩසටහන, 2019 දී විශිෂ්ටතම ජංගම බැංකුකරණ යෙදුම, 2019 දී ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව සහ ආසියා පැසිෆික්, මැදපෙරදිග සහ අප්‍රිකාවේ වඩාත්ම දියුණු පාරිභෝගික බැංකුව ලෙස බැංකුව පිළිගෙන තිබේ.
    • ආසියානු සංවර්ධන බැංකුව සිය වෙළෙඳ මුල්‍ය මෙහෙයුම් සඳහා මහජන බැංකුව ශ්‍රී ලංකාවේ පර ප්‍රමුඛ හවුල්කාර බැංකුව ලෙස පිළිගෙන තිබේ.
    • මහජන බැංකුව මේ දක්වා ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් විසින් ලබාගෙන ඇති විශාලතම හා දීර්ඝතම ද්වීපාර්ශ්වික අරමුදල් පහසුකමට අත්සන් තැබීය.
  • 2020
    • බැංකුව ශ්‍රී ලංකාව තුළ විශාලතම ඩිජිටල් පාසටහන ක්‍රියාත්මක කරන අතර, ඩිජිටල් මාර්ග හරහා රු.ට්‍රි 1.0 ක ගනුදෙනු සිදු කරන ලදී.
    • කොවිඞ් 19 වසංගතයෙන් පසු, බැංකුව ජාතියට, ගනුදෙනුකරුවන්ට සහ පොදු ජනතාවට සමකළ නොහැකි සහය ලබා දෙන ලදී. .
    • මහජන බැංකුව දෙවන පෙළ ස්ථර ණයකර රු.බි. 20.0ක් සාර්ථකව රැස්කළ අතර, එය අද දක්වා ක්ෂේත්‍රයේ ඉහළම අගය විය. ඉහළම ආයතන 3 අතර රැඳෙමින්, සන්නාම වටිනාකම තුළ ධනාත්මක ඉහළයාමක් ඇති කරගත් එකම රාජ්‍ය බැංකුව බවට පත් විය.
    • දේශීය සහ ජාත්යෙන්තර පිළිගැනීම් අත්කර ගනිමින්, අප බැංකුව 2020 දී ලෝකයේ ඉහළ බැංකු 1000 අතරට පත්වීම, ආසියාවේ විශාලතම බැංකු 400 අතරට පිළිගැනීම, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල්කරණ බැංකුව සහ ශ්‍රී ලංකාව තුළ වඩාත් අගයකළහැකි සමාගම ලෙස පිළිගැනීමට ලක් විය.
    • මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව 2000 ජාත්‍යන්තර ARC සම්මානයේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වාර්තාව ලෙස පිළිගැනීමට ලක් විය.
  • 2021
    • “ජාතියේ අභිමානය” යන නව ආදර්ශ පාඨය සමඟ බැංකුව සිය 60 වැනි සංවත්සරය සමරනු ලැබුවේ අනාගතය සඳහා අපගේ ප්‍රාණය ලෙසය.
    • People's Wiz, මිලියන 1.7ක පාරිභෝගිකයන් ගේ ඇතුල්වීම වාර්තා කර ඇත.
    • People’s Wave, මිලියනයකට අධික සක්‍රීය පරිශීලකයින් සිටින රටේ වැඩිපුරම බාගත කරන ලද බැංකු යෙදුම බවට පත්ව ඇත. නවෝත්පාදනය මීළඟ මට්ටමට ගෙන යමින්, බැංකුව විසින් People's Pay Wallet යෙදුම
    • හඳුන්වා දෙන ලදී
    • ISO/IEC 27001:2013 සහතිකය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම බැංකුව බවට මහජන බැංකුව පත් විය; තොරතුරු ආරක්ෂාව සහ ආරක්ෂාව සඳහා ඉහළම ජාත්‍යන්තර ප්‍රතීතනය.
    • "හොඳම ඩිජිටල් බැංකුව." සහ "ශ්‍රී ලංකාවේ හොඳම සිල්ලර බැංකුව" සිල්ලර මූල්‍ය සේවා ජාත්‍යන්තර සම්මාන 2021 හි ආසියානු බැංකුකරුවන්ගේ විශිෂ්ටත්වය.
    • CIMA, ICCSL සහ Daily FT විසින් 2021 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 අතරට.
    • 2021 ප්‍රථම කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී (WFW) ශ්‍රී ලංකාවේ හොඳම කාන්තා හිතකාමී සේවා ස්ථාන 10.
    • වසරේ සේවා සපයන්නා වීම සඳහා SLIM Nielsen People’s Award 2021.
    • World Finance and International Business Magazine Awards හි "ශ්‍රී ලංකාවේ හොඳම දේශීය බැංකුව" සහ "ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව".
    • Banker Magazine අපව ලෝකයේ "ඉහළම බැංකු 1000" අතරට අඛණ්ඩව සිව්වන වසරටත් ශ්‍රේණිගත කළේය.
