රාජ්‍යතාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCA) සහ රාජ්‍යතාන්ත්‍රික රුපියල් ගිණුම් (DRA)
සුදුසුකම්
- විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල.
- ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නේවාසික වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇති රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්.
- ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නේවාසික වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කර ඇති ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්ගේ පවුලේ සාමාජිකයින්.
විශේෂ ප්රතිලාභ
- පොළී අනුපාතය.
නවතම පොළී අනුපාත සඳහා https://www.peoplesbank.lk/interest-rates/ වෙබ් අඩවියට පිවිසෙන්න.
- ගාස්තු අයකිරීමකින් තොරව ආමුඛ ප්‍රේෂණ ගිණුම්වලට බැර කරනු ලැබේ.
- ඔබේ ආයෝජන සඳහා 100% ක ආරක්ෂාව
ලබාගත යුතු ලියකියවිලි සහ තොරතුරු
- තනි පුද්ගලයින් සඳහා, ගිණුම විවෘත කිරීමේ අයදුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් (ඡායාරූපය, විස්තර, වීසා සහ වෙනස් කිරීම් සඳහා තහවුරු කර ඇති පිටු) KYC ආකෘති පත්‍රය, විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ වූ ප්රකාශනය සහ බැංකුව කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.
- රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත සුදුසු පරිදි, KYC ආකෘති පත්‍ර, විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ වූ ප්රකාශනය සහ බැංකුව කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.
- රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුමක් (DFCAs) / රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුමක් (DRAs) විවෘත කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානියා හෝ බලයලත් නිළධාරියෙකු විසින් දූත මණ්ඩල ලිපි ශීර්ෂයක අත්සන් කරන ලද ඉල්ලීම් ලිපියක්.
පොදු
- රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs) ඉතුරුම්, ජංගම (අයිරා කරණයෙන් තොරව) හෝ ස්ථාවර තැන්පතු වශයෙන් දේශීය බැංකු ඒකකයක, ඕනෑම ව්‍යවහාර මුදල් වර්ගයකින් විවෘත කර පවත්වාගෙන යා හැකිය - එනම්, ඇමෙරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යූරෝ, ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ජැපෑන් යෙන්, ස්විඩිෂ් ක්‍රෝනර්, නවසීලන්ත ඩොලර්, ඩැනිෂ් ක්‍රෝනර්, නෝර්වීජියන් ක්‍රෝනර්, චීන යුවාන්, ස්විස් ෆ්රෑන්ක්ස්, තායි භාට් සහ ඉන්දියානු රුපියල්.
- රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs) ද ඉතුරුම්, ජංගම (අයිරා කරණයෙන් තොරව) හෝ ස්ථාවර තැන්පතු වශයෙන් දේශීය බැංකු ඒකකයක විවෘත කර පවත්වාගෙන යා හැකිය.
- පුද්ගලයන් විසින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය තාන්ත්‍රික විදේශ මුදල් ගිණුම් (DFCAs) සහ රාජ්‍ය තාන්ත්‍රික රුපියල් ගිණුම් (DRAs) තනි පුද්ගල ගිණුම් වශයෙන් හෝ වෙනත් සුදුසුකම් ලත් පුද්ගලයෙකු සමඟ බද්ධ ගිණුම් වශයෙන් පවත්වා ගෙන යා හැකිය.
විදේශ වාණිජ ණය ගැනීමේ ගිණුම් (ECBA)
යෝග්‍යතාවය
- 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපිත කරන ලද සමාගම්
විශේෂ ප්රතිලාභ
- ආකර්ෂණීය පොළී අනුපාත
- නවතම පොළී අනුපාත සඳහා https://www.peoplesbank.lk/interest-rates/ වෙබ් අඩවියට යොමුවන්න.
පොදු
- විදේශ වාණිජ ණය ගැනීමේ ගිණුමක් (ECBA) ඕනෑම ව්‍යවහාර විදේශ මුදල් වර්ගයකින් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින් ඉතුරුම් හෝ ස්ථාවර තැන්පතු ලෙස විවෘත කර පවත්වා ගෙන යා හැකි අතර ඒවා තනි ගිණුම් ලෙස පවත්වා ගත යුතුය.
- ඒ අනුව පහත දැක්වෙන මුදල් වර්ගවලින් ගිණුම් විවෘත කිරීමට පහසුකම් සලසා ඇත. ඇමෙරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යූරෝ, ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ජැපෑන් යෙන්, හොංකොං ඩොලර්, නිව්සීලන්ඩ් ඩොලර්, ස්විස් ෆ්රෑන්ක්, ස්විඩිශ් ක්රෝනාර්, ඩෙන්මාර්ක් ක්රෝනාර්, නෝර්වීජියන් ක්රෝනාර්, චීන යුවාන්, තායි භාත්, ඉන්දියන් රුපියල් සහ ශ්‍රී ලංකා රුපියල්..
