කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන යෝජනා ක‍්‍රමය (ණය, ණයවර ලිපි පහසුකම්, ස්ථාවර අයිරා)
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික කටයුතු. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 15 සිට රු. මිලියන 750 සහ ව්‍යාපාර..
වැඩිදුර කියවන්න
මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන (CSDDLS)
කිරි කර්මාන්තයට ශීඝ්‍රයෙන් වර්ධනය වීමට දැවැන්ත විභවයක් ඇති අතර එමඟින් සමස්ත ආර්ථික සංවර්ධනයට දහස් ගණනක් සෘජු සහ...
වැඩිදුර කියවන්න
"ව්‍යාපාර බලය" ණය යෝජනා ක‍්‍රමය
"ව්‍යාපාර බලය" යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, අපනයන...
වැඩිදුර කියවන්න
SMELoC අමතර අරමුදල් III - COVID 19 සඳහා වන හදිසි ප්‍රතිචාර පහසුකම (කාරක ප්රාග්ධන මූල්‍යනය) ණය යෝජනා ක‍්‍රමය
වෙළඳාම, ලීසිං සහ කුලියට දීමේ ව්‍යාපාර හැර වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750.0 ට අඩු සියලුම ව්‍යවසායන් සඳහා කාරක ප්රාග්ධන ණය
වැඩිදුර කියවන්න
“ සාර භූමි “ – දේශීය කාබනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක නිෂ්පාදකයින් සඳහා විශේෂ ණය යෝජනා ක‍්‍රමය.
වැඩිදුර කියවන්න
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය
අපගේ සේවාවන් හරහා සමාජය තුළ යහපත් වෙනසක් ඇති කළ හැකි බව අපි විශ්වාස කරන්නෙමු. ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම සහනදායී ආකාරයට බැංකු සේවාවන් ලබාගැනීමේ අවස්ථාව උදාකර දීම අපගේ ඉලක්කය වේ. අපගේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය හඳුන්වා දී ඇත්තේ මෙම ඉලක්කය ළඟා කරගැනීමේ අරමුණිනි.
- විශේෂාංග
- සුදුසුකම්
- අපව අමතන්න
විශේෂාංග
පොලී අනුපාතය
- AWPLR+3.5% (මාසික සමාලෝචනය - අවම මිල අනුපාත 22%)
උපරිම ණය ප්‍රමාණය
- පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ.
ආපසු ගෙවීමේ කාලය
- ආපසු ගෙවීමේ කාලය ආයෝජන ණය උපරිම සහන කාලය (අවශ්‍ය නම්) මාස 24 ද ඇතුළුව උපරිම වසර 10 ක් දක්වා
සුරැකුම්
- පුද්ගල ඇප, චංචල හෝ නිශ්චල දේපළ උකස් තැබීම් හෝ බැංකුවට පිළිගත හැකි වෙනත් ඕනෑම ආකාරයක සුරැකුමක්
පොලී අනුපාතය
- නිෂ්පාදන හා සේවා - සතිපතා AWPLR+ 2.5% (වාර්ෂිකව)
- වෙළඳාම් - සතිපතා AWPLR+ 3.5% (වාර්ෂිකව)
උපරිම ණය ප්‍රමාණය
- පාරිභෝගිකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ.
ආපසු ගෙවීමේ කාලය
උපරිම ණය ප්‍රමාණය
- පාරිභෝගිකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ.
ඇප
- බැංකුවට පිළිගත හැකි ඕනෑම ආකාරයක ඇපයක්
පොලී අනුපාතය
- නිෂ්පාදන හා සේවා - සතිපතා AWPLR+ 2.5% (වාර්ෂිකව)
- වෙළඳාම් - සතිපතා AWPLR+ 3.5% (වාර්ෂිකව)
උපරිම ණය ප්‍රමාණය
- පාරිභෝගිකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුව තීරණය වේ.
