පුවත් හා සිදුවීම්

මහජන බැංකුවේ “People’s Tower” නව ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල විවෘත වේ.


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවෙන් කුඩා ව්‍යාපාර සඳහා සහන සැලසීමට විශේෂ සහන පැකේජයක් මහජන බැංකුවෙන් කුඩා ව්‍යාපාර සඳහා සහන සැලසීමට විශේෂ සහන පැකේජයක්


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ YES CASH CANIVAL තුළින් රු. මිලියන 4.5 කට වැඩි තිළිණ මහජන බැංකුවේ YES CASH CANIVAL තුළින් රු. මිලියන 4.5 කට වැඩි තිළිණ


වැඩිදුර තොරතුරු

මහජන බැංකුව කාන්තාවන්ට වඩාත් හිතකර සේවා ස්ථාන අතරට තේරි පත්වේ. මහජන බැංකුව කාන්තාවන්ට වඩාත් හිතකර සේවා ස්ථාන අතරට තේරි පත්වේ.


වැඩිදුර තොරතුරු

මහජන බැංකුව සිය ඉතිහාසයේ සුවිශේෂ මංසලකුණක් තබමින් 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 28.0 ක ඉහළම වාර්තාගත බදු පෙර ලාභයක් වාර්තා කරයි. මහජන බැංකුව සිය ඉතිහාසයේ සුවිශේෂ මංසලකුණක් තබමින් 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 28.0 ක ඉහළම වාර්තාගත බදු පෙර ලාභයක් වාර්තා කරයි.


වැඩිදුර තොරතුරු

මහජන බැංකුව හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව “People’s BizTeens Challenge 2025” දියත් කරයි.


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ ‘ව්‍යවසායකත්ව උදානය – 2025’


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව ගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වේ.


වැඩිදුර තොරතුරු

මහජන බැංකුව සහ සර්වෝදය ෆියුෂන් එක්ව දියත් කළ ‘හෙට දින නවෝත්පාදකයින් සවිබල ගැන්වීම’ වැඩසටහනේ ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවය පැවැත්වේ.


වැඩිදුර තොරතුරු

මහ බැංකු අධිපතිවරයා මහජන බැංකුවේ විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන දේශනය සිදුකරයි


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වේ.


වැඩිදුර තොරතුරු

මහජන බැංකුව, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයිය ආදි ශිෂ්‍ය සංගමයට Affinity ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දෙයි


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ වාසි කෝටියයි 2025 පළමු දිනුම් ඇදීමේ ජයග‍්‍රාහකයින් තෝරා ගැනේ


වැඩිදුර තොරතුරු

මහජන බැංකු අන්තර් ප‍්‍රාදේශික ක්‍රීඩා තරගාවලියේ වොලිබෝල් හා දැල් පන්දු තරග පැවැත්වේ


වැඩිදුර තොරතුරු

මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි


වැඩිදුර තොරතුරු

මහජන බැංකුව සිය People’s Pay යෙදවුම හරහා GovPay සමඟ එක්වේ


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි අටමස්ථානාධිපති නාහිමි බැහැ දකී


වැඩිදුර තොරතුරු

නිදහස් සැමරුම වෙනුවෙන් අලූත උපන් බිළිදුන්ට මහජන බැංකුවෙන් තිළිණ


වැඩිදුර තොරතුරු

APB 35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු ලෙස මහජන බැංකුව කටයුතු කරයි.


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඞ් වෙතින් ගෙදරටම තෑගි’ සුපිරි ජයග‍්‍රාහකයින්ට හිමි තිළිණ පිරිනැමේ. මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඞ් වෙතින් ගෙදරටම තෑගි’ සුපිරි ජයග‍්‍රාහකයින්ට හිමි තිළිණ පිරිනැමේ.


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ෆිච් රේටින්ග්ස් විසින් ‘AA-(lka)’ දක්වා ඉහළ නංවයි


වැඩිදුර තොරතුරු

මහජන බැංකු සේවක සමුපකාර සමිතියේ සාමාජික දූ දරු ඇගයිම් ප්‍රණාම උළෙල


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ කලවාන ශාඛාව නව පරිශ‍්‍රයකට


වැඩිදුර තොරතුරු

මහජන බැංකුව 2025 නව වසරේ වැඩ අරඹයි


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ නත්තල් බැති ගී මෙහෙය


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ දර්ගා නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට


වැඩිදුර තොරතුරු

මහජන බැංකුව 2024 පළමු අර්ධය තුළ ඒකාබද්ධ දළ ආදායම ලෙස රුපියල් බිලියන 181.9 ක් වාර්තා කරයි


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ ජාත්‍යන්තර බැංකු අංශයේ වෙළෙද සේවා ඒකකයට SLS ISO 9001:2015 තත්ත්ව සහතිකය නැවත වරක් හිමිවේ


වැඩිදුර තොරතුරු

මහජන බැංකුව කාන්තාවන්ට වඩාත් හිතකර සේවා ස්ථාන අතරට තේරි පත්වේ


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ කෑගල්ල බැංකු සංකීර්ණය විවෘත කෙරේ


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ නව සභාපති මහාචාර්ය පී.එන්.ඞී. ප‍්‍රනාන්දු මහතා වැඩ භාරගනී


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ YouTube සහ TikTok ග‍්‍රාහකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවයි


වැඩිදුර තොරතුරු

මහජන බැංකුවේ ඩිජිටල් බැංකු ගනුදෙනුකාර සංඛ්‍යාව මිලියන තුන ඉක්මවයි


වැඩිදුර තොරතුරු
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර

මහජන බැංකුව 2025 නව වසරේ වැඩ අරඹයි

මහජන බැංකු කාර්ය මණ්ඩලය Clean Sri Lanka ප‍්‍රතිඥාව ලබාදෙමින් 2025 ජනවාරි 01 වැනිදා නව වසරේ වැඩ ආරම්භ කරන ලදී. මේ නිමිත්තෙන් කොළඹ 02, මහජන බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ දී විශේෂ උත්සවයක් පැවැත්විණි.

මෙහිදි මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් කාර්ය මණ්ඩලය අමතන ලදි. මීට අමතරව මෙදින සෙත් පිරිත් සඡ්ඡුායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩසටහනක් ද පැවැත්විණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, වෘත්තිය සමිති නියෝජිතයින්, ආගමික සංවිධාන හා අනෙකුත් ස්වේච්ඡ සංවිධානවල නියෝජිතයින් හා කාර්ය මණ්ඩලය සහභාගී වූහ. මීට සමගාමිව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව පැවති අතර, එහි කාර්ය මණ්ඩලයන්ද Clean Sri Lanka ප‍්‍රතිඥාව ලබාදෙන ලදී.

මහජන බැංකුවේ ‘ව්‍යවසායකත්ව උදානය - 2025’’

ලෝක ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරමින් මහජන බැංකුව සංවිධානය කළ ‘ව්‍යවසායකත්ව උදානය - 2025’ ප‍්‍රදර්ශනය ගම්පහ මහ නගර සභා ක්‍රිඩාංගනයේදි පසුගියදා පැවැත්විණි.

මෙය විදුලි උපකරණ, හරිත නිෂ්පාදන, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථ වාහන, නව ව්‍යාපාරික අදහස්, සුර්ය බලශක්ති පද්ධති, සැකසූ ආහාර පාන, කුළු බඩු හා ආශ්‍රිත නිෂ්පාදන, රෙදිපිළි, නිමි ඇදුම් හා පාවහන්, ඇතුළත් වෙළෙද කුටි වලින් සමන්විත විය. එමෙන්ම ව්‍යවසායකත්වය සම්බන්ධ දේශන හා සම්මන්ත‍්‍රණ, උපදේශන සේවා, විවිධ ණය යෝජනා ක‍්‍රම පිළිබද වැඩසටහන්,SME Credit Card හදුන්වාදීම ඇතුළු වැඩසටහන් රැසකින් මෙය සමන්විත විය.

මෙහි සමාරම්භක අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු, ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය* වික‍්‍රම නාරායන යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමණාකාරිත්වය, ගම්පහ නගරාධිපති එරික් ලක්ෂ්මන් එදිරිවික‍්‍රම, දිස්ති‍්‍රක් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන් ඇතු`ඵ රාජ්‍ය නිලධාරින්, බැංකු කාර්ය මණ්ඩලය සහ ව්‍යවසායකයින් රැසක් සහභාගි විය.

මීට අමතරව, ලෝක ක්ෂුද‍්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරමින් දිවයින පුරා විසිරී සිටින ක්ෂුද‍්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ නිෂ්පාදන හා සේවා අලෙවි කිරීමේ අවස්ථාව සලසමින් මහජන බැංකුව ප‍්‍රාදේශික මට්ටමින් වෙළඳ ප‍්‍රදර්ශන සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

මහජන බැංකුවේ කලවාන ශාඛාව නව පරිශ‍්‍රයකට

මහජන බැංකුවේ කලවාන ශාඛාව නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

කලවාන ප‍්‍රදේ්ශයේ ජනතාවගේ මූල්‍ය පහසුකම් වඩාත් වැඩිදියුණු කරලීම උදෙසා අවශ්‍ය අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවා සැපයීමේ අරමුණින් මෙම බැංකු ශාඛාව නව පරිශ‍්‍රයක ස්ථාපිත කරන ලදි.

