ළමා

ඉසුරු උදාන

ඉසුරු උදාන යනු උපතේ සිට අවුරුදු 5 දක්වා දරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ඉතුරුම් ගිණුමකි. දිවයින පුරා විසිරුණු ඕනෑම මහජන බැංකු ශාඛාවකදී, රු. 100 ක අවම තැන්පතුවක් සමගින් මෙම ගිණුමක් විවෘත කළ හැකි වේ. උපතේ සිට පාසල් යන වයස දක්වා වන දරුවන් වෙනුවෙන් පළමු රු. 100 ද, දැනටමත් පාසල් යන දරුවන් වෙනුවෙන් පළමු රු. 250 ද බැංකුව විසින් තැන්පත් කරනු ලබනු ඇත.
මෙම ගිණුමෙහි විශේෂත්වයන් වන්නේ 'ඉසුරු උදාන' තෑගි වවුචර ලබාගත හැකි වීම සහ දරුවාගේ වර්ධනයට සහ අධ්‍යාපනයට වැදගත් වන ත්‍යාග පිරිනැමීමයි. රු. 200, 500, 1000, 2000, 5000 හෝ 10000 වටිනාකම්වලින් යුත් තෑගි වවුචර ඕනෑම මහජන බැංකු ශාඛාවකින් මිලදීගත හැකි අතර අලුතින් ඉසුරු උදාන ගිණුමක් ආරම්භ කිරීමට හෝ පවතින ගිණුමකට මුදල් බැර කිරීම සඳහා ඒවා භාවිතා කළ හැකි වේ.
දරුවාට වයස අවුරුදු 6 පිරුණු පසුව මෙම ගිණුම ස්වයංක්‍රීයව සිසු උදාන ගිණුමක් බවට පරිවර්තනය වේ.

ගිණුම් විශේෂාංග

දෙමාපියන් හෝ භාරකාරු මගින් ඉසුරු උදාන ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකියි.

සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට සාපේක්ෂව 1% ක බෝනස් ඉතුරුම් පොළියක්

මෙම ගිණුමේ විශේෂත්වය වනුයේ ඉසුරු උදාන තෑගී වව්චරයි.


සුදුසුකම්

  • උපතේ සිට අවුරුදු 5 දක්වා දරුවන් සඳහා

විශේෂ ප්‍රතිලාභ

  • තෑගි වවුචර සහ දරුවාගේ වර්ධනයට සහ අධ්‍යාපනයට වැදගත් වන ත්‍යාග හිමිවීම
  • දෛනික ශේෂය මත පොලිය ගණනය වීම
  • උපතේ සිට පාසල් යන වයස දක්වා වන දරුවන් වෙනුවෙන් පළමු රු. 100 ද, දැනටමත් පාසල් යන දරුවන් වෙනුවෙන් පළමු රු. 250 ද බැංකුව විසින් තැන්පත් කරනු ලැබීම

තෑගි වවුචර්

තැන්පතු පරාසය රු
තෑගි වවුචරයේ වටිනාකම
තෑගි වර්ගය
අලුත උපන් බිළිඳුන් සඳහා විකල්ප විකල්ප තෑගි
1,000/-
-
බ්‍රැන්ඩඩ් ටෙඩි බෙයාර්
ළදරු තොප්පිය හෝ බිබ් එකක්
2,500/-
-
පින්තූර පොත සහ පැන්සල් පෙට්ටිය
ළදරු රැට්ල් කට්ටලය
5,000/-
-
බ්‍රැන්ඩඩ් පාසල් බෑගය හෝ හෝ Building Blocks කට්ටල
පෝෂණ කුසලාන කට්ටලය
10,000/-
-
ප්‍රහේලිකා පින්තූර කට්ටල සහ කුඩ
ළදරු රැකවරණ කට්ටලය
25,000/-
-
පෙර පාසල් ද්‍රව්‍ය කට්ටලය
ළදරු ඇල්බමය හෝ නිදි කොට්ටය
50,000/-
1,200/-
නැවත ආරෝපණය කළ හැකි දුරස්ථ පාලක කාර් හෝ ඉලෙක්ට්‍රොනික් බෝනික්කා
ළදරු බෑගය හෝ ඇඳ ඇතිරිලි
100,000/-
3,000/-
මිනි ස්කූටරය හෝ මෙලෝඩිකා
රුපියල් 3500/- ක තෑගි වවුචරය
250,000/-
3,500/-
ජේෂ්ඨ දරුවන් සදහා Mini Laptop
රුපියල් 4000/- ක තෑගි වවුචරය
500,000/-
8,000/-
රෝද සහිත ළමා ගමන් බෑගය
රුපියල් 5000ක තෑගි වවුචරය
1,000,000/-
15,000/-
නැවත ආරෝපණය කළ හැකි ස්වයං රිය පැදවීමේ කාර්
රුපියල් 10000/- ක තෑගි වවුචරය

*පවතින ශේෂය මත පදනම්ව


අපව අමතන්න

  • +94112481510
  • info@peoplesbank.lk
දැන් විමසන්න
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content