  • 2022
    • එක්සෙල්සියර් සහ Elegance යන නව සන්නාම දෙකක් දියත් කර ඇත.
    • අපගේ CSR කුඩ සන්නාමය වන "මහජන මෙහෙවර" හඳුන්වා දෙන ලදී.
    • උපායමාර්ගික සැලසුම් 2022-2024 සාර්ථකව දියත් කරන ලදී.
    • බැංකුව ජාත්‍යන්තර ආයතනවලින් මෙන්ම ශ්‍රී ලාංකීය සංවිධානවලින් වසර තුළ සම්මාන සහ ඇගයීම් කිහිපයක් ලබා ගත්තේය.
      • Banker Magazine විසින් ලොව හොඳම බැංකු 1000 අතරට මහජන බැංකුව නම් කරන ලද අතර Asian Banker සඟරාව Asian Banker's Top Banks 500 අතරට අපව ඇතුළත් කළේය.
      • 2022 ජාත්‍යන්තර ARC සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන හතරක් ලැබිණි.
      • 2021 වාර්ෂික වාර්තාව CMA විශිෂ්ටතා ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන 2022 හි හොඳම ඒකාබද්ධ වාර්ෂික වාර්තා දහය අතර විය.
      • දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) සම්මාන උළෙලේ රාජ්‍ය අංශයේ බැංකු කාණ්ඩයේ ඒකාබද්ධ ලෝකඩ ජයග්‍රාහකයා වූයේ බැංකුවයි.
      • 2022 TAGS සම්මාන උළෙලේදී රාජ්‍ය අංශය සඳහා ලෝකඩ සම්මානය දිනා ගන්නා ලදී. - WFWP සම්මාන 2022 හි කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස බැංකුව පිළිගැනිණි.
      • WFWP සම්මාන 2022 හිදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා වඩාත්ම හිතකර සේවා ස්ථානය ලෙස බැංකුව පිළිගැනිණි.
  • 2023
    • වැඩිදියුණු කළ බැංකු සේවා සැපයීම සඳහා මහජන බැංකුව HDFC බැංකුව සමඟ අත්වැල් බැඳගනී.
    • දේශීය බැංකු ඒකකවල වෙළෙඳ මූල්‍ය ව්‍යාපාර කළඹ ශක්තිමත් කිරීමේ අරමුණින් අපනයන අංශයේ විශේෂිත කුඩා හා මාධ්‍ය පරිමාණ මධ්‍යස්ථාන (අපනයන මධ්‍යස්ථාන) 2023 ජූලි මාසයේ සිට කලාප හතක ස්ථාපිත කෙරේ.
    • People’s FX Future Plus විදේශ මුදල් ස්ථාවර තැන්පතු ගිණුම 2023 ජුනි මාසයේදී හඳුන්වා දෙන ලදී.
    • 2023 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයට සහය දැක්වීම සහ නඟා සිටුවීම සඳහා බැංකුව විසින් හඳුන්වා දුන් People’s Power ණය යෝජනා ක්‍රමය.
    • බැංකුව 2023 සැප්තැම්බර් මාසයේදී නව කාර්ය මණ්ඩල සාමාජිකයින් 500 ක කණ්ඩායමක් බඳවා ගන්නා ලදී.
  • 2024
    • රුපියල් බිලියන 25.1 ක බදු ගෙවීමෙන් පසු සර්වකාලීන ඉහළ ලාභයක් සමඟ වාර්තාගත කාර්ය සාධනයක් අත්කර ගත්තේය.
    • රාජ්‍යයට අයත් ව්‍යවසායන් (SOEs) සඳහා නිරාවරණය සැලකිය යුතු ලෙස අඩු කළ අතර පුද්ගලික අංශයේ ණය දක්වා ව්‍යාප්ත විය.
    • නව ආයතනික බැංකු ගනුදෙනුකරුවන් 100 ක් සම්බන්ධ කර ගන්නා ලදී.
    • ඩිජිටල් විසඳුම් ලියාපදිංචි කිරීම් මිලියන 4.4 ක් කරා ළඟා විය.
    • තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති (ISMS) සඳහා නවතම ISO 27001:2022 ප්‍රමිතිය යටතේ සහතික කළ පළමු දේශීය පද්ධතිය වශයෙන් වැදගත් ශ්‍රී ලාංකික බැංකුව බවට පත්විය.
ආශ්‍රිත සහ පරිපාලිත සමාගම්
People's Leasing & Finance PLC - (Subsidiary)
වෙළඳාම, කල්බදු හා කුලී සින්නක්කර මිලට ගැනීම. මහජන බැංකුවට අනුබද්ධිත ආයතනයකි
People's Travels Ltd - (Subsidiary)
ගුවන් ටිකට්පත් ගනුදෙනු සහ සංචාරයන් සංවිධානය කිරීම
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content