මහජන බැංකු සේවක සමුපකාර සමිතියේ සාමාජික දූ දරු ඇගයිම් ප්‍රණාම උළෙල

මහජන බැංකුවේ සේවක සමුපකාර සමිතිය විසින් සිය සාමාජික දූ දරුවන්ගේ විශිෂ්ට අධ්‍යාපන කුසලතා අගය කරමින් සංවිධානය කළ ‘සාමාජික දූ දරු ඇගයිම් ප්‍රණාම උළෙල 2021/22’ කොළඹ, ග්‍රැන්ඩ් ඔරියන්ටල් හෝටලයේදි පසුගියදා පැවැත්විණි.

මෙහිදි 2021 සහ 2022 වසරවල පහ වසර ශිෂ්‍යත්ව, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස (උසස් පෙළ) විභාගයන්ගෙන් උසස් ප්‍රතිඵල ලබාගත් සේවක සමුපකාර සාමාජික දූ දරුවන් 110 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිණි.

මීට සමගාමිව සිසු දරු දැරියන් වෙනුවෙන් ප්‍රවීණ කලාකරු රොඩ්නි වර්ණකුල මහතා මෙහෙයවූ අධ්‍යාපනික හා රසවින්දනාත්මක වැඩසටහනක්ද පැවැත්විණි. ගායන හා නර්තනාංග රැසකින්ද මෙම උළෙල වර්ණවත් විය.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, මහජන බැංකු සේවක සමුපකාර සමිතියේ සභාපති ජානක දිසානායක, ලේකම් කසුන් පතිනායක, සමිතියේ වැඩබලන සාමාන්‍යාධිකාරි ග්‍රෙගරි මෙන්ඩිස් යන මහත්වරුන්, සමූපකාර සමිති භාර සංවර්ධන නිලධාරිනි නන්දා මාලනි මහත්මිය ඇතු`ඵ නිලධාරීන්, බැංකු කාර්ය මණ්ඩලය හා ශිෂ්‍යත්වලාභි දරුදැරියන් විශාල පිරිසක් සහභාගි විය.

මහජන බැංකුව හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව "People’s BizTeens Challenge 2025" දියත් කරයි.

නව යොවුන් ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් මහජන බැංකුව හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB) එක්ව ‘People’s BizTeens Challenge 2025’ නමින් පාසල් සිසු දරු දැරියන් සදහා වන දීප ව්‍යාප්ත වැඩසටහනක් දියත් කරයි. ඒ තුළින්, ඔවුන්ට ස්වතන්ත‍්‍ර ව්‍යවසායකත්ව සංකල්ප ඉදිරිපත් කර ජයග‍්‍රහණ හිමිකරගැනිමට අවස්ථාව සැලසේ.

මේ ස`දහා වන ගිවිසුම් අත්සන් කිරීම, කොළඹ 05, මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී පසුගියදා සිදුකෙරිණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු, ප‍්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවි නිස්සංක, වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඒ.පි. කපිල නිශාන්ත යන මහත්වරුන් ඇතු`ඵ නිලධාරින්, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා* අරුණි ලියනගුණවර්ධන මහත්මිය ඇතු`ඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මින් හා සිසු දරු දැැරියන් විශාල පිරිසක් සහභාගි වූහ. නව නිපැයුම් සහ ව්‍යවසායකත්වය කෙරෙහි පාසල් සිසු සිසුවියන් යොමු කරමින් අනාගත ව්‍යවසායකයින් දැයට තිළිණ කරන අතරම, ශී‍්‍ර ලාංකේය ආර්ථිකය සවිමත් කිරීමට දායක වීමට ‘People’s BizTeens Challenge 2025’ ඔස්සේ හැකියාව ලැබෙනු ඇත.

මෙම වැඩසටහන ජුලි මස 15 දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කි‍්‍රයාත්මක වන අතර, ඒ සදහා වයස අවුරුදු 11-18 අතර සිසු දරු දැරියන්ට ව්‍යවසායකත්ව සංකල්පයන් ඉදිරිපත් කළ හැක. මේ වැඩපිළිවෙල ස`දහා මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය ගිවිසුම් ගත වී ඇත.

කර්මාන්ත අමාත්‍යංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දැනටමත් පාසල් මට්ටමින් කි‍්‍රයාත්මක කරන ‘කර්මාන්ත ව්‍යවසායකත්ව කව’ වැඩසටහන යටතේ පාසල් ව්‍යවසායකත්ව කව 590ක් ස්ථාපිත කර ඇත. මේ ස`දහා පුහුණු ගුරුවරුන් 1000කට අධික පිරිසක් සිටින අතර, මෙහි සාමාජිකත්වය ලබාගත් පාසල් සිසු සිසුවියන් සංඛ්‍යාව 30,000කට අධිකය. මෙහි දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන්ට අමතරව අදාළ කාලසිමාව තුළදි නවක සිසුන් දැනට පවතින හෝ අලූතින් ආරම්භ කරන ව්‍යවසායකත්ව කව ස`දහා ලියාපදිංචි කරවීමට කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු කරනු ඇත.

මේ සදහා වන අයදුම්පත් පාසල් වෙත ලබාදෙන අතර, මහජන බැංකුවේ නිල වෙබ් අඩවිය වන https://www.peoplesbank.lk තුළින් සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය තුළින්ද අදාළ අයදුම්පත් බාගත කර ගත හැක. එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කිරිමෙන් අනතුරුව පාසලේ විදුහල්පති/විදුහල්පතිනියගේ තහවුරුව සම`ගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත බාරදිම හෝ ලියාපදිංචි තෑපැලෙන් යොමු කිරීම සිදුකළ යුතුය.

මෙලෙස යොමුකරන නිර්මාණාත්මක ව්‍යවසායක අදහස් ප‍්‍රවීණ විනිශ්චය මණ්ඩලයකින් ඇගයීමට ලක්කෙරෙන අතර, දිස්ත‍්‍රික් හා ජාතික මට්ටමේ ජයග‍්‍රාහකයින් තෝරාගැනේ. මෙහි දිස්ත‍්‍රික් මට්ටමේ පළමුවැනි, දෙවැනි සහ තෙවැනි ජයග‍්‍රාහකයින් වෙත සහතිකපත් පිරිනැමෙන අතර, දිස්ත‍්‍රික් වශයෙන් වයස අවුරුදු 11-15 දක්වා සහ 15-18 දක්වා වූ වයස් කාණ්ඩ දෙකක් යටතේ තෝරාගන්නා විශේෂ කුසලතා දක්වන දරු දැරියන් ස`දහා එක් කාණ්ඩයකට කුසලතා සහතික 3 බැගින් පිරිනැමේ. එමෙන්ම ජාතික මට්ටමේ ප‍්‍රථම ජයග‍්‍රාහකයාට රු. 250,000/-ක්, දෙවැනි ජයග‍්‍රාහකයාට රු. 150,000/-ක් සහ තෙවැනි ජයග‍්‍රාහකයාට රු.100,000/-ක් බැගින් මුදල් තිළිණ සහ සහතිකපත් පිරිනැමේ. මීට අමතරව රු. 25,000/- බැගින් සැනසිලි ත්‍යාග 10ක් පිරිනැමෙනු ඇත.

වසර හැට හතරකට අධික කාලයක් මු`ඵල්ලේ මෙරට ජනතාවට මූල්‍ය පහසුකම් සමිප කිරීමෙන් නොනැවති දේශයේ සමාජ, ආර්ථික ප‍්‍රගතිය වෙනුවෙන් අඛණ්ඩව කැපවූ මහජන බැංකුව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව අත්වැල් බැ`දගනිමින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන්නේ සිය ජාතික වගකිමක් ඉටුකිරිමේ අරමුණිනි. මේ සම`ග එක්ව ඔබේ අනාගත ව්‍යවසායකත්ව ඉලක්ක සපුරාගන්නා මෙන් නව සංකල්පයන්ගෙන් සපිරි, උද්යෝගිමත් නව යොවුන් තාරුණ්‍යය වෙත මහජන බැංකුව ආරාධනා කර සිටී.

මහජන බැංකුවේ “People’s Tower” නව ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල විවෘත වේ.

මහජන බැංකුවේ “People’s Tower” නව ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ක‍්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ 02, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ, අංක 374 දරණ ස්ථානයේදි 2025 ඔක්තෝබර් මස 07 වැනි දින සුබ මොහොතින් විවෘත කෙරිණි.

