රහස්‍යතා
ප්‍රතිපත්තිය

පෞද්ගලිකත්ව දැන්වීම

(2022 අංක 09 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට (PDPA) අනුකූලව නිකුත් කරන ලදි)

මහජන බැංකුව මෙහි “අපි”, “අප”, “අපගේ” හෝ “බැංකුව” ලෙස හැඳින්වේ. අප වෙත විශ්වාසය තබා ලබා දී ඇති පුද්ගලික දත්තවල පෞද්ගලිකත්වය, රහස්‍යභාවය සහ ආරක්ෂාව සුරැකීමට අපි බැඳී සිටිමු. ඔබ අපගේ සේවාවන් භාවිතා කරන විට, අපගේ ශාඛා වෙත පැමිණෙන විට හෝ අපගේ වෙබ් අඩවිය සහ ඩිජිටල් වේදිකා සමඟ සම්බන්ධ වන විට අප විසින් පුද්ගලික දත්ත රැස් කිරීම, සැකසීම, ගබඩා කිරීම, හෙළිදරව් කිරීම සහ ආරක්ෂා කිරීම සිදු කරන ආකාරය මෙම පෞද්ගලිකත්ව නිවේදනය මගින් පැහැදිලි කරයි. ශ්‍රී ලංකාවේ 2022 අංක 09 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) සහ අනෙකුත් අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූල වීමට අපි කැපවී සිටිමු.

අපගේ සාමාන්‍ය බැංකු මෙහෙයුම්වල කොටසක් ලෙස, සේවා සැපයීමට පහසුකම් සැලසීම, නීතිමය සහ නියාමන අනුකූලතාවය සහතික කිරීම, වංචා වැළැක්වීම සහ ඔබේ සමස්ත බැංකු අත්දැකීම ඉහළ නැංවීම සඳහා අපි ඔබේ පුද්ගලික දත්ත රැස් කරන්නෙමු.

මෙම ප්‍රකාශය පුරාවට, “පුද්ගලික දත්ත” හෝ “පුද්ගලික තොරතුරු” යන්නෙන් අදහස් කරන්නේ ඔබ (දත්ත හිමිකරු) සෘජුව හෝ වක්‍රාකාරව හඳුනාගත හැකි ඕනෑම තොරතුරක් වන අතර, එයට ඔබගේ නම, හැඳුනුම්පත් අංකය, මූල්‍ය දත්ත, ස්ථාන දත්ත හෝ අන්තර්ජාල හඳුනාගැනීමක් ඇතුළත් විය හැකි අතර එපමණකට පමණක්ම සීමා නොවෙයි.

පුද්ගලික දත්ත මත සිදු කරන යම් මෙහෙයුමක් , නමුත් ඒවාට පමණක් සීමා නොවන උදාහරණ ලෙස එකතු කිරීම, ගබඩා කිරීම, සුරක්ෂිත කිරීම, වෙනස් කිරීම, නැවත ලබා ගැනීම, හෙළි කිරීම, සම්ප්‍රේෂණය කිරීම, ලබා ගැනීමට සැලැස්වීම, මැකීම, විනාශ කිරීම, විමසීම, පෙළගැස්වීම, සංයුක්ත කිරීම හෝ ඒවා පිළිබඳව තාර්කික හෝ අංක ගණිතමය මෙහෙයුම් සිදුකිරීම, දත්ත සැකසීම (processing) ලෙස හැඳින්වේ.

අප රැස් කරන සහ සකසන පුද්ගලික දත්ත මොනවාද?

සපයනු ලබන සේවාව මත පදනම්ව, ඔබ සෘජුව හෝ වක්‍රව අපට ලබා දෙන පහත සඳහන් කාණ්ඩවලට අයත් පුද්ගලික දත්ත අපි ළඟ තබා ගැනීම, රැස් කිරීම සහ සැකසීම සිදු කරන්නෙමු.