ආපසු ගෙවීමේ කාලය
- රු. මිලියන 5 කට අඩු නිත්‍ය බැංකු අයිරා පහසුකම් වාර්ෂික ඇගයුමකට යටත්ව වසර 3 ක් සඳහා
- රු. මිලියන 5 ට වැඩි බැංකු අයිරා පහසුකම් දින 365 ක් (වසර 1 ක්) සඳහා වලංගු වන අතර වාර්ෂිකව ඇගයුමට ලක්වේ.
සුදුසුකම්
කුඩා හා මධ්‍යම පරිමාණ කාණ්ඩයන්ට අයත් ව්‍යාපාර මේ සඳහා සුදුසුකම් ලබයි. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 15 සිට රු. මිලියන 750 දක්වා වන ව්‍යාපාර සහ රු. මිලියන 1 සිට රු. මිලියන 5 දක්වා ප්‍රාග්ධන ආයෝජනයක් සහිත ආරම්භක මට්ටමේ ව්‍යාපාර මීට අයත් වේ.
පහත සඳහා ව්‍යාපෘති/ව්‍යාපාර සඳහා ආයෝජනයන් සිදුකිරීම සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සිදුකෙරේ.
- කෘෂිකර්මය
- කෘෂිකර්මයට සම්බන්ධ ව්‍යපෘති/ව්‍යාපාර
- කාර්මික ව්‍යාපාර
- වෙළඳ ව්‍යාපාර
- කිරි හා කිරි නිෂ්පාදන ව්‍යාපෘති
- පශු සම්පත්
- විසිතුරු මසුන්
- ධීවර කර්මාන්තය
- තොරතුරු තාක්ෂණය
- ඇඟලුම් තාක්ෂණය
- සංචාරක හා හෝටල් ව්‍යාපෘති
- ගොඩනැගිලි ඉදිකිරීම්
- මුද්‍රණ
- අධ්‍යාපනය
- සේවා සම්පාදනය
- ආනයන හා අපනයන ව්‍යාපාර
- සෞඛ්‍ය සේවා
- වෙනත් ආකාරයේ ආර්ථික ක්‍රියාකාරකම්
- වෙනත් බැංකු හෝ මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය පියවීමේ ණය සේවාවන්
මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන
කිරි කර්මාන්තය යනු තවදුරටත් පුළුල් වෙමින්, දහස් ගණනකට රැකියා අවස්ථා උදාකර දෙමින්, සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වීමේ හැකියාවක් ඇති කර්මාන්තයකි. එය දියුණු කිරීමට නම් නව තාක්ෂණය, නව යන්ත්රසූත්ර සහ උසස් වර්ගයේ එළදෙනුන් ආදිය ලබාගැනීම සඳහා අවශ්‍ය ප්රාග්ධනය සම්පාදනය කළ යුතු වේ. දැනට පවතින ආකාරයට ඉතා කුඩා පරිමාණයේ කිරි ගොවීන් මට්ටම ඉක්මවා ගොස් පෞද්ගලික අංශයේ දායකත්වය ලබන, වාණිජ වශයෙන් ලාභදායී මධ්‍යම පරිමාණයේ කර්මාන්ත මට්ටමට කිරි කර්මාන්තය දියුණු කිරීම අත්‍යවශ්‍ය ය. මේ ආකාරයට වාණිජ මට්ටමින් කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කිරීමේ අරමුණ පෙරදැරිව මහා පරිමාණ කිරි නිෂ්පාදන ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දෙන ලදි.
- විශේෂාංග
- සුදුසුකම්
- අපව අමතන්න
විශේෂාංග
මෙහෙයුම් කලාප
පොලී අනුපාතය
- නිතිපතා ගෙවීම් ක‍්‍රමය යටතේ වාර්ෂිකව 11.6% (ක්රමික ගෙවීමකදී)
ලබාගත හැකි උපරිම ණයමුදල
ආපසු ගෙවීමේ කාලය
- අවශ්‍ය නම් මාස 12 ක සහන කාලයක් සහිතව වසර 6 ක්
සුදුසුකම්
- ණය ලබාගන්නා පුද්ගලයා ශ්රී ලාංකික පුරවැසියෙකු විය යුතු ය.