පුරා හැට හතර වසරකට අධික කාලයක් මුළුල්ලේ පොදු ජනතාවට මූල්‍ය පහසුකම් පිරිනැමිමෙන් මෙන්ම මෙරට සමාජ, ආර්ථික පුනරුදයට අසමසම දායකත්වයක් දක්වමින් දැයේ උන්නතියට කැපවූ මහජන බැංකුව, මෙම නව ප‍්‍රධාන කාර්යාලයට පිවිසීම මෙරට බැංකු හා මුල්‍ය ඉතිහාසයේ සුවිශේෂ මං සලකුණක් වනු ඇත. බැංකුවේ මෙන්ම දේශයේ ආර්ථික වර්ධනය මින් මනාව නිරුපණය වන අතර, මහජන බැංකුවෙන් රටට සහ ජනතාවට ලබාදෙන සේවාව මේ තුළින් තවදුරටත් පු`ඵල් කිරීමේ හැකියාව සැලසේ.

මෙම නව ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල මහල් 22කින් සහ භුගත මහල් 3කින් සමන්විත වන අතර, මහජන බැංකුවේ පාරිසරික තිරසරභාවය පිළිබඳ ප‍්‍රතිපත්තියට අනුව මෙය සම්පූර්ණයෙන්ම හරිත ගොඩනැගිලි සංකල්පයට අනුගතව ඉදිකර තිබිම විශේෂත්වයකි. එමෙන්ම මෙම ගොඩනැගිල්ලට අංග සම්පූර්ණ පහසුකම් වලින් සපිරි ශ‍්‍රවණාගාරයක්, ලේඛනගත කිරීමේ ඒකකයක්, නවීන ආපනශාලාවක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, සම්මන්ත‍්‍රණ ශාලා ඇතුළු විශේෂ පහසුකම් රැසක් ඇතුළත්ය.

මෙහි මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයද පිහිටුවා ඇති අතර, ගනුදෙනුකරුවන්ට අති නවීන ඩිජිටල් බැංකු පහසුකම් පිරිනැමිමේ අරමුණින් මහජන බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාවද මෙහි ස්ථාපිත කර ඇත. එමෙන්ම මහජන බැංකුව නව ප‍්‍රධාන කාර්යාලයට පිවිසීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ සමරු කවරයක් සහ මුද්දරය එළිදැක්වීමද මෙහිදි සිදුකෙරිණි.

මහජන බැංකුවේ පැරණි ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල කොළඹ 02, සර්. චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ 1977 වසරේදි පිහිටවූ අතර, ඉන් දශක ගණනාවකට පසු ස්ථාපිත කළ මෙම නව ප‍්‍රධාන කාර්යාලය, රාජ්‍ය බැංකුවක් සහ ජාතික ආයතනයක් ලෙස මහජන බැංකුවේ ස්ථාවරත්වය, නව්‍යත්වය, කාර්යක්ෂමතාව සහ අභිමානය පිළිඹිබු කරයි. මෙම විවෘත කිරීමේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහතා ඇතු`ඵ ආයතනික සහ විධායක කළමනාකාරිත්වය, ආරාධිතයින්, ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

මහජන බැංකුව 1961 ජුලි මස 01 වැනිදා පිහිටවූ අතර, මේ වන විට රුපියල් ටි‍්‍රලියන 3.7කට අධික වත්කම් වලින් යුත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයකි. දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 750කට අධික වන අතර, 8000ක පමණ කාර්ය මණ්ඩලයකින් සමන්විතය. සමස්ත ගනුදෙනුකාර ප‍්‍රජාව මිලියන 15.2කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයකි.

එමෙන්ම මහජන බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණයේද ප‍්‍රමුඛයා වන අතර, වර්තමානය වන විට එහි ඩිජිටල් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 3.5කට අධිකය. වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන්ම නොනැවති මෙරට සමාජ ආර්ථික ප‍්‍රගතිය උදෙසා ද විශාල මෙහෙවරක් සිදුකර තිබේ. මීට අමතරව රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගි, මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදි ක්ෂේත‍්‍රයන් සදහා මූල්‍ය පහසුකම් ලබාදෙමින් රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වයද සුවිශාලය.

මහජන බැංකුවේ නත්තල් බැති ගී මෙහෙය

මහජන බැංකුව කිතුනු එකතුව 46 වන වරටත් සංවිධානය කරන ලද නත්තල් බැති ගී මෙහෙය පසුගියදා කොළඹ 02, මහජන බැංකු ප‍්‍රධාන කාර්යාලයීය මූලස්ථාන ශාඛා පරිශ‍්‍රයේදි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මහජන බැංකුවේ කොළඹ, පුත්තලම, කළුතර හා යාපනය/වන්නි ප‍්‍රාදේශිකයන්හි කාර්ය මණ්ඩලයන් මෙහිදී බැති ගී ගායනා ඉදිරිපත් කළහ.

කොළඹ අගරදගුරු පදවියේ නාගරික මෙහෙයුම් කණ්ඩායමේ අසිත හෙට්ටිආරච්චි පියතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම බැති ගී මෙහෙයට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලය සම`ග සිය පවුල් වල සාමාජික සාමාජිකාවන් ද විශාල පිරිසක් සහභාගි වූහ.

නත්තල් බැති ගී මෙහෙය අවසානයේදී කුඩා දරු දැරියන් වෙත නත්තල් සීයා අතින් තෑගි පිරිනැමීමද සිදු කෙරිණි. එමෙන්ම මීට සමගාමිව මහජන බැංකුවේ කිතුනු එකතුව සිය සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස බොරලැස්ගමුව ‘සමගි සෙවණ’ සහන සේවා මධ්‍යස්ථානයට වියළි ආහාර සහ රෙදිපිළි පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදි.

මහජන බැංකුව කාන්තාවන්ට වඩාත් හිතකර සේවා ස්ථාන අතරට තේරි පත්වේ.

මහජන බැංකුව, Satynmag Women Friendly Workplace Awards 2025 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස නැවත වරක් ඇගයීමට ලක්වේ. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ, අමාරි හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්විණි.

මෙම සම්මානය මහජන බැංකුවට හිමිවූයේ අඛණ්ඩව පස්වැනි වරට වන අතර, මේ තුළින් ශ‍්‍රී ලංකාව තුළ ධනාත්මක වෙනසක් ඇති කරමින්, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහිත ආයතනික සංස්කෘතියක් පෝෂණය කිරීම වෙනුවෙන් සිය ස්ථිරසාර කැපවීම නැවතත් තහවුරුවී ඇත. එමෙන්ම නායකත්ව සංවර්ධනය, උපදේශන අවස්ථා සහ ආරක්ෂිත පරිසරය මෙන්ම එකිනෙකා කෙරෙහි සහයෝගය දක්වන සේවා වටපිටාවක් සහතික කිරීම සඳහා වන බැංකුවේ භාවිතයන් හා ප‍්‍රතිපත්තීන් මෙම සම්මානය මඟින් නැවතත් පිළිබිඹු වේ. මහජන බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් 60%ක් කාන්තාවන්ගෙන් සමන්විත වන අතර, බැංකුකරණයට අදාළ විවිධ ක්ෂේත‍්‍රයන්හි ඉදිරියට යාම ස`දහා මහජන බැංකුව ඔවුන්ව නිරන්තරයෙන් සවිබල ගන්වයි.

මහජන බැංකුවේ YES CASH CANIVAL තුළින් රු. මිලියන 4.5 කට වැඩි තිළිණ

අනාගත ලෝකයට අඩිතාලම වී අභියෝග මැද ඉදිරියටම යන තාරුණ්‍යයේ ශක්තිය ඉස්මතු කෙරෙන, ජාත්‍යන්තර තරුණ දිනය සමරමින් මහජන බැංකුවේ ශෑී ඉතුරුම් ගිණුමින් හඳුන්වා දී ඇති YES CASH CANIVAL ඔස්සේ රුපියල් මිලියන 4.5කට අධික තිළිණ හිමිකරගැනීමට දැන් අවස්ථාව උදාවී ඇත.

මෙම වැඩසටහන 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කි‍්‍රයාත්මක වන අතර, CASH WHEEL MONDAY, SHARE & WIN සහ GRAND PRIZE යනුවෙන් දිනුම් ඇදීම් තුනකින් සමන්විත වේ.

මෙහි CASH WHEEL MONDAY දිනුම් ඇදීමට ඇතුළත් වීමට අදාළ කාලය තුළ දැනට පවත්නා හෝ අලූතින් විවෘත කළ YES ගිණුමක රු.25,000/-ක් තැන්පත් කළ යුතු අතර, සෑම සඳුදා දිනයකම සිදුකරන දිනුම් ඇදීමෙන් රු.25,000/-ක් හිමිවන Prime Winner බවට ඔබට පත්විය හැක. අනතුරුව ඔබේ සමීපතම මිතුරන් හතර දෙනෙක් නම් කර, ඔවුන් නමින් දැනට පවතින හෝ අලූතින් විවෘත කළ ශෑී ගිණුමක රු.25,000/-ක නව මුදල් තැන්පතුවක් 2026 ජනවාරි 01 දක්වා පවත්වා ගෙන ගොස් රු.10,000/-ක් දිනාගත හැකි අතර, පස් දෙනෙකුගෙන් යුත් එක් කණ්ඩායමකට දිනාගත හැකි මුදල රු.65,000කි. එවැනි කණ්ඩායම් 35කට දිනුම් ඇදීමේ කාල සීමාව තුළ රුපියල් මිලියන දෙකකට අධික මුදලක් දිනාගැනීමට අවස්ථාව හිමිවේ.