  • හඳුනාගැනීමේ දත්ත: (නම, ජාතික හැඳුනුම්පත් (NIC) අංකය, විදේශ ගමන් බලපත්‍ර අංකය, උපන් දිනය, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිකත්වය)
  • සම්බන්ධතා දත්ත: (ලිපිනය, දුරකථන අංකය, ජංගම දුරකථන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය)
  • මූල්‍ය තොරතුරු: (බැංකු ගිණුම් විස්තර, ගනුදෙනු ඉතිහාසය, ණය ඉතිහාසය, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් අංක, ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) තොරතුරු)
  • රැකියා සහ ආදායම් තොරතුරු
  • ජෛවමිතික දත්ත: (ඇඟිලි සලකුණු/මුහුණ හඳුනා ගැනීම, අත්සන, ඡායාරූප, අදාළ වන අවස්ථාවලදී CCTV දර්ශන)
  • තාක්ෂණික තොරතුරු: ඔබ අපගේ වෙබ් අඩවිය, ජංගම යෙදුම් හෝ මාර්ගගත බැංකු වේදිකා භාවිතා කරන විට ඔබගේ උපාංග වර්ගය, මෙහෙයුම් පද්ධතිය, බ්‍රව්සරය, IP ලිපිනය සහ පිහිටීම වැනි තොරතුරු.
  • අලෙවිකරණ සහ සන්නිවේදන දත්ත: ඔබගේ රුචිකත්වයන් සහ අදහස්, එනම් ඔබ කැමති නිෂ්පාදන සහ සේවා ප්‍රතිපෝෂණ පැමිණිලි සහ සමීක්ෂණ ප්‍රතිචාර වැනි දෑ.
  • සංවේදී පුද්ගලික දත්ත / විශේෂ කාණ්ඩයේ පුද්ගලික දත්ත – ජෛවමිතීය දත්ත, ළමුන්ගේ දත්ත, සෞඛ්‍ය දත්ත වැනි සංවේදී දත්ත අප එකතු කරන්නේ අවශ්‍ය වන අවස්ථාවල පමණක් වන අතර, එය ඔබගේ පැහැදිලි එකඟතාවය ලබාගෙන හෝ නීතියෙන් අවසර ලැබූ අවස්ථාවලදී පමණි.

ඔබගේ පුද්ගලික දත්ත අප එකතු කරන ආකාරය

දත්ත පාලක (Data Controller) ලෙස කටයුතු කරන මහජන බැංකුව, දත්ත සැකසීමේ නිර්වචනය කරන ලද අරමුණු සමඟ සමපාත වෙමින්, නීත්‍යානුකූල, විනිවිද භාවයෙන් යුක්ත සහ සුදුසු මාර්ග රාශියක් හරහා පුද්ගලික දත්ත රැස් කරයි. පාරිභෝගික සම්බන්ධතාවයක් ආරම්භයේදී මෙන්ම එය පවතින කාලසීමාව පුරාවටම පුද්ගලික දත්ත රැස් කළ හැකිය.

මෙයට, ගිණුම් විවෘත කිරීමේ ලේඛන, ණය සහ විස්තීරණ ණය (credit) අයදුම්පත්, උකස් ලේඛන, කල්බදු ගිවිසුම්, අණපත්‍ර (mandates), ඇපකර, ඇපයට අදාළ ලේඛන සහ බැංකු හා මූල්‍ය සේවා ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ක්‍රියාත්මක කරන ලද අනෙකුත් සියලුම බැංකු අයදුම්පත්, ගිවිසුම්, ප්‍රකාශන සහ උපකරණ හරහා ලබා ගන්නා තොරතුරු ඇතුළත් වේ. එමෙන්ම ලිඛිත අයදුම්පත්, විද්‍යුත් ඉදිරිපත් කිරීම්, මාර්ගගත බැංකු වේදිකා, ජංගම යෙදුම්, දුරකථන සන්නිවේදනය සහ බැංකු සහ මූල්‍ය සේවා සැපයීමේදී භාවිතා කරන වෙනත් ඕනෑම බලයලත් නාලිකා හරහා ඉදිරිපත් කරන තොරතුරු ද මෙයට ඇතුළත් වේ.

බැංකුවේ ශාඛා ජාලයට අමතර වශයෙන් ATM සහ CRM යන්ත්‍ර, මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ ස්ථාන, ශාඛා සහ සේවා ස්ථානවල සවිකර ඇති CCTV පද්ධති, විද්‍යුත් සහ ජංගම බැංකු වේදිකා, මාර්ගගත සේවා ද්වාර, දුරකථන අන්තර්ක්‍රියා හරහා මෙන්ම, ආරක්ෂාව සහ සේවා සැපයීමේ කාර්යයන් සඳහා සහය වන අනෙකුත් ඩිජිටල් අතුරුමුහුණත් හරහා ද පුද්ගලික දත්ත රැස් කරනු ලැබේ.