- තනි පුද්ගලයෙකු, පුද්ගල කණ්ඩායමක් හෝ ශ්රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් විය යුතු ය.
- ප්‍රාදේශීය වැවිලි සමාගම් වලට ණය ලබාගත හැක.
- කිරි ගොවිපළක අවම වශයෙන් කිරි එළදෙනුන් 7 දෙනෙකු සිටිය යුතු ය.
- කිරි එළදෙනුන් මිලදී ගැනීම
- ගව ගාල්, ගොඩනැගිලි, ජල සම්පාදනය (ජල බිඳු තාක්ෂණය, නල මාර්ග), ළිං හෝ කෘෂි ළිං ඉදිකිරීම
- සත්ත්ව ආහාර නිෂ්පාදනය සහ තෘණ වගාව
- නව ගොවිපළවල් ඉදිකිරීම
- ගොවිපළ දියුණු කිරීම
- ජීව වායු ඒකක ඉදිකිරීම
- පවත්නා ගොවිපළ පුළුල් කිරීම
- කිරි ආශ්‍රිත නිෂ්පාදන / කිරි සැකසීම
- ට්‍රැක්ටර්, වතුර පොම්ප, ශීතකරණ, යොදය වෙන්කිරීමේ යන්ත්‍ර, කිරි දෙවීමේ යන්ත්‍ර සහ තණකොළ කපන යන්ත්‍ර වැනි උපකරණ මිලදීගැනීම
- කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප‍්‍රවාහනය හෝ ගබඩා පහසුකම් සම්පාදනය කර ගැනීම
- කිරි නිෂ්පාදන සංවර්ධනයට ඍජුවම සම්බන්ධිත වෙනත් ඕනෑම නව ක්රමෝපායන් හෝ දියර කිරි පානය කිරීමේ පුරුද්ද වැඩි දියුණු කිරීමට අදාළ ක්‍රියාකාරකම්
- පශු වෛද්‍යවරයා /පශු සම්පත් නිලධාරි විසින් නිෂ්පාදනය සහ නිමැයුම්වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සදහා නිර්දේශ කරනු ලබන ඕනෑම නව ක්රමෝපායන් සදහා වන කටයුතු
සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යාපාර සඳහා වූ ණය යෝජනා ක‍්‍රමය - අමතර අරමුදල් III
.
- විශේෂාංග
- සුදුසුකම්
- අපව අමතන්න
විශේෂාංග
මෙහෙයුම් කලාප
පොලී අනුපාතය
- කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා - 8.8%
- ආයෝජන අවශ්‍යතා සඳහා - 8.3%
ඇප
- පුද්ගලික ඇප, චංචල හෝ නිශ්චල දේපළ උකස් තැබීම හෝ බැංකුවට පිළිගත හැකි වෙනත් ඕනෑම ආකාරයක සුරැකුම්.
ලබාගත හැකි උපරිම ණය මුදල
මුල්‍ය ප්‍රදානය - We-Fi
- කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන සුදුසුකම්ලත් ව්‍යාපාරය සඳහා 10% සිට 25% දක්වා වූ මුල්‍ය ප්‍රදානයක් සඳහා සුදුසුකම් ලබයි. (කොන්දේසි අදාල වේ)
ආපසු ගෙවීමේ කාලය
- ආපසු ගෙවීමේ කාලය උපරිම අවුරුදු 10 ක් හා සහන කාලය උපරිම අවුරුදු 2 කි
සුදුසුකම්
- Borrowers must be economically and financially viable.
- Borrowers must have annual turnover under Rs. 750.0 Mn and less than 300 employees if in the manufacturing sector or less than 200 employees if in the service industry.
