මහජන බැංකුවේ ව්‍යාපාර පුනර්ජීවන ඒකකය 2021 දී පිහිටුවන ලද්දේ සාර්ව ආර්ථික අභියෝග හේතුවෙන් මුල්‍යමය වශයෙන් බලපෑමට ලක්වු නමුත් ඉන් මිදීමට ශක්‍යතාවයක් හා විභවතාවයක් ඇති ව්‍යවසායකයන්ට එම මුල්‍ය අර්බුදවලින් මිදීමට සහාය වීමේ මුලික අරමුණ ඇතිවය.
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2024 අංක 02 දරණ චක‍්‍රලේඛය යටතේ ව්‍යාපාර පුනර්ජීවන ඒකකයේ විෂය පථය සැලකිය යුතු ලෙස පුළුල් කර ඇති අතර එය අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ප‍්‍රතිලාභ අත්පත් කර දෙමින් පීඩාවට පත් ගනුදෙනුකරුවන් යථා තත්ත්වයට පත් කිරීම සහ දිගුකාලීන වර්ධනය කරා යන ගමනේදී ඔවුන්ට සහාය වීම සඳහා උපායමාර්ගික පාලමක් ලෙස ක‍්‍රියාත්මක වන අතර ව්‍යාපාරික ශක්‍යතාවයක් හා විභවතාවයක් ඇති පීඩාවට පත් වී සිටින ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද මුල්‍ය විසඳුම් ලබාදීමට ව්‍යාපාර පුනර්ජීවන ඒකකය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
බලපෑමට ලක් වු ණය ගැනුම්කරුවන් සඳහා පිළිගත හැකි සැලැස්මක් මත මනා අවධානයක් යොමු කරමින් ව්‍යුහගත විසඳුම් ඉලක්ක කර ගත් පුනර්ජීවන ප‍්‍රවේශයක් ලබාදීම මඟින් දිගුකාලීන මුල්‍ය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කීරිම
පහත සඳහන් කොන්දේසි සපුරාලන ව්‍යාපාර සඳහා පුනර්ජීවන ඒකකය හරහා සහාය ලබා ගැනීමට අයඳුම් කළ හැකිය.:
සෑම පුනර්ජීවන උපාය මාර්ගයක්ම බැංකුවේ අභ්‍යන්තර ණය ප‍්‍රතිපත්තියට හා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නියාමන රාමුවට අනුකූලව සකස් කරනු ඇත.
ඔබට ළඟම ඇති මහජන බැංකු ශාඛාවට පිවිසීමෙන් හෝ අපගේ ප‍්‍රධාන කාර්යාලයේ ව්‍යාපාර පුනර්ජීවන ඒකකයේ පහත සඳහන් දුරකථන අංක හා සම්බන්ධවීමෙන් වැඩිදුර තොරතුරු දැන ගත හැක.