මෙම වැඩසටහනේ SHARE & WIN දිනුම් ඇදීම සඳහා ඇතුළත් වීමට පළමුවෙන්ම ඔබ සිදුකළ යුත්තේ මහජන බැංකුවේ Facebook පිටුවේ Upload කර ඇති YES CASH CANIVAL ගැන ස`දහන් කර ඇති Post එක ඔබේ Facebook Timeline (Profile) එකේ #yescashcarnival Hashtag එක යටතේ Share කිරීමයි. අනතුරුව එහි Screenshot එකක් ගෙන " https://www.peoplesbank.lk/yes-cash-carnival/ යන URL එකට ගොස් Submit කළ යුතුය. මේ තුළින් දින 5කට වරක් තෝරගනු ලබන ජයග‍්‍රාහකයින් 10 දෙනෙකුට රුපියල් 10,000/- බැගින් රු. 100,000/- ක ක්ෂණික මුදල් තෑගි පිරිනැමේ. මෙහි GRAND PRIZE සුපිරි දිනුම් ඇදීමෙන් රු. මිලියන 2.5ක මුදල් තිළිණ පිරිනැමේ.

ඒ අනුව 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ YES ගිණුමේ රු.50,000/-ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කර, 2026 ජනවාරි 01 වැනි දින දක්වා පවත්වා ගෙන යන 25 දෙනෙකුට රු.100,000/- බැගින් රු.මිලියන 2.5ක් දිනාගැනීමට අවස්ථාව හිමිවේ.

තරුණ පරපුර ඉතිරිකිරීම සඳහා යොමුකරමින්, ස්වශක්තියෙන් නැගීසිටීම සඳහා ශ්‍රී ලාංකිය තරුණ පරපුර සවිබලගැන්වීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර https://www.peoplesbank.lk මහජන බැංකුවේ නිල වෙබ් අඩවියෙන් සහ Facebook පිටුවෙන් ලබාගත හැක. රාජ්‍ය බැංකුවක පූර්ණ ආරක්ෂාව මෙන්ම ආකර්ෂණිය පොලියක් ලබාදෙමින්, ඔබේ මුදලට වැඩි වටිනාකමක් ලබාදෙන YES ඉතුරුම් ගිණුමක් අරඹා මෙම ප‍්‍රතිලාභ අත්කරගන්නා මෙන් මහජන බැංකුව තරුණ ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටී.

මහ බැංකු අධිපතිවරයා මහජන බැංකුවේ විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන දේශනය සිදුකරයි.

මහජන බැංකුවේ විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමක් කොළඹ 05, මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි. මෙහිදි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ‘2025 සහ ඉන් ඔබ්බට, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රතිපත්ති න්‍යාය පත‍්‍රයට අනුකූලව බැංකුකරුවන්ගේ වගකීම්’ යන තේමාව යටතේ ප‍්‍රධාන දේශනය පැවැත්වීය.

ඉදිරි වසර සඳහා මහ බැංකුවේ උපායමාර්ගික දිශානතිය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් මහ බැංකු අධිපතිවරයාගේ දේශනය ම`ගින් ඉදිරිපත් කෙරුණු අතර, ජාතික ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට සහාය වීම සඳහා මූල්‍ය ආයතන විසින් ඉටු කළ යුතු තීරණාත්මක කාර්යභාරය පිළිබඳව මෙහි දී අවධාරණය කෙරිණි. එමෙන්ම නියාමන පෙළගැස්ම, ආයතනික වගවීම සහ තිරසාර බැංකු භාවිතයන් අනුගමනය කිරීම පිළිබඳ කාලෝචිත හා ඉදිරිගාමී අනාගත අරමුණු මෙම දේශනයට ඇතුළත් විය.

පරිණාමය වෙමින් පවතින මූල්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ මහජන බැංකුවේ අවබෝධය වැඩි දියුණු කිරීමට සැලකිය යුතු දායකත්වයක් මෙම සැසිවාරය මගින් ලැබුණු අතර, මූල්‍යමය වශයෙන් දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව සඳහා වන ජාතික න්‍යාය පත‍්‍රයට අනුකූලව, නියාමන අනුකූලතාව සහ තිරසාර මෙහෙයුම් සම්බන්ධයෙන් ඉහළම ප‍්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා බැංකුවේ ඇති කැපවීම මේ තුළින් ශක්තිමත් විය.

මේ අවස්ථාවට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු මහතා ඇතු`ඵ අධ්‍යක්ෂ මණ්ඩලය, ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා, මහබැංකු අධිපතිවරයාගේ ලේකම් එරන්දි ලියනගේ මහත්මිය සහ බැංකුවේ ආයතනික සහ විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

මහජන බැංකුවෙන් කුඩා ව්‍යාපාර සඳහා සහන සැලසීමට විශේෂ සහන පැකේජයක්

මහජන බැංකුව විසින් ශ‍්‍රී ලංකාව පුරා විසිරි සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) නැවත න`ගාසිටුවීම අරමුණු කරගනිමින් විශේෂ සහන පැකේජයක් හඳුන්වා දී ඇති අතර, රුපියල් මිලියන 5ට අඩු අක‍්‍රමික තත්ත්වයේ පවතින ණය සහිත ව්‍යාපාර කෙරෙහි එම`ගින් අවධානය යොමු කරයි. මින් පෙර ලබාදුන් සහන වැඩසටහන් යටතේ ආමන්ත‍්‍රණය නොවුන නමුත්, මෑත කාලීන ආර්ථික අභියෝගයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ව්‍යවසායන්ට සහන සැලසීම මෙම කාලෝචිත සහන පැකේජයේ ඉලක්කයයි.

මෙම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන අතර, දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% කට අධික දායකත්වයක් ලබාදේ. එමෙන්ම ශ‍්‍රම බලකායෙන් 45%කට ආසන්න ප‍්‍රමාණයක් මෙම ව්‍යාපාරයන් වල සේවයේ නියුක්ත වේ.. ජාතික ආර්ථිකය තුළ මෙතරම් වැදගත් ස්ථානයක් හිමිව තිබුනද, මෑත කාලයේ දී වර්ධනය වෙමින් පවතින මෙහෙයුම් පිරිවැය ඉහළයාම, පාරිභෝගික ඉල්ලූම අඩුවීම සහ නිරන්තරයෙන් විචලනයට ලක්වන මූල්‍ය වටපිටාව වැනි දුෂ්කරතාවන්ට බොහෝ කුඩා ව්‍යාපාර මුහුණ දී සිටී. මෙවැනි ව්‍යවසායන් සඳහා ක්ෂණික සහාය ලබාදිමේ අරමුණින්, දැනට පවතින හිඟ ණය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙම විශේෂ සහන පැකේජය සැලසුම් කර ඇත.

ගනුදෙනුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන, ප‍්‍රායෝගික සහ විශ්වසනීය ව්‍යාපාරික සැලසුම් පදනම්ව, ඔවුන්ගේ ශක්‍යතාවයන්ට ගැලපෙන පරිදි සැකසූ සැලකිය යුතු සහනශීලී පොලී අනුපාතයන් සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ විසඳුම් මහජන බැංකුව විසින් තම ගනුදෙනුකරුවන්ට පිරිනැමේ. උපචිත පොලිය, කෙටි කාලීන සහනදායී ණය පොලී අනුපාත යටතේ නව ණයක් බවටද පරිවර්තනය කළ හැකිය. කොන්දේසි සහිතව වසර හතක් දක්වා දීර්ඝ කළ සහන කාල සීමාවන් සහ කාලසීමාව අවසානයේ එකවර ගෙවීම ඇතුළු නම්‍යශීලී ආපසු ගෙවීමේ හැකියාවක් මෙමගින් හිමි වේ. මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සඳහා අමතර ප‍්‍රාග්ධනයක් සොයන ව්‍යාපාර සඳහා රජයේ අනුග‍්‍රහය ලත් වැඩසටහන් හෝ මහජන බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක‍්‍රම හරහා අතිරේක මූල්‍ය අවශ්‍යතාවයන් සපුරා ගත හැක. මෙම සහාය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් මෙසේය. ණය ගනුදෙනුකරුවන් සතු මුළු ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 5 නොඉක්ම වියයුතු අතර, 2019 අපේ‍්‍රල් 1 වන දින හෝ ඊට පසු හිඟ ණය ලෙස වර්ගීකරණය කර තිබිය යුතුය. එමෙන්ම ප‍්‍රායෝගික හා ඵලදායී ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කළ යුතු වේ. මේ සඳහා ගනුදෙනුකරුවන්ගේ ඉල්ලිම් 2025 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු අතර, වගකිය යුතු බැංකුවක් ලෙස මහජන බැංකුව, මෙම ප‍්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ඇති අයට ප‍්‍රමුඛතාවය ලබාදීම සඳහා එම ඉල්ලිම් නිවැරදිව හා සුපරීක්ෂාකාරී ලෙස ඇගයීමට ලක් කෙරේ.

