ප්රතිමුඛ ආයෝජන ගිණුම (OIA)
සුදුසුකම්
- ශ්‍රී ලංකාවේ ලියාපදිංචි හවුල්කාරිත්වයක්
- ඇපකරයෙන් සීමිත වූ සමාගමක් හැර, 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කරන ලද සමාගම්.
- 1988 අංක 30 දරණ බැංකු පනතේ ප්‍රකාරව බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්.
- මහ බැංකුව, සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව යටතේ නියාමනය කරන ලද / බලපත්‍රලාභී ආයතන (ඉහත 3.1 සහ 3.2 යටතේ සුදුසුකම් ලත් ආයෝජකයින් හැර).
- 1958 අංක 15 දරණ අර්ථසාධක අරමුදල් පනත යටතේ ස්ථාපිත කරන ලද සේවක අර්ථසාධක අරමුදල හෝ කම්කරු කොමසාරිස් ජෙනරාල් විසින් ප්‍රකාශයට පත් කරන ලද අනුමත අර්ථසාධක අරමුදල්.
- ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද හවුල් ව්‍යාපාරයක් - සහ;
- ශ්‍රී ලංකාවේ පදිංචිකරුවෙකු හෝ එවැනි පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද තනි හිමිකාරිත්වයක් සමඟ (අදාළ වන පරිදි).
විශේෂ ප්රතිලාභ
- පොළී අනුපාතය.
නවතම පොළී අනුපාත සඳහා කරුණාකර https://www.peoplesbank.lk/interest-rates/ වෙබ් අඩවියට පිවිසෙන්න.
අවශ්‍ය කරන ලියකියවිලි සහ තොරතුරු
- තනි පුද්ගලයින් සඳහා, ගිණුම විවෘත කිරීමේ අයදුම්පත, ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් (ඡායාරූපය, විස්තර සහ වෙනස් කිරීම් සඳහා තහවුරු කර ඇති පිටු) KYC ආකෘති පත්‍රය, විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ වූ ප්රකාශනය (FATCA) සහ බැංකුව කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.
- හවුල්කාරිත්ව සහ සමාගම් සඳහා, ගිණුම විවෘත කිරීමේ අයදුම්පත, අනන්‍යතාව තහවුරු කෙරෙන සුදුසු ලේඛන, KYC ආකෘති පත්‍ර, විදේශ ගිණුම් බදු අනුකූලතා පනත යටතේ වූ ප්රකාශනය (FATCA) සහ බැංකුව කලින් කලට නියම කරනු ලබන වෙනත් ඕනෑම ලියකියවිලි.
පොදු
- ප්රතිමුඛ ආයෝජන ගිණුමක් (OIA) ඉතුරුම් හෝ ස්ථාවර තැන්පතු (ප්රතිමුඛ ආයෝජනයන්ගෙන් ලැබෙන ප්රතිලාභ වලින්) හෝ ජංගම (අයිරා කිරීමේ සහ චෙක්පත් අණ කිරීමේ පහසුකම් රහිතව) විදේශ මුදල් ගිණුමක් වශයෙන් පහත දැක්වෙන ඕනෑම ව්‍යවහාර විදේශ මුදල් වර්ගයකින් විවෘත කොට පවත්වාගෙන යා හැකිය. එනම්, ඇමෙරිකානු ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම්, යූරෝ, ඕස්ට්‍රේලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ජැපෑන් යෙන්, ස්විඩිෂ් ක්‍රෝනර්, නවසීලන්ත ඩොලර්, ඩැනිෂ් ක්‍රෝනර්, නෝර්වීජියන් ක්‍රෝනර්, චීන යුවාන්, ස්විස් ෆ්රෑන්ක්ස්, තායි භාට් සහ ඉන්දියානු රුපියල්.
- ප්රතිමුඛ ආයෝජන ගිණුම් (OIAs) තනි පුද්ගල ගිණුම් ලෙස තබාගත යුතුය. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි තනි හිමිකාරිත්වයක් ඇති තනි පුද්ගලයින් විසින්, එවැනි පුද්ගලයෙකු සමඟ බද්ධ ගිණුම් ලෙස ද ප්රතිමුඛ ආයෝජන ගිණුම් (OIAs) තබා ගත හැකිය.