වෙළඳ, කල්බදු, කුලී අදායම් ලබන ව්‍යාපාර හැර අනෙකුත් නිෂ්පාදන හා සේවා ව්‍යාපාර
- නිෂ්පාදන
- ධීවර කර්මාන්තය
- කෘෂි සැකසුම්
- සත්ව ගොවිපොළ
- සංචාරක
- සියලුම අපනයන ව්‍යාපාර
ව්‍යාපාරය ලියාපදිංචි වී තිබිය යුතුය. නිල වශයෙන් ලියාපදිංචි වී නොමැති අයදුම්කරුවන්හට තම ලියාපදිංචි අයදුම්පත සමාගම් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෝ අදාළ පළාත් සභාව මගින් පිළිගනු ලැබූ බව ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කළ හැකි නම් ණය සඳහා අයදුම් කළ හැකි වේ.
"ව්‍යාපාර සවිය" ණය යෝජනා ක‍්‍රමය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් හා කෘෂිකර්මය, ඉදිකිරීම්, අපනයන, නවෝත්පාදන හා තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර වල යෙදී සිටින ව්‍යාවසායකයින් වැඩි ප්‍රමාණයකට බැංකුවලින් ණය ලබාගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා µමම ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇත.
- විශේෂාංග
- සුදුසුකම්
- අපව අමතන්න
විශේෂාංග
මෙහෙයුම් කලාප
පොලී අනුපාතය
- AWPLR+3.5% (මාසික සමාලෝචනය- අවම මිල අනුපාත 22%)
ලබාගත හැකි උපරිම ණය මුදල
- එක් ගණුදෙනුකරුවකු සඳහා අයෝඡන අවශ්යමතාවන් වෙනුවෙන් ලබාදිය හැකි උපරිම ණය මුදල රු.මිලි. 50.0 ක් වේ.
- එක් ගණුදෙනුකරුවකු සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් ලබාදිය හැකි උපරිම ණය මුදල රු.මිලි. 20.0 ක් වේ.
- කෙසේ වුවද, එක් ගණුදෙනුකරුවකු සඳහා µමම ණය යෝජනා ක‍්‍රමය යටතේ ලබාදිය හැකි උපරිම ණය මුදල රු.මිලි. 50.0 ක් වේ.
ආපසු ගෙවීමේ කාලය
- ආයෝජන ණය සඳහා උපරිම සහන කාලය (අවශ්‍ය නම්) වසර එකක් (01) ක් ද ඇතුළුව උපරිම ආපසුගෙවීමේ කාලය වසර හතකි (07).
- කාරක ප්රාග්ධන සඳහා ණය උපරිම සහන කාලය (අවශ්‍ය නම්) මාස හයක් (06) ක් ද ඇතුළුව උපරිම ආපසුගෙවීමේ කාලය වසර තුනකි (03).
- සහන කාලය තුළදී පොළී සේවා කළ යුතුය.
- අදාළ ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහ රටාව සැලකිල්ලට ආපසු ගෙවීමේ කාලය තීරණය කළ හැක. (උදා :- මාසිකව, මාස දෙකකට වරක්, මාස තුනකට වරක් ආදී වශයෙන්)
සුදුසුකම්
- කෘෂිකර්මාන්තය (ගොවිපළ, සත්ත්ව පාලනය, ධීවර කටයුතු, කෘෂි නිෂ්පාදන එකතු කිරීම හා අතරමැදිකරණය හා කුඩා වී මෝල් හිමියන්)
- සෘජු හා වක්‍ර අපනයනයන් යොමුගත වූ හා ආනයන ආදේශනය සිදුවන නිෂ්පාදන ව්‍යාපාර
- ආහාර පාන
- නවෝත්පාදන හා තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර
- අත්‍යවශ්‍ය සේවා (සෞඛ්‍යය, අධ්‍යපන, ආශ්‍රිත කාර්ය සම්පාදන සැපයුම් සේවා (logisticts) , සන්නිවේදනය)
- ඉදිකිරීම්
- මෙම ණය යෝඡනා ක‍්‍රමය යටතේ වෙළඳාම පදනම් වූ අවශ්‍යතාවන් සලකා බැලිය නොහැක.