දිවයින පුරා පිහිටි ඕනෑම මහජන බැංකු ශාඛාවක් හරහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි අතර, මහජන බැංකුවේ ව්‍යාපාර පුනර්ජීවන ඒකකය විසින් මෙය කි‍්‍රයාත්මක කරයි. ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නැවත න`ගාසිටුවීම පමණක්ම නොව අක‍්‍රීය ණය හේතුවෙන් බැංකුව මුහුණ දෙන අවදානම අවම කිරීමද මෙහි අරමුණයි. එමෙන්ම නිසි අධික්ෂණයකින් යුතුව මූල්‍ය සහයෝගය පිරිනැමිමෙන් ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අභියෝග වලට මුහුණ දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ආර්ථිකය යථා තත්ත්වයට තත්ත්වයට පත්කිරීම සඳහා පුළුල් දායකත්වයක් ලබාදීම මෙන්ම දිවයින පුරා සිටින කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම මහජන බැංකුවේ අපේක්ෂාවයි.

මහජන බැංකුව සිය People’s Pay යෙදවුම හරහා GovPay සමඟ එක්වේ.

හජන බැංකුවේ People’s Pay Digital Wallet යෙදවුම, 'GovPay' . රාජ්‍ය සේවා සඳහා ඩිජිටල් ගනුදෙනු පහසු කිරීමට නිර්මාණය කළ මාර්ගගත ගෙවීම් වේදිකාව සමඟ එක්වෙයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA),සහ Lanka Pay එකතු වී සිදුකරන සහයෝගිතා ව්‍යාපෘතියක් වන GovPay, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධික්ෂණය යටතේ කි‍්‍රයාත්මක වන ජාතික ගෙවීම් වේදිකාවකි.

ආරක්ෂිතව, කාර්යක්ෂමව සහ බාධාවකින් තොරව ගෙවීම් සිදුකිරීම සලසමින් රාජ්‍ය ආයතනයන් හි විධිමත් කිරීමේ අරමුණින් මෙම GovPay යෙදවුම සැලසුම් කර ඇත. ආරම්භයේ දී මෙම ව්‍යාපෘතිය ප‍්‍රධාන රාජ්‍ය ආයතන 16ක් සමඟ ඒකාබද්ධ කර තිබෙන අතර, ඒ තුළින් ගනුදෙනු වඩාත් පහසු වෙයි.

මෙම උපායමාර්ගික සහයෝගීතාවය ඔස්සේ පුද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව, වඩාත් පහසුවෙන් මූල්‍ය සේවා වෙත ප‍්‍රවේශවීමේ හැකියාව වැඩිදියුණු කර සිය ඩිජිටල් බැංකුකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීම මහජන බැංකුවේ අරමුණයි. GovPay සහ People’s Pay Digital Wallet යෙදවුම් ඒකාබද්ධ කිරීම ඔස්සේ ගනුදෙනුකරුවන්ට විවිධ රාජ්‍ය සේවාවන් සඳහා වේගවත්ව, ආරක්ෂිතව සහ බාධාවකින් තොරව ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව උදා වී ඇත. මෙම මුලපිරීමත් සමඟ දැන් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට තම ගනුදෙනු සිදුකළ හැකි අතර, ඒ තුළින් බැංකු ශාඛා වෙත නොගොස් එසැණින් ගනුදෙනු සිදුකිරීමේ අවස්ථාව හිමිවේ.

ශ‍්‍රී ලංකාව තුළ මුදල් රහිත ගනුදෙනු ප‍්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස People’s Pay Digital Wallet යෙදවුම හැදුන්වා දී ඇති අතර, ඒ තුළින් ඩිජිටල් ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු බැංකුකරණ පහසුකම් පිරිනැමේ. පහසු, නව්‍ය විශේෂාංග රැසක් සමඟින් නිර්මාණය කර ඇති මෙම යෙදවුම තුළින් සිය මූල්‍ය කටයුතු පහසුවෙන් කළමනාකරණය කරගත හැක.

People’s Pay Digital Wallet යෙදවුම ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත‍්‍රිත්වයෙන්ම පරිශීලනය කළ හැකිය. මහජන බැංකුවේ සහ මහජන බැංකුවේ නොවන ගනුදෙනුකරුවන්ට මෙම යෙදවුම භාවිත කළ හැකි අතර, ඒ තුළින් බැංකු කටයුතු සිදුකළ හැකිවේ. මේ ඔස්සේ තම මහජන බැංකු ගිණුම් සහ ක්‍රෙඩිට් කාඞ් විස්තර පිරික්සීමේ හැකියාවද ලැබෙන අතර, ඕනෑම බැංකුවකට මුදල් හුවමාරු කිරීමේ පහසුකම සහ ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා ගෙවීම් කිරීමේ පහසුකම සැලසේ. මීට අමතරව මෙම යෙදවුමින් ජංගම දුරකතන රීලෝඞ් කිරීමේ පහසුකම්, බිල්පත් ගෙවීම් සහ QR ගනුදෙනු සිදුකිරීමේ අවස්ථාව හිමිව ඇත. එමෙන්ම නවීන ඩිජිටල් තාක්ෂණයට අනුව People’s Pay ඔස්සේ බැංකු ශාඛාවකට හෝ සේවා මධ්‍යස්ථානයකට නොගොස් වීඩියෝ ඇමතුම් හරහා ගිණුමක් විවෘත කිරීමේ පහසුකම සලසා ඇත. එමෙන්ම මේ යෙදවුම තුළින් මාර්ගගත ක‍්‍රමයට CRIB වාර්තා ලබාගැනීමේ පහසුකමද හිමිවේ. මෙහි ඇති Face ID සහ Touch ID පිවිසුම් වැනි විශේෂාංග නිසා ආරක්ෂාවද සහතික වන අතර, Google Play Store, Apple App Store සහ Huawei AppGallery වෙතින් People’s Pay Digital Wallet යෙදවුම බාගත කරගත හැක.

ශ‍්‍රී ලංකේය බැංකු ක්ෂේත‍්‍රයේ නිම් වළලූ පුළුල් කරමින් මහජන බැංකුව 2015 වසරේදී ඩිජිටල් බැංකුකරණයට පිවිසි අතර, මේ වන විට මෙරට ඩිජිටල්කරණයේ බැංකුකරණයේ ප‍්‍රමුඛයා වේ. නිරන්තරයෙන්ම නවෝත්පාදනය සහ උපායමාර්ගික හවුල්කාරිත්වයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන මහජන බැංකුව, දිවයින පුරා සිටින තම ගනුදෙනුකරුවන් සඳහා ප‍්‍රවේශ්‍යතාව, පහසුව සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කරයි. තවද, මහජන බැංකුව ISO/IEC 27001:2022 සහතිකය හිමිකරගෙන ඇති අතර, එය හිමිකර ගත් මෙරට ප‍්‍රථම රාජ්‍ය බැංකුව ද වේ. ඒ තුළින් ගනුදෙනුකාර දත්ත සුරක්ෂිත කිරීම සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා වන බැංකුවේ කැපවීම පිළිඹිබු කරයි. මේ වන විට මහජන බැංකුවේ ඩිජිටල් ගනුදෙනුකරුවන් පිරිස මිලියන තුනකට අධිකය.

මහජන බැංකුව 2024 නව වසරේ වැඩ අරඹයි.

මහජන බැංකු කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවයේ ප‍්‍රතිඥාව ලබාදෙමින් 2024 නව වසරේ වැඩ ආරම්භ කරන ලදී. මේ නිමිත්තෙන් කොළඹ 02, මහජන බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ දී විශේෂ උත්සවයක් පැවැත්විණි.

මෙහිදි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් කාර්ය මණ්ඩලය අමතන ලදි. මීට අමතරව මෙදින සෙත් පිරිත් සඡ්ඡුායනයක් ඇතුළුව සර්ව ආගමික වැඩසටහනක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, වෘත්තිය සමිති නියෝජිතයින්, ආගමික සංවිධාන හා අනෙකුත් ස්වේච්ඡුා සංවිධානවල නියෝජිතයින්, විශ‍්‍රාමික සේවක ප‍්‍රජාව හා කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ. මීට සමගාමිව දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ ශාඛාවලදීද විශේෂ උත්සව පැවති අතර, එහි කාර්ය මණ්ඩලයද සේවා ප‍්‍රතිඥාව ලබාදෙන ලදී.

මහජන බැංකුව 2023 වසරේදි දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබයි.

ශරීි ලංකාවේ පරජන මුඛතම බැංකුවක් වන මහජන බැංකුව, 2023 වසරේදී දෙස් විදෙස් වැඩිම සම්මාන ගණනාවක් හිමිකරගත් බැංකුවක් ලෙස මෙරට මූල්යහ ක්ෂේතරලය ය තුළ සිය විශිෂ්ටත්වය වඩාත් වඩාත් තහවුරු කරගනී. ආරම්භයේ සිටම ගනුදෙනුකරුවන්ට මූල්යණ පහසුකම් සමීප කිරීමෙන් මෙන්ම දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහජන බැංකුව සුවිශේෂ භුමිකාවක නිරත වෙයි.