මීට අමතරව, බැංකුව විසින් ණය තොරතුරු කාර්යාංශය (CRIB), නියාමන බලධාරීන්, ව්‍යවස්ථාපිත ආයතන, නීතිය බලාත්මක කරන ආයතන, සේවා සපයන්නන් සහ සත්‍යාපනය, අනුකූලතාවය සහ අවදානම් කළමනාකරණ අරමුණු සඳහා එවැනි තොරතුරු හෙළිදරව් කිරීමට නීත්‍යානුකූලව අවසර දී ඇති වෙනත් ආයතන ඇතුළු බලයලත් බාහිර ආයතනවලින් සහ තෙවන පාර්ශවීය මූලාශ්‍රවලින් පුද්ගලික දත්ත ලබා ගත හැකිය.

සියලු දත්ත එකතු කිරීමේ ක්‍රියාකාරකම් සාධාරණ, නීතිමය සහ පැහැදිලි ආකාරයකින් සිදු කරන අතර, එම එකතු කරන පුද්ගලික දත්ත නිශ්චිත, පැහැදිලි සහ නීතිමය අරමුණු සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් සීමා වන බව අපි සහතික කරමු.


පුද්ගලික දත්ත භාවිතා කරන්නේ සහ සකසන්නේ කෙසේද?

බැංකු සහ මූල්‍ය සේවා සැපයීම පහසු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ නීතිමය හා නියාමන අවශ්‍යතා ඉටු කිරීම සඳහා අපි ඔබගේ පුද්ගලික දත්ත භාවිතා කරමින් සැකසීම සිදු කරන්නෙමු.

සියලුම සැකසුම් ක්‍රියාවලීන් නීතිමය, සාධාරණ සහ පාරදෘශ්‍ය අයුරින්, නිශ්චිත, පැහැදිලි සහ නීතිමය අරමුණු සඳහා පමණක් සිදු කරනු ලැබේ. එකතු කරන ලද අරමුණු ඉටු කිරීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් සීමා කරමින්, පුද්ගලික දත්ත ප්‍රමාණවත්, අදාළ සහ සමානුපාතික ආකාරයකින් හසුරුවන බව අපි සහතික කරමු.


පුද්ගලික දත්ත භාවිතා කරන අරමුණු

ඔබගේ පුද්ගලික දත්ත පහත සඳහන් අරමුණු සඳහා භාවිතා කළ හැක.

  1. බැංකු සේවා සැපයීම

  2. ගිණුම් කළමනාකරණය, සේවා නඩත්තු කිරීම සහ ඩිජිටල් හා භෞතික බැංකු සේවා මාර්ග ලබාදීම ඇතුළුව පාරිභෝගිකයන් ඉල්ලා සිටින බැංකු, මූල්‍ය, ණය සහ අදාළ සේවාවන් ලබාදීම සඳහා භාවිතා කරනු ලැබේ.

  3. පාරිභෝගික ඉල්ලීම් සැකසීම

  4. ශාඛා, ඩිජිටල් හෝ දුරකථන මාර්ග හරහා පාරිභෝගිකයන් විසින් ඉදිරිපත් කරන අයදුම්පත්, සේවා විමසීම්, උපදෙස්, සංශෝධන, ගනුදෙනු සැකසීම සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා භාවිතා කරනු ලැබේ.

  5. ණය ඇගයීම සහ අවදානම් තක්සේරුව

  6. ණය ලබාගැනීමේ හැකියාව (creditworthiness) ඇගයීම, ණය ආපසු ගෙවීමේ හැකියාව පරීක්ෂා කිරීම, මූල්‍ය හැසිරීම විශ්ලේෂණය කිරීම, ණය අවදානම් කළමනාකරණය, ණය අනුමත කිරීම සහ ණය පහසුකම් පිළිබඳ අඛණ්ඩ අධීක්ෂණය සිදු කිරීම සඳහා භාවිතා කරනු ලැබේ.

  7. මෙහෙයුම් සහ සංඛ්‍යානමය අරමුණු

  8. අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු, ව්‍යාපාරික විශ්ලේෂණ, කාර්ය සාධන ඇගයීම්, පුරෝකථනය කිරීම්, සංඛ්‍යානමය වාර්තාකරණයන්, සේවා ප්‍රශස්තකරණය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගත් උපායමාර්ගික සැලසුම් සඳහා සහාය වීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි. තවද, ණය අයකර ගැනීමේ සිහි කැඳවීම් බෙදා හැරීම, අභ්‍යන්තර වාර්තා තබා ගැනීම, දත්ත විශ්ලේෂණය, පර්යේෂණ සහ සංඛ්‍යානමය කටයුතු සිදු කිරීම මෙන්ම අපගේ නිෂ්පාදන, සේවා සහ වෙබ් අඩවිය වඩාත් ගුණාත්මක ලෙස වැඩිදියුණු කිරීම සඳහා ද මෙම දත්ත භාවිතා කරනු ලැබේ.

