භාණ්ඩාගාර
සේවා

විනිමය අනුපාත

එක් රටක භාවිතා වන මුදල් වර්ගයක වටිනාකම වෙනත් රටක මුදල් වර්ගයකින් දැක්වීම විනිමය අනුපාත ලෙස හැඳින්වේ. එක් රටක මුදල් වෙනත් රටක මුදල් වලට හුවමාරු කළ හැකි වටිනාකම දැක්වෙනුයේ මෙම දර්ශක මගිනි. උදාහරණයක් ලෙස යෙන් එකකට සාපේක්ෂව යූරෝ එකක අනුපාතය ඉහළ මට්ටමේ පවතින විට යෙන් එකක සාපේක්ෂ වටිනාකම අඩු ලෙස සැලකේ.


විදේශ මුදල් තැන්පතු අනුපාත

  • ඉතුරුම්
  • ස්ථාවර තැන්පතු
මුදල් වර්ගය
අනුපාතය
ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් (USD)
1.25 %
බ්‍රිතාන්‍ය පවුම් (GBP)
1.00 %
යූරෝ (EUR)
0.40 %
ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD)
1.00 %
කැනේඩියානු ඩොලර් (CAD)
0.50 %
ස්විස් ෆ්‍රෑන්ක් (CHF)
0.01 %
සිංගප්පූරු ඩොලර් (SGD)
0.25 %
හොංකොං ඩොලර් (HKD)
0.01 %
ජපන් යෙන් (JPY)
0.01 %
ස්වීඩන් ක්‍රෝනර් (SEK)
0.10 %
නවසීලන්ත ඩොලර් (NZD)
1.50 %
ඩෙන්මාර්ක් ක්‍රෝනර් (DKK)
0.01 %
නෝර්වීජියානු ක්‍රෝනර් (NOK)
0.10 %
චීන යුවාන් රෙන්මින්බි (CNY)
1.25 %
තායි භාත් (THB)
0.01 %
ඉන්දියානු රුපියල් (INR)
1.00 %

ස්ථාන විනිමය අනුපාතය

  • විදේශ විනිමය එවේලේ ලබාදීමේදී ලැබෙන අනුපාතය මෙනමින් හැඳින්වේ. මෙය 'ආදර්ශ අනුපාත', 'සෘජු අනුපාත' හෝ 'එකවර මිලට ගැනීමේ අනුපාත' ලෙසද හඳුන්වනු ලබයි. විදේශ මුදල් මිලදීගැනීමේදී ගැනුම්කරු ගෙවිය යුතු මුදල මින් නිරූපණය වේ.
  • ස්ථානීය හුවමාරු අනුපාත යටතේ එවෙලේම මුදල් ගෙවිය යුතු බව දැක්වුණද විදේශ විනිමය හුවමාරු ගිවිසුම් සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතය වනුයේ දින දෙකක කාලයකි. එම නිසා සාමාන්‍යයෙන් විදේශ විනිමය හුවමාරු ගනුදෙනුව සිදුවූ දිනයට පසු දිනයේ අදාළ ගෙවීම සිදුකරනු ලැබේ.

හුවමාරු

  • සාම්ප්‍රදායික ලෙස, කල්පිරීම (බැඳුම්කර) වෙනස් කිරීම, නිකුතු වල තත්ත්වය (කොටස් හෝ බැඳුම්කර) වෙනස් කිරීම හෝ ආයෝජන අරමුණු වෙනස් වීම වැනි හේතු නිසා, එක් සුරැකුමක් වෙනත් සුරැකුමකට මාරු කිරීම මෙනමින් හැඳින්වේ. මෑතක සිට මෙම හුවමාරු වලට මුදල් වර්ග හුවමාරු සහ පොලී අනුපාත හුවමාරුද ඇතුළත් වී ඇත.

ඉදිරි මිල

  • මූලික වෙළඳ ද්‍රව්‍ය, විනිමය, හෝ මූල්‍ය වත්කම් සම්බන්ධයෙන්, අනාගතයේ නිශ්චිත දිනයකදී ගෙවීම සඳහා විකුණුම්කරු සහ ගැනුම්කරු එකඟ වන මිල මින් අදහස් වේ.
logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

Skip to content