ශීරුවෙ ලංකාවේ පරවි මුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ටිරව හලියන 3කට අධික ඒකාබද්ධ වත්කම්වලට සහ රුපියල් ටිරඛතමලියන 2.5ක ඒකාබද්ධ තැන්පතු වලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්යදස්ථාන 747ක ජාලය හා ස්වයං බැංකුකරණ ඒකක 290ක් සම`ගින් මිලියන 14.7කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවය සපයයි.

මහජන බැංකුව පසුගිය වසරේ පැවති Asia Money Awards සම්මාන උළෙලේදී Best Domestic Bank හා Best Bank for Diversity & Inclusion ලෙස සම්මානයට පාතර හජ විය. එමෙන්ම Global Business Review Magazine Awards 2023 ysos Banking Service Provider of the year Sri Lanka, Best Consumer Digital Bank Sri Lanka, Best Digital Wallet App Sri Lanka - People’s Pay, Most Development Bank Sri Lanka, Most Sustainable Bank - Sri Lanka යන සම්මාන මහජන බැංකුවට හිමිවිය. මීට අමතරව Global Banking and Finance Review විසින් අනාගත ගෝලීය සමාගම් 100 (The Next 100 Global Companies) අතරට මහජන බැංකුව නම් කරන ලදි.

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව ද පසුගිය වසරේදි ජාත්යින්තර ARC Aසම්මාන උළෙලේදි සම්මාන 5කින් පිදුම් ලැබිය. එහිදි රන් සම්මානයකින් පිදුම් ලද එකම දේශීය බැංකුව වූයේද මහජන බැංකුවයි.

එමෙන්ම ගෞරවනීය The European – Global Banking & Finance Awards 2023 සම්මාන උළෙලෙහිද පරe ධාන සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබීමට මහජන බැංකුව සමත් විය. ඒ අනුව Bank of the Year Sri Lanka, Best Digital Banking Solutions Provider Sri Lanka, ESG Bank of the Year Sri Lanka, Best Mobile Banking APP Sri Lanka and Best Financial Inclusion Program Sri Lanka - all for the year 2023 යන සම්මානයන්ගෙන් පිදුම් ලැබිය. මීට අමතරව LankaPay Technnovation Awards සම්මාන උළෙලේදි Most Popular Digital Payment Product, Best Common ATM Enabler of the Year - category A’ සහ Merit Overall award for Excellence in interbank Digital payment යන අංශවලින් සම්මාන හිමිකරගැනිමට මහජන බැංකුවට සමත් විය. එමෙන්ම ජාතික ව්යා පාර විශිෂ්ටතා සම්මාන උළෙලේදි (NBEA) බැංකු අංශයෙන් දෙවැනි ස්ථානය හිමිකරගත් අතර The Best Management Practices Company Awards 2023 සම්මාන උළෙලේදී මහජන බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනමන සේවාවන්ගේ හා නවෝත්පාදනවල ගුණාත්මක භාවය වැඩි දියුණු කරගැනීම සඳහා යොදා ගන්නා කළමනාකරණ භාවිතයන්ගේ විශිෂ්ටත්වය වෙනුවෙන් රාජ්යර, අර්ධ රාජ්යe සහ අධිකාරී කාණ්ඩයේ(Government, Semi-Government and Authorities Category) ජයගරාිකාහකයා ලෙස තේරී පත් විය. මිට අමතරව Daraz Payment Partner Performance Awards 2023 හිදි මහජන බැංකුව සම්මානයට පාතරාාහක වූ අතර, Bizz Hybrid සම්මාන උළෙලේ ව්යාසපාර විශිෂ්ටතා සම්මානයද හිමි කරගනු ලැබිය. පසුගිය වසරේ පැවති Best Web Awards 2023 සම්මාන උළෙලදි මහජන බැංකුවේ නිල වෙඞ් අඩවිය, ශරීb ලංකාවේ වඩාත් ජනපරිෙස්ය බැංකු හා මුල්යර වෙබ් අඩවිය ලෙසින් තේරි පත්වූ අතර, හොඳම බැංකු සහ මූල්යම වෙබ් අඩවියට හිමි ලෝකඩ පදක්කමද හිමිකර ගත්තේය.

ශරී් ලංකාවේ කළමනාකරණ ගණකාධිකරණ ක්ෂේතරyb යේ පරර ගමනය වෙනුවෙන් පිරිනැමූ දායකත්වය අගයමින්, AICPA (ජාත්යරන්තර සහතිකලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමය* සහ CIMA (කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය* යන ආයතන සිය හොඳම සේවායෝජකයින් විසි දෙනා අතරට මහජන බැංකුව නම් කරන ලදි. WFWP 2023 සම්මාන උළෙලේදී මහජන බැංකුව ශරීා ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමට පාතර‍යත විය. එමෙන්ම ශරීද ලංකා ජාත්ය න්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ Daily FT විසින් සංවිධානය කළ, 2022/23 වර්ෂය ඇතුළත ‘ශරීP ලංකාවේ වැඩිම ඇගයීමට පාතරy F වූ විශිෂ්ටතම සමාගම් 15’ අතරට ඇතුළත් වීමටද මහජන බැංකුවට හැකියාව ලැබිණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘මහජන බැංකුව 2023 වසර තුළදි මේ සා විශාල දෙස් විදෙස් සම්මාන ගණනාවකින් පිදුම් ලැබිම අභිමානයට කරුණක්. එකම කණ්ඩායමක් ලෙස වැඩ කිරිම නිසා අනෙකුත් බැංකු අභිබවා කාණ්ඩ ගණනාවකින්ම ජයගරායමහණ අත්කර ගැනිමට අපට හැකි වුණා. එමෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරිම වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දිමට මහජන බැංකුවට කටයුතු කළා. මහජන බැංකුව අනුගමනය කරන යහපාලන කරජන මවේදය මෙන්ම, ගනුදෙනුකරුවන් වෙනුවෙන් සුවිශේෂී සේවාවන් පිරිනැමීමට දක්වන කැපවීම මේ සම්මාන තුළින් මනාව තහවුරු වෙනවා. මේ සියලූ ජයගරකහජහණ පිටුපස සිටින විශාලතම ශක්තිය වන අප කාර්ය මණ්ඩලය, ගනුදෙනුකාරභවතුන් මෙන්ම සියලූම පාර්ශ්වකරුවන් අපට ලබා දෙන සහයෝගය පිළිබ`ද ස්තුතිය පළකිරිමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.’

මහජන බැංකුවේ පරභව ධාන විධායක නිලධාරි/ සාමාන්යාථධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘අභියෝග රැුසක් මැද වුවත්, ගනුදෙනුකරුවන්ට සේවා සැලසීමට හා දේශයේ උන්නතිය වෙනුවෙන් මහජන බැංකුව සිදුකර ඇති කාර්යභාරය මේ ජයගරේයෂහණයන් තුළින් මනාව පිළිඹිබු වනවා. නිරන්තරයෙන්ම අප සම`ග රැු`දී සිටිමින් අපට ශක්තියක් වන සියලූ දෙනාට මාගේ ස්තුතිය පළකරනවා.’

මහජන බැංකු අන්තර් ප‍්‍රාදේශික ක්‍රීඩා තරගාවලියේ වොලිබෝල් හා දැල් පන්දු තරග පැවැත්වේ.

මහජන බැංකු ක්‍රීඩා සමාජය සංවිධානය කරන අන්තර් ප‍්‍රාදේශික ක්‍රීඩා තරගාවලියේ වොලිබෝල් හා දැල් පන්දු තරග වතුපිටිවල, ගෘහස්ත කි‍්‍රඩාංගනයේදී පසුගියදා පැවැත්විණි.

මෙහි වොලිබෝල් තරගාවලිය සදහා කණ්ඩායම් 22ක් සහභාගි වූ අතර, එහි ශුරතාවය ප‍්‍රධාන කාර්යාලයීය කණ්ඩායමට, අනු ශුරතාවය රත්නපුර ප‍්‍රාදේශිකයට, තෙවැනි ස්ථානය හම්බන්තොට ප‍්‍රාදේශිකයට සහ සිව්වන ස්ථානය කුරුණෑගල ප‍්‍රාදේශිකයට හිමිවිය.

දැල් පන්දු තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 18 අතරින් ශුරතාවය මහනුවර ප‍්‍රාදේශිකයට, අනුශුරතාවය නුවරඑළිය ප‍්‍රාදේශිකයට, තෙවන ස්ථානය පොළොන්නරුව ප‍්‍රාදේශිකයට සහ සිව්වන ස්ථානය ගම්පහ ප‍්‍රාදේශිකයට හිමිවිය. මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතු`ඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.