  9. පාරිභෝගික සම්බන්ධතාව කළමනාකරණය

  10. පාරිභෝගික සම්බන්ධතාවය එහි සම්පූර්ණ ජීවිත කාලය තුළ පවත්වාගෙන යාම සහ කළමනාකරණය කිරීම, සන්නිවේදනය, සේවා යාවත්කාලීන කිරීම, ගිණුම් සමාලෝචනය සහ පාරිභෝගික අන්තර්ක්‍රියා කළමනාකරණය සඳහා භාවිතා කරනු ලැබේ.

  11. වෙළඳපොළ සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම්

  12. ඔබගේ එකඟතාවය සහ කැමැත්තන් අනුව නව හෝ පවතින නිෂ්පාදන, සේවා, ප්‍රවර්ධන වැඩසටහන්, ලෝයල්ටි වැඩසටහන් සහ පුද්ගලිකව සකස් කළ යෝජනා පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා භාවිතා කරනු ලැබේ.

  13. කුකීස් සහ සමාන තාක්ෂණයන්

  14. කුකීස් (Cookies) යනු, ඔබ අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වන විට ඔබගේ වෙබ් බ්‍රවුසරයේ හෝ උපාංගයේ මතකයේ ගබඩා වන කුඩා පෙළ ගොනු (small text files) වේ. කුකීස් සහ පික්සල් (Pixels), ටැග් (Tags), වෙබ් බීකන්ස් (Web Beacons) වැනි සමාන තාක්ෂණයන් භාවිතා කිරීම මඟින් බැංකුවට පුද්ගලික දත්ත, හැසිරීම් සම්බන්ධ දත්ත (උදාහරණයක් ලෙස ඔබ නරඹන ලද පිටු සහ ක්ලික් කිරීමේ ක්‍රියාකාරකම්), සහ තාක්ෂණික දත්ත (උදාහරණයක් ලෙස IP ලිපිනය සහ උපාංග තොරතුරු) රැස් කිරීම සහ සැකසීම සිදු කළ හැකිය.බැංකුව අත්‍යාවශ්‍ය කුකීස් (Strictly Necessary Cookies), කාර්ය සාධන කුකීස් (Performance Cookies), ක්‍රියාකාරීත්ව කුකීස් (Functionality Cookies), සහ ප්‍රචාරණ /ඉලක්කගත කුකීස් (Advertising/Targeting Cookies) ඇතුළු විවිධ වර්ගයේ කුකීස් භාවිතා කරයි. මෙම තාක්ෂණයන් මඟින් රැස් කරන තොරතුරු වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම, ඔබගේ පරිශීලක අත්දැකීම පුද්ගලීකරණය කිරීම, ඔබගේ රුචිකත්වයන්ට ගැළපෙන ප්‍රචාරණ සහ දීමනා (බැංකුවේ වේදිකාවල හෝ සමාජ මාධ්‍ය ඇතුළු තෙවන පාර්ශව වේදිකාවල පෙන්වන දීමනා ඇතුළුව) ඉදිරිපත් කිරීම, අලෙවිකරණ ක්‍රියාකාරකම්වල සාර්ථකත්වය ඇගයීම සහ සමාන රුචිකත්වයන් ඇති පාරිභෝගික කණ්ඩායම් හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලැබේ. අදාළ නීතිමය අවශ්‍යතා අනුව, අත්‍යාවශ්‍ය නොවන කුකීස් භාවිතය සඳහා දත්ත විෂයයාගේ (Data Subject) අනුමැතිය ලබා ගනු ලැබේ.

    දත්ත විෂයයන්ට තම කුකීස් මනාපයන් කළමනාකරණය කිරීමේ පහසුකම ලබා දී ඇත. ඒ අනුව, අත්‍යාවශ්‍ය නොවන කුකීස් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම, මෙන්ම ඕනෑම අවස්ථාවක තම අනුමැතිය ඉවත් කර ගැනීම, බැංකුවේ වෙබ් අඩවියේ පවතින කුකීස් අනුමැති යාන්ත්‍රණය (Cookie Consent Interface) හරහා සිදු කළ හැකිය.