ගිණුම විවෘත කිරීම
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත
- සියළුම බලයලත් අත්සන් කරුවන් ගේ අත්සන් කාඩ්පත් (සමාගම් ලේකම් / අදාළ බලධාරියා විසින් සාක්ෂි දරන ලද)
- සියළුම අධ්යක්ෂවරුන් සහ බලයලත් අත්සන් කරුවන් සඳහා තනි තනිව KYC ආකෘති පත්‍ර සහ විදේශ ගිණුම් බදු අනුකූලතා පනත (FATCA)යටතේ වූ ප්‍රකාශය.
- සියළුම අධ්යක්ෂවරුන් ගේ සහ බලයලත් අත්සන් කරුවන් ගේ විදේශ ගමන් බලපත් හා ජාතික හැදුනුම්පත් වල සහතික කළ පිටපත්.
- සියළුම කොටස් හිමියන්ගේ ප්රතිලාභ හිමිකාරිත්ව ආකෘති පත්‍ර.
- විද්‍යුත් ගිණුම් ප්‍රකාශණ අයදුම්පත.
- වන්දි ලිපිය (අවශ්‍ය පරිදි).
- සමාගම් ලේකම් විසින් සහතික කරන ලද සංස්ථාගත කිරීමේ සහතිකයේ පිටපතක්.
- අධ්යක්ෂවරුන් ගේ / බලයලත් අත්සන් කරුවන් ගේ නම් ලැයිස්තුව, ඔවුන්ගේ අත්සන් සමඟ (සමාගම් ලිපි ශීර්ෂයේ).
- සමාගමේ ව්‍යවස්ථාවේ පිටපත. ආ.ප. 01 හෝ 20, ආ.ප. 15.
- සමාගම් ලිපි ශීර්ෂය මත, අධ්යක්ෂ මණ්ඩල යෝජනාව.
- මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවාවේ / අදාළ ශාඛාවේ ගිණුම විවෘත කරනා බවට.
- ECBA ගිණුම ක්‍රියාත්මක කිරීමේ උපදෙස්.
- විද්‍යුත් ගිණුම් ප්‍රකාශකය සඳහා බලයලත් විද්‍යුත් ලිපිනය.
- ඇටෝර්නි බලපත්‍ර විස්තර (තිබේ නම්).
- පහත සඳහන් තොරතුරු / ලේඛන ඇතුළුව නිසි නීත්‍යානුකූලව පිළිගත හැකි ලේඛනමය සාක්ෂි (අවශ්‍ය පරිදි).
- ආපසු ගෙවීමේ කාල සටහන ඇතුළුව ණය ගිවිසුමේ සහතික කළ පිටපතක්.
- ණය හිමියා ගේ සහ ණය ගැතියාගේ විස්තර සටහන්.
- සමාගම් ලේකම්වරුන් විසින් සහතික කරන ලද යෝජිත ණය මුදල සඳහා අනුමැතිය දුන් ණය ගැනුම්කරු වන සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවේ පිටපතක්.
වීසා වැඩසටහන් ගිණුම් - විශේෂ ගිණුම්
නිමැයුමේ විශේෂාංග
නිමැයුමේ නම :
- වීසා වැඩසටහන යටතේ - විදේශ මුදල් ගිණුම් (VPFCA)
- වීසා වැඩසටහන යටතේ - ශ්‍රී ලංකා රුපියල් ගිණුම (VPRA)
සුදුසුකම්
- වීසා වැඩසටහන යටතේ - විදේශ මුදල් ගිණුම් (VPFCA) සහ වීසා වැඩසටහන යටතේ - ශ්‍රී ලංකා රුපියල් ගිණුම (VPRA) විවෘත කිරීම සඳහා යෝග්‍යතාවය ලබන පුද්ගලයින්
- විශේෂිත වීසා ක්රමයන් යටතේ නේවාසික වීසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට කැමැති විදේශීය ජාතිකයින්.
පොදු
- වීසා වැඩසටහන යටතේ විදේශ මුදල් ගිණුම් (VPFCA), ඕනෑම නම් කරන ලද විදේශ මුදලකින්, ඉතුරුම් හෝ කාලීන තැන්පතුවක් ලෙස, බැංකු පද්ධතියේ එක් ගිණුමක් පමණක් පවත්වාගෙන යා යුතු අතර, එවැනි ගිණුමක් කැටුව ආ යැපෙන්නන් සමඟ බද්ධ ගිණුම් වශයෙන් පවත්වාගෙන යා හැකිය.
- වීසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් ගිණුමක් (VPRA), ජංගම හෝ ඉතුරුම් වශයෙන් ශ්‍රී ලංකා රුපියල් වලින්, එකම ගිණුමක් පමණක් පවත්වාගෙන යා යුතු අතර, එවැනි ගිණුමක් කැටුව ආ යැපෙන්නන් සමඟ බද්ධ ගිණුම් වශයෙන් පවත්වාගෙන යා හැකිය.
- ශ්‍රී ලංකාවෙන් පිටත කෙරෙන කිසිඳු ප්‍රාග්ධන ගනුදෙනුවක්, වීසා වැඩසටහන යටතේ විදේශ මුදල් ගිණුම් (VPFCA) හෝ වීසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් (VPRA) ගිණුමක් හරහා සිදු නොවන බවට බැංකුව සහතික විය යුතුය.
- අවසර ලත් බැර සහ හරවල නිශ්චිතව දක්වා තිබෙන විධිවිධාන යටතේ අවසර දී ඇති ගනුදෙනු / මාරු කිරීම්, අදාළ වීසා යෝජනා ක්රමයේ නියමයන් කොන්දේසි සහ ක්‍රියාත්මක කිරීමේ ආයතනය විසින් නියම කරනු ලබන වෙනත් නියමයන් සහ කොන්දේසි වලට අනුකූලව, සුදුසුකම් ලත් ගිණුම් හිමියන් විසින් සිදු කරනු ලබන බවට බැංකුව සහතික විය යුතුය.
- මෙම විධිවිධානයන්ගෙන් බැහැර වන ඕනෑම අරමුණක් සඳහා වීසා වැඩසටහන යටතේ විදේශ මුදල් ගිණුම් (VPFCA) හෝ වීසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් (VPRA) ගිණුම් වෙත / වෙතින්, ඕනෑම ගනුදෙනුවක් / මාරු කිරීමක් සඳහා, වීසා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ආයතනයේ එකඟතාව ඇතිව, බැංකුව එහි අධ්යක්ෂවරයාගේ පූර්ව අවසරය ලබා ගත යුතුය.
ලබාගත යුතු ලියකියවිලි සහ තොරතුරු
- ගිණුම විවෘත කිරීමේ ඉල්ලුම් පත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් (ඡායාරූපය, විස්තර, වීසා සහ වෙනස්කිරීම් සඳහා අනුමැතිය ඇති පිටු) KYC ආකෘති පත්‍ර, බදු අනුකූලතා පනත යටතේ අදාළ ප්රකාශනය සහ බැංකුව විසින් විටින් විට නම් කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.
- වීසා වැඩසටහන යටතේ විදේශ මුදල් ගිණුමක් (VPFCA) සහ වීසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් ගිණුමක් (VPRA) විවෘත කිරීමට ඇති සුදුසුකම් සනාථ කෙරෙන ලියකියවිලි.
පවතින ගිණුම් නැවත නම් කිරීම
- ඒ අනුව, දැනට පවත්නා සියළුම ජ්‍යෙෂ්ඨ විදේශ ජාතිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් - විදේශ මුදල් නේවාසික ආගන්තුක විදේශ මුදල් ගිණුම් සහ ගෝල්ඩන් පැරඩයිස් විදේශ මුදල් ගිණුම් මෙම උපදෙස් වලට අනුව වීසා වැඩසටහන යටතේ, විදේශ මුදල් ගිණුම් ලෙස (VPFCA) නැවත නාමනය කරනු ලබන අතර දිගටම එලෙසින් ක්‍රියාත්මක වනු ඇත.
- ඒ අනුව, දැනට පවත්නා සියළුම ජ්‍යෙෂ්ඨ විදේශ ජාතිකයන්ගේ ශ්‍රී ලංකා රුපියල් ගිණුම්, නේවාසික ආගන්තුක ශ්‍රී ලංකා රුපියල් ජංගම ගිණුම්, ආයෝජකයින් සහ නේවාසික ආගන්තුක ශ්‍රී ලංකා රුපියල් ජංගම ගිණුම්, වෘත්තිකයන්, මෙම උපදෙස් වලට අනුව වීසා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රුපියල් ගිණුම් (VPRA) ලෙස නැවත නාමනය කරනු ලබන අතර, දිගටම එලෙසින් ක්‍රියාත්මක වනු ඇත.