මහජන බැංකුව තෛපොංගල් උත්සවය සමරයි

තෛපොංගල් උත්සවය වෙනුවෙන් මහජන බැංකුව සංවිධානය කළ උත්සව මාලාවේ ප‍්‍රධාන සැමරුම් උත්සවයන් වැල්ලවත්ත සහ කොටහේන ශාඛාවන්හිදි මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ද ආශිර්වාද පතා මෙහිදී විශේෂ හින්දු පූජාවන් පැවති අතර, මෙම අවස්ථාවන්ට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්යමණ්ඩල සමාජික සමාජිකාවන් සහ ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

මහජන බැංකුව සිය ඉතිහාසයේ සුවිශේෂ මංසලකුණක් තබමින් 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 28.0 ක ඉහළම වාර්තාගත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වන මහජන බැංකුව, 2025 ජුනි 30 වන දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා සිය ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව රුපියල් බිලියන 80.8 ක මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 18.2 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. මෙම ජයග‍්‍රහණයේ විශේෂත්වය වන්නේ රාජ්‍ය ව්‍යවසායන්(SEOs) කිහිපයක් අවදානමකට මුහුණ පෑම මත සැලකිය යුතු හානිකරණ අලාභ සඳහා වෙන්කිරීම් වලින් පසුව මෙම ලාභය වාර්තා කර තිබීමයි.

2024 වසරේ අදාළ කාලපරිච්ෙඡ්දයේ වාර්තා කළ රුපියල් බිලියන 27.6 ට සාපේක්ෂව මෙම කාලය තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 69.3 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙනස් වන වෙළඳපොළ පොලී අනුපාතවලට අනුකූලව වත්කම් සහ වගකීම් කාලෝචිත ලෙස නැවත මිල කිරීම එමගින් පිළිබිඹු කර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2024 අවසානයේ 3.4% ක් වූ ශුද්ධ පොලී සීමාව 2025 දී 4.0% දක්වා වර්ධනය විය. ශුද්ධ ගාස්තු සහ කොමිස් මුදල් රුපියල් බිලියන 8.0 ක අගයකට ළඟා වූ අතර, 16.8% ක් වූ එම වර්ධනය එම කාලය සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම අගයයි. එමෙන්ම මුළු මෙහෙයුම් වියදම රුපියල් බිලියන 33.4 ක් විය. (2024: රුපියල් බිලියන 28.7* ගනුදෙනුකාර තැන්පතු රුපියල් බිලියන 3,125.3ක් (2024 අවසානයේ: රුපියල් බිලියන 2,854.7* වූ අතර, ශුද්ධ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1,592.3ක් විය. (2024 අවසානයේ: රුපියල් බිලියන 1,522.0*. එමෙන්ම තනි ආයතනයක් ලෙස මුළු වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 3,571.8 දක්වා ඉහළ නංවාගෙන ඇත. (2024 අවසානයේ: රුපියල් බිලියන 3,297.8*.

2025 ජුනි 30 වන දින වන විට බැංකුවේ පළමු මට්ටමේ සහ මුළු ප‍්‍රාග්ධන ප‍්‍රමාණාත්මතා අනුපාතයන් පිළිවෙලින් 12.0% සහ 16.9% ක් විය (2024 අවසානය: 10.9% සහ 16.5%*. එමෙන්ම ඒකාබද්ධ පදනමක් මත එම අනුපාතයන් 13.2% සහ 17.6% ක් විය (2024 අවසානය: 12.6% සහ 17.7%*. මෙම අනුපාත තුළින් රාජ්‍ය අනුග‍්‍රහය ලත් රාජ්‍ය හිමිකාරී ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගතකරණයට අදාළ කරුණු ඇතුළුව සියලූම විචක්ෂණශීලී අඩු කිරීම් පිළිබිඹු කෙරේ. මේ සියල්ල සම්පූර්ණයෙන්ම ගිණුම්ගත කර ඇති අතර, එමඟින් මධ්‍යස්ථ සහ විචක්ෂණශීලී තක්සේරුවක් සහතික කරනු ලැබ ඇත.

2025 පළමු අර්ධ වර්ෂය අවසන් වන විට සමූහයේ ඒකාබද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 91.8 කි. එමෙන්ම ඒකාබද්ධ පදනම මත බදු පෙර රුපියල් බිලියන 31.0 ක ලාභයක් සහ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 19.6 ක ලාභයක් වාර්තා කිරිමට සමත් විය. 2025 ජුනි මාසය අවසන් වන විට ඒකාබද්ධ පදනම මත සමූහයේ මුළු තැන්පතු රුපියල් බිලියන 3,248.1 ක් වූ අතර, ශුද්ධ ණය රුපියල් බිලියන 1,785.6ක් දක්වා වර්ධනය විය. එමෙන්ම මුළු වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 3,795.0ක් විය.

මහජන බැංකුවේ සහ සමූහයේ ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු මහතා, ”පළමු අර්ධයේදි ඓතිහාසික හා වාර්තාගත කාර්යසාධනයක් වාර්තා කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. 2024 සිට අඛණ්ඩව පවත්වාගෙන ආ ජවය සහ බහුවිධ අංශ හරහා අප ලබා ඇති අඛණ්ඩ ප‍්‍රගතිය එමගින් පිළිබිඹු වේ. ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ රජයේ පුළුල් සැලසුමට අර්ථාන්විත දායකත්වයක් ලබාදීම සඳහා හොඳින් සන්නද්ධ වූ ස්වාධීන රාජ්‍ය ආයතනයක් ලෙස අපගේ ශක්තිමත් ස්ථාවරය මෙම ජයග‍්‍රහණය තුළින් නැවතත් අවධාරණය කර තිබේ. අපගේ ඉලක්කය ලාභදායිතාවයට ඉක්මවා ගිය එකකි. මූල්‍ය සමානාත්මතාවය ඉදිරියට ගෙන යාම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට සහයෝගය ලබාදීම සහ සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අපි අඛණ්ඩව කැපවී සිටිමු.

නැවත ප‍්‍රකෘතිමත් තත්ත්වයට පත්වෙමින් පවතින සාර්ව ආර්ථික පරිසරයක් තුළ මුහුණ දීමට සිදුවන අඛණ්ඩ අභියෝගයන් මැද අපගේ උපායමාර්ගික ප‍්‍රමුඛතා ක‍්‍රියාත්මක කිරීමේදී අපි ස්ථාවරව සිටිමු. ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවසාන ඉලක්කය සමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පුද්ගලික අංශයට ණය ලබාදීම, නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ ව්‍යවසායකයින් බලගැන්වීම ද මෙයට ඇතුළත් වේ. ජාතියේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වීම, ගනුදෙනුකාර සේවා ඉහළ නැංවීම, නවෝත්පාදන සහ ජාතික සංවර්ධනයට අර්ථාන්විත දායකත්වයක් ලබාදීම අපගේ අපේක්ෂාවයි.’

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා, ‘2025 වසරේ පළමු අර්ධය, මහජන බැංකු ඉතිහාසයේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ පළමු අර්ධය බව සතුටින් ප‍්‍රකාශ කරමි. විශේෂයෙන් අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයක් හමුවේ අපගේ සමස්ත කණ්ඩායමේ සාමූහික කැපවීම, ඔරොත්තුදීමේ හැකියාව සහ උපායමාර්ගික කාර්යක්ෂමතාව මෙම සුවිශේෂී ජයග‍්‍රහණය මගින් පිළිබිඹු වේ. රාජ්‍ය ව්‍යවසායන් :ීධෑි* සඳහා අපගේ දායකත්වය සැලකිය යුතු ලෙස අඩුවීම මෙම වාර්තාගත කාර්ය සාධනයක් අත්කර ගැනීමට හේතුවක් විය. 2025 පළමු අර්ධය අවසන් වන විට රාජ්‍ය ව්‍යවසායන් සඳහා ලබාදුන් ණය හා අත්තිකාරම් ප‍්‍රමාණය 26.5% දක්වා අඩු විය. (2024 පළමු අර්ධය අවසානයේ එය 42.8%ක් විය*. එමෙන්ම පුද්ගලික අංශය වෙත අපගේ උපායමාර්ගික අවධානය යොමුවීම, රාජ්‍ය ව්‍යවසාය ව්‍යාපාරික පරිමාවන්හි පහත වැටීම හේතුවෙන් සිදුවූ බලපෑම සාර්ථකව කළමනාකරණය කිරීමට උපකාරී වූවාක් මෙන්ම, ඍණාත්මක බලපෑමක් ඇතිවීමේ අවදානම අවම කළේය. මෙම තුළින් සැබෑ වාණිජ බැංකුවක් ලෙස අපගේ ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු වී ඇත. අපගේ උපායමාර්ගික ප‍්‍රමුඛතා ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි මුළුමනින්ම කැපවී සිටිමු. බාහිර අභියෝග අඛණ්ඩව පවතින බව අපි හඳුනාගෙන ඇති අතර, අරමුණක් සහ අධිෂ්ඨානයක් ඇතිව ඒවා හැසිරවීම සඳහා අප සතු හැකියාව පිළිබඳ තරයේ විශ්වාස කරමු. අපගේ වටිනාකම්, ඔරොත්තුදීමේ හැකියාව, නවෝත්පාදනය සහ සියලූම කොටස්කරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම වෙනුවෙන් කරන දිගුකාලීන කැපවීම මත අපගේ අඛණ්ඩ ප‍්‍රගතිය වාර්තා කරනු ඇත.’