  15. ආරක්ෂාව සහ වංචා වැළැක්වීම

  16. වංචා, අනවසර ගනුදෙනු, සයිබර් ප්‍රහාර, මූල්‍ය අපරාධ සහ අනෙකුත් ආරක්ෂක තර්ජන හඳුනාගැනීම, වැළැක්වීම සහ පරීක්ෂා කිරීම සඳහා මෙන්ම බැංකු පරිශ්‍ර, ඩිජිටල් වේදිකා සහ වැදගත් තාක්ෂණික පද්ධති ආරක්ෂා කිරීම සඳහා භාවිතා කරනු ලැබේ.

  17. නීතිමය සහ නියාමන වගකීම් ඉටු කිරීම

  18. ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය, බදු සහ අධීක්ෂණ බලධාරීන්, නීතිය බලාත්මක කරන ආයතන, අධිකරණ සහ අනෙකුත් නිපුණ නියාමන ආයතන විසින් පනවන ලද බැඳීම් ඉටු කිරීම සඳහා භාවිතා කරන අතරම මෙයට ව්‍යවස්ථාපිත වාර්තාකරණය, අධීක්ෂණය, නිසි පරීක්ෂාව (due diligence) සහ වාර්තා තබා ගැනීමේ අවශ්‍යතා ඇතුළත් වේ.


පුද්ගලික දත්ත හෙළිදරව් කිරීම

මහජන බැංකුව ලෙස අපට ඔබගේ පුද්ගලික දත්ත හෙළිදරව් කළ හැක්කේ නීත්‍යානුකූල පදනමක් මත පමණි, එනම්: ඔබගේ පැහැදිලි කැමැත්ත ඇතිව, ඔබ සමඟ ඇති ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා, නීතිමය හෝ නෛතික වගකීමකට අනුකූල වීම සඳහා, ඔබගේ අයිතිවාසිකම් සහ නිදහස අභිබවා නොයන ලෙස බැංකුවේ නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කිරීමට, ඔබගේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතයට, සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවකදී ඊට ප්‍රතිචාර දැක්වීම පිණිස, හෝ මහජන යහපතට හෝ නිල බලය ක්‍රියාත්මක කිරීමට අදාළ අවස්ථාවන්හිදී පමණි.

ඔබගේ පුද්ගලික දත්ත පහත සඳහන් අනුමත පාර්ශවයන් සමඟ බෙදාගත හැක,

  • නියාමන සහ රජයේ ආයතන (මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය, අධිකරණ, නීතිය බලාත්මක කරන ආයතන, EPF/ETF බලධාරීන්)
  • බැංකු, මූල්‍ය ආයතන සහ ණය තොරතුරු කාර්යාංශ (CRIB, නියෝජිත බැංකු)
  • වෘත්තීය උපදෙස් දෙන්නන් සහ නීති නියෝජිතයින් (නීතිඥයින්, විගණකවරුන්, උපදේශකයින්, භාරකරුවන්, ඇටෝර්නි බලපත්‍ර දරන්නන්)
  • තෙවන පාර්ශවීය සේවා සපයන්නන් (තොරතුරු තාක්ෂණ, ක්ලවුඩ්, කාඩ්පත් සැකසීම, කුරියර්, රක්ෂණ, අයකර ගැනීමේ නියෝජිතයන්)
  • ව්‍යාපාරික සහ ආයතනික හවුල්කරුවන් (හෝටල්, සංචාරක නියෝජිතයන්, වෙළෙන්දන්, පුණ්‍යාධාර හවුල්කරුවන්, අනුබද්ධ සමාගම්)

ඕනෑම පෞද්ගලික දත්ත හෙළිදරව් කිරීමක් අදාළ අරමුණ සඳහා අවශ්‍ය, අදාළ සහ සමානුපාතික වන බවත්, 2022 අංක 09 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූල වන බවත් සහතික කරමු.


පුද්ගලික දත්ත ආරක්ෂා කරන ආකාරය

මහජන බැංකුව ලෙස, ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂිතව සහ රහසිගතව තබා ගැනීමට අපි ශක්තිමත් තාක්ෂණික සහ ආයතනික පියවරයන් අනුගමනය කරන්නෙමු. ඔබගේ දත්ත වෙත ප්‍රවේශවීම, තම රාජකාරි ඉටු කිරීම සඳහා එය අවශ්‍ය වන බලයලත් සේවකයින්, නියෝජිතයින්, කොන්ත්‍රාත්කරුවන් සහ සේවා සපයන්නන් වෙත පමණක් දැඩි ලෙස සීමා කර ඇත. එවැනි සියලුම පාර්ශවයන් රහස්‍යභාවය සහ නීතිමය බැඳීම්වලට යටත් වේ.

ප්‍රධාන ආරක්ෂණ ක්‍රමවේදයන් අතරට:

  • ගබඩා කිරීමේදී සහ සම්ප්‍රේෂණය කිරීමේදී දත්ත කේතනය (Encryption) කිරීම
  • ආරක්ෂිත ප්‍රවේශ පාලනයන් සහ සත්‍යාපන පියවරයන්
  • අනවශ්‍ය ලෙස දත්ත හැසිරවීම අවම කිරීම සඳහා "දැනගත යුතු ප්‍රමාණයට පමණක්" (Need-to know) ප්‍රවේශය ලබා දීම
  • නිතිපතා ආරක්ෂක විගණන සහ අධීක්ෂණය
  • භෞතික සහ විද්‍යුත් වාර්තා ආරක්ෂිතව ගබඩා කිරීම සහ නිසි ලෙස විනාශ කිරීම
  • බැංකු පරිශ්‍රයන්හි CCTV සහ භෞතික ආරක්ෂාව
  • දත්ත ආරක්ෂණය සහ ආරක්ෂිතව දත්ත හැසිරවීමේ භාවිතයන් පිළිබඳ කාර්ය මණ්ඩල පුහුණුව

යම් දත්ත උල්ලංඝනයක් සිදුවුවහොත් එය හඳුනා ගැනීමට, කළමනාකරණය කිරීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට ද අපි ක්‍රියා පටිපාටි පවත්වාගෙන යන්නෙමු. නීතියෙන් අවශ්‍ය වන අවස්ථාවලදී, අපි ඔබට සහ අදාළ නියාමකයින්ට ඒ පිළිබඳව වහාම දැනුම් දෙන්නෙමු.


පාරිභෝගිකයෙකු ලෙස ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා ඔබටද වැදගත් භූමිකාවක් ඇත. ඒ සඳහා පහත පියවර අනුගමනය කිරීම අපි ඔබට උපදෙස් දෙන්නෙමු.


  • ඔබගේ මුරපද (passwords), PIN අංක, OTP හෝ ගිණුම් විස්තර ඉල්ලා සිටින වංචනික විද්‍යුත් තැපැල් (phishing emails), ඇමතුම්, SMS පණිවිඩ සහ සමාජ ඉංජිනේරු (social engineering) උත්සාහයන් පිළිබඳව විමසිලිමත් වන්න.
  • බැංකුව නියෝජනය කරන බව පවසන පුද්ගලයින් ඇතුළු කිසිවෙකු සමඟ ඔබේ PIN, OTP, මුරපද හෝ මාර්ගගත බැංකු පිවිසුම් තොරතුරු කිසිවිටෙකත් බෙදා නොගන්න.
  • ඔබගේ මුරපද (password) වෙනස් කර ඔබගේ උපාංගවල ආරක්ෂක විශේෂාංග සක්‍රීය කරන්න.
  • අපගේ ඩිජිටල් සේවා භාවිතා කරන විට නිල සහ විශ්වාසදායක මාර්ග පමණක් භාවිතා කරන්න.
  • ඔබගේ ගිණුම් ක්‍රියාකාරකම් නිතර සමාලෝචනය කර සැක සහිත ගනුදෙනු තිබේ නම් වහාම දැනුම් දෙන්න.
  • ඔබගේ පුද්ගලික ලේඛන සහ බැංකු කාඩ් ආරක්ෂිතව තබාගන්න සහ නොසැලකිලිමත් ලෙස නොතබන්න.

මෙම පියවර අනුගමනය කිරීමෙන්, ඔබගේ පුද්ගලික තොරතුරු අනවසරයෙන් ප්‍රවේශ කිරීම හෝ අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.


දත්ත රඳවා තබා ගැනීම (Data Retention)

බැංකු සේවා සැපයීම, ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීම හෝ අපගේ නීත්‍යානුකූල ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලීම ඇතුළුව, පුද්ගලික දත්ත රැස් කරන ලද අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කාලසීමාව දක්වා පමණක් අපි ඔබගේ පුද්ගලික දත්ත රඳවා තබා ගන්නෙමු. වෙනත් ආකාරයකින් අවශ්‍ය නොවන අවස්ථාවලදී, ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතට (RTI පනත) අනුකූලව පුද්ගලික දත්ත රඳවා තබා ගනු ලැබේ. නිශ්චිත රඳවා තබා ගැනීමේ කාලසීමාව සේවා වර්ගය, ගිවිසුම, පාරිභෝගිකයා සමඟ සිදු කරන ගනුදෙනුව හෝ අදාළ නීතිය යටතේ පවතින ඕනෑම නීතිමය අවශ්‍යතාවයක් මත පදනම්ව වෙනස් විය හැකිය.


දත්ත හිමිකරුවෙකු ලෙස ඔබගේ අයිතිවාසිකම්

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ ඔබට හිමි අයිතිවාසිකම් අපි පිළිගෙන සහතික කරමු. මෙම අයිතිවාසිකම් භාවිතා කිරීම සඳහා ඔබට බැංකුව වෙත ඉල්ලීමක් යැවිය හැක. ඔබගේ අයිතිවාසිකම් පහත පරිදි වේ:

  1. ප්‍රවේශ අයිතිය (Right of Access) : බැංකුව විසින් ඔබගේ පුද්ගලික දත්ත සකසන්නේ දැයි විමසීමට සහ එම දත්තවල පිටපතක් ඉල්ලා සිටීමට ඇති අයිතිය.
  2. එකඟතාවය ඉවත් කර ගැනීමේ අයිතිය (Right to Withdraw Consent): ඔබගේ පුද්ගලික දත්ත සැකසීම සඳහා ඔබ මීට පෙර ලබා දී ඇති ඕනෑම කැමැත්තක් ඉල්ලා අස්කර ගැනීමට ඇති අයිතිය.
  3. විරෝධය දැක්වීමේ අයිතිය (Right to Object): බැංකුවේ නීත්‍යානුකූල අවශ්‍යතා මත පදනම්ව ඔබේ දත්ත සැකසීමට එරෙහිව විරුද්ධ වීමට ඇති අයිතිය (වෙනත් ප්‍රබල නීතිමය හේතූන් නොමැති නම්).
  4. නිවැරදි කිරීමේ අයිතිය (Right to Rectification): වැරදි හෝ අසම්පූර්ණ පුද්ගලික දත්ත නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමට ඇති අයිතිය.
  5. මකා දැමීමේ අයිතිය / අමතක කරවීමේ අයිතිය (Right to Erasure – Right to be Forgotten): දත්ත තවදුරටත් අවශ්‍ය නොවන විට, කැමැත්ත ඉල්ලා අස්කර ගත් විට හෝ දත්ත සැකසීම නීති විරෝධී වන විට ඔබගේ පුද්ගලික දත්ත මකා දමන ලෙස ඉල්ලා සිටීමට ඇති අයිතිය.
  6. සැකසීම සීමා කිරීමේ අයිතිය (Right to Restrict Processing): සමහර අවස්ථාවලදී, උදාහරණයක් ලෙස දත්ත නිවැරදි බව පිළිබඳ විවාදයක් ඇති විට, දත්ත සැකසීම තාවකාලිකව සීමා කිරීමට ඉල්ලීමක් කිරීමට ඇති අයිතිය.
  7. සමාලෝචනයක් ඉල්ලා සිටීමේ අයිතිය (Right to Request a Review): ඔබ පිළිබඳ තීරණයක් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය සැකසීමක් මත පදනම්ව ගෙන ඔබට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි නම්, එම තීරණය බැංකුවේ මානව තීරණකරු විසින් සමාලෝචනය කිරීමක් සඳහා ඉල්ලා සිටීමට ඇති අයිතිය.

ඔබගේ ඉල්ලීම ලැබුණු පසු, බැංකුව වහාම එය පිළිගන්නා අතර, පුද්ගලික දත්ත ආරක්ෂණ පනත මගින් නියම කර ඇති කාල සීමාව තුළ ප්‍රතිචාර දක්වනු ඇත. සංකීර්ණ ඉල්ලීම් සඳහා අමතර කාලයක් අවශ්‍ය විය හැකි නමුත්, එවැනි කාලය දීර්ඝ කිරීමකට හේතු ඔබට දැනුම් දෙනු ලැබේ. ඉහත සඳහන් අයිතිවාසිකම්වලට අමතරව, ඔබගේ පුද්ගලික දත්ත පුද්ගලික දත්ත ආරක්ෂණ පනත උල්ලංඝනය වන ආකාරයෙන් සකසා ඇති බව ඔබ විශ්වාස කරන්නේ නම්, පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔබට අයිතියක් ඇත. ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් පළමුව අපගේ දත්ත ආරක්ෂණ නිලධාරියා (Data Protection Officer) සම්බන්ධ කර ගන්නා ලෙස අපි ඔබව දිරිමත් කරන අතර, ලබා දෙන විසඳුම පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් ඔබේ පැමිණිල්ල පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත යොමු කළ හැකිය.


ස්වයංක්‍රීය තීරණ ගැනීම

ණය ඇගයීම, අවදානම් තක්සේරුව හෝ වෙනත් බැංකු මෙහෙයුම් වැනි තීරණ සඳහා සහාය වීමට මහජන බැංකුව විසින් පුද්ගල පැතිකඩ දැක්වීම (profiling) ඇතුළු ස්වයංක්‍රීය පද්ධති භාවිතා කරනු ලබයි. යම් තීරණයක් ඔබට සැලකිය යුතු ලෙස බලපාන්නේ නම් සහ එය තනිකරම ස්වයංක්‍රීය කිරීම මගින් ගනු ලැබුවේ නම්, මානුෂීය මැදිහත්වීමක් සහ එම තීරණය පිළිබඳ සමාලෝචනයක් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත. එම සැකසුම් ක්‍රියාවලියට අදාළ තර්කනය සහ එවැනි දත්ත සැකසීමක ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳ පැහැදිලි කිරීමක් ද ඔබට ඉල්ලා සිටිය හැකිය. මෙලෙස සියලුම ස්වයංක්‍රීය තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කෙරේ.



පෞද්ගලිකත්ව නිවේදනයේ යාවත්කාලීන කිරීම්

නීතිමය, නියාමන හෝ මෙහෙයුම් වෙනස්කම් පිළිබිඹු කිරීම සඳහා මෙම පෞද්ගලිකත්ව දැන්වීම වරින් වර යාවත්කාලීන කළ හැකිය. එහි නවතම සංස්කරණය බැංකුවේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන අතර, ඉල්ලීමක් මත ලබා ගත හැකිය.



දත්ත පාලක තොරතුරු

    දත්ත පාලක (Data Controller) යනු ඔබගේ පුද්ගලික දත්ත සැකසීමේ අරමුණු සහ ක්‍රමවේදයන් තීරණය කිරීම සම්බන්ධයෙන් වගකීම දරන ආයතනයයි. මහජන බැංකුව විසින් සකසනු ලබන සියලුම පුද්ගලික දත්ත සඳහා දත්ත පාලකයා වන්නේ:


    දත්ත පාලක:

    මහජන බැංකුව,
    මහජන බැංකු ප්‍රධාන කාර්යාලය (පීපල්ස් ටවර්)
    අංක 374, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවත,
    කොළඹ 02, ශ්‍රී ලංකාව.

    දත්ත පාලකයා ලෙස, මහජන බැංකුව ඔබගේ පුද්ගලික දත්ත 2022 අංක 09 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනත, අදාළ රෙගුලාසි සහ මෙම පෞද්ගලිකත්ව නිවේදනයට අනුකූලව සකසන බව සහතික කරයි. ඔබගේ පුද්ගලික දත්ත සැකසීම සම්බන්ධ සියලුම ඉල්ලීම්, විමසීම් හෝ පැමිණිලි පහත සඳහන් කර ඇති දත්ත ආරක්ෂණ නිලධාරියා වෙත යොමු කළ යුතුය.



අප සමඟ සම්බන්ධ වන්න (Contact Us)

මෙම පෞද්ගලිකත්ව දැන්වීම හෝ අපගේ දත්ත ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර අපගේ දත්ත ආරක්ෂණ නිලධාරියා සමඟ පහත ලිපිනයෙන් සම්බන්ධ වන්න.



මහජන බැංකු ප්‍රධාන කාර්යාලය (පීපල්ස් ටවර්),
අංක 374, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවත,
කොළඹ 02, ශ්‍රී ලංකාව.
Email: dpo@peoplesbank.lk
සම්බන්ධතා අංකය: +94 11 3740417

TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න
ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content