සමස්ත කාර්යසාධනය පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ වැඩබලන මූල්‍ය ප‍්‍රධානි සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යාපාරික ණය* තුෂාරි හේවාවසම් මහත්මිය, ‘2025 ජුනි මාසය අවසන් වන විට සමූහයේ වත්කම් පදනම රුපියල් ටි‍්‍රලියන 3.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරට සාපේක්ෂව 9.3%ක ශක්තිමත් වර්ධනයක් පිළිබිඹු කරයි. මෙම වර්ධනයට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ ශුද්ධ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 120.6 ක වර්ධනය වීම වන අතර, සමූහයේ තැන්පතු පදනම රුපියල් බිලියන 300.2ක වර්ධනය වී ඇත. මෙම කාර්යසාධනය මගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව, ඩිජිටල් පරිවර්තනය සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය මුලපිරීම් කෙරෙහි බැංකුවේ උපායමාර්ගික කැපවීම අවධාරණය වන අතර, එමඟින් එහි තරඟකාරී තත්ත්වය සහ නැගී එන අභියෝගවලට අනුවර්තනය වීමේ හැකියාව ශක්තිමත් වී ඇත.’

මහජන බැංකුව Export Bahrain හා එක්ව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර අපනයන වෙළෙඳ පොළ අවස්ථා උදා කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත‍්‍රය ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළ කරා ව්‍යාප්ත කරලීමේ රජයේ දැක්මට අනුව යමින් ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ජාත්‍යන්තර වෙළ`දපලේ දොරගුළු විවර කිරීමට නිරන්තරයෙන්ම කටයුතු කරයි. ඒ අනුව ජාත්‍යන්තර අපනයන වෙළඳාම අරමුණු කරගනිමින් මහජන බැංකුව, ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය හා මුල්‍ය නොවන සහය පිරිනැමිම ස`දහා දිවයින පුරා අපනයන කේන්ද්‍ර (Export Hub) 5ක් පසුගිය වසරේදි ස්ථාපිත කරන ලදි.

එමෙන්ම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ අපනයන ප‍්‍රවර්ධනය කිරිමේ අරමුණ පෙරදැරිව මහජන බැංකුව හා Export Bahrain (බහරේන් හි ජාතික සුළු හා මධ්‍ය පරිමාණ සංවර්ධන මණ්ඩලය විසින් ගෝලීය ආනයනයන් ප‍්‍රවර්ධනය කිරිම ස`දහා පිහිටුවා ඇති ආයතනය* අතර සාකච්ඡුාවක් කොළඹ 02, මහජන බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේදි පසුගියදා පැවැත්විණි. මේ ස`දහා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් සහ Export Bahrain හි ප‍්‍රධාන විධායක නිලධාරිනි සාෆා ෂාරිෆ් ඒ. කාලික් සහ එහි අලෙවි හා ප‍්‍රවර්ධන අංශයේ ෂයිනාබ් මත්රුක් යන මහත්මින් සහභාගි වූහ. මෙම හමුව බහරේනයේ ශ‍්‍රී ලංකා තානාපති එච්. එම්. ජී. ආර්. ආර්. කේ විජේරත්න මෙන්ඩිස් මහත්මිය සංවිධානය කර තිබිණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ව්‍යවසාය බැංකු අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තේ, කුරුඳු, මල් වගා, කුළුබඩු, ඇඟළුම් සහ සැකසූ ආහාර මෙන්ම, පොල් ආශ‍්‍රිත නිෂ්පාදන ඇතුළුව, ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයන්හි නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් ද එක්ව සිටියහ. දෙරට අතර ආයෝජන අවස්ථා සොයා බැලීමට මෙන්ම, දෙරටෙහි වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව ප‍්‍රවර්ධනය කිරීම උදෙසා පැවති මෙම සාකච්ඡුාව වඩාත් ඵලදායිව සිදුකෙරිණි.

මහජන බැංකුවේ වාසි කෝටියයි 2025
පළමු දිනුම් ඇදීමේ ජයග‍්‍රාහකයින් තෝරා ගැනේ.


මහජන බැංකුවේ People's Remittance වාසි කෝටියයි 2025 - බැංකුවට එන්න, බැංකොක් යන්න’ දිනුම් ඇදීමේ සතිපතා ජයග‍්‍රාහකයින් තෝරාගැනීමේ පළමුවැනි දිනුම් ඇදීම කොළඹ 10, මහජන බැංකුවේ එතෙර ගනුදෙනු සේවා අංශයේදී පසුගියදා පැවැත්විණි.

ඒ අනුව මෙහිදි 2025 ජනවාරි 01 සිට මාර්තු 04 වැනිදා දක්වා සතිපතා ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් නව දෙනෙකු තෝරාගත් අතර, ඔවුන්ට බැංකොක් සංචාර හිමිවේ.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු* ටි. එම්. ඩබ්ලිව්.චන්ද්‍රකුමාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවා* අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (අභ්‍යන්තර විගණන* ශාන්ත ගඟබඩගේ, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ* අයි.කේ් ඉන්දික, සහකාර සාමාන්‍යාධිකාරි(එතෙර ගනුදෙනු සේවා* බුද්ධික රණතුංගගේ, ප‍්‍රධාන කළමනාකරු (තොරතුරු තාක්ෂණ* විපුල වර්ණකුල, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි (එතෙර ගනුදෙනු සේවා* තිළිණි පෙරේරා සහ බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිනි ශී‍්‍රයානි නාපාගොඩ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේත්, ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත් වෙහෙස මහන්සිය නොබලා රැුකී රක්ෂාවල නියැලෙන ශ‍්‍රී ලාංකික විදෙස් ශ‍්‍රමිකයින් දිරිමත් කර ඔවුන්ව ඇගයීමේ අරමුණින්,ිඡුැදචකැ.ි ඍැපසඑඒබජැ ‘වාසි කෝටියයි 2025-බැංකුවට එන්න බැංකොක් යන්න’ දිනුම් ඇදීම මහජන බැංකුව විසින් දියත් කරන ලදි.

මෙම සුවිශේෂී වැඩසටහන 2025 ජනවාරි 1 වන දින සිට 2025 දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර සති 52 ක් පුරා බැංකොක් සංචාර 52 ක් පිරිනමයි. People’s Web Remit, People’s Instant Remit, Telexes, Swift, Western Union, Ria සහ ඒ හා සමාන ඕනෑම තැනක ගෙවීම්/ මුදල් පිකප් නිෂ්පාදන හරහා මහජන බැංකුවට විදේශීය සේවක ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන් දිනුම් ඇදීමට ඇතුළත් වීමට සුදුසුකම් ලබයි. ගනුදෙනුකරුවෙකු වැඩි වැඩියෙන් ප්‍රේෂණ යවන තරමට, ඔවුන්ගේ ජයග්‍රහණයේ අවස්ථා වැඩි වේ.

මීට අමතරව, People’s Remittance හරහා මහජන බැංකුවට විදේශීය ප්‍රේෂණ එවන ගනුදෙනුකරුවන්ට ‘දොළොස් මහේ වාසි චක‍්‍රය’ ප්‍රවර්ධනය හරහා ආකර්ෂණීය ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාව ද ඇත.

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව ගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වේ.

මහජන බැංකුවේ 2024 වසරේ ප‍්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු මහතා අතින් ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, ජනාධිපති කාර්යාලයේදි අද (18) සිදුකෙරිණි.

ශ්‍රී දළදා දළදා මාලිගාව සහ මහජන බැංකුව එක්ව ‘සිසු දිරියට බොදු සවියක්’ ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි.

ශ්‍රී දළදා මාලිගාව හා මහජන බැංකුව එක්ව සමාජ සත්කාරක මෙහෙවරක් ලෙසින් කි‍්‍රයාත්මක කරන ‘සිසු දිරියට බොදු සවියක්’ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරමින්, එහි මධ්‍යම පළාත් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය මහනුවර, පල්ලකැලේ ශ්‍රී දළදා ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයිය ශ‍්‍රවණාගාරයේදි පසුගියදා පැවැත්විණි.

අප රටේ අධ්‍යාපනයට දක්ෂ, එනමුත් දිළිඳුකමින් පෙළෙන දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මෙහිදි 2023 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් හට 2024 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි 11 වන ශ්‍රේණිය දක්වා ශිෂ්‍යත්ව පිරිනැමිණිි.

මහජන බැංකුව හා ශ්‍රී දළදා මාලිගාව එක්ව පිහිටුවා ඇති බෞද්ධ සුබසාධන අරමුදල ඔස්සේ මේ වනවිටත් දරු දැරියන්ට ශිෂ්‍යත්ව විශාල ප‍්‍රමාණයක් පිරිනමා ඇති අතර, ‘සිසු දිරියට බොදු සවියක්’ මෙම නව වැඩපිළිවෙලින් දැනට ලැබෙන ප‍්‍රතිලාභ වැඩි කර අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට ලබාදීමට නියමිතය.

ඒ අනුව මේ තුළින් දිවයින පුරා දිස්ත‍්‍රික්ක 16ක, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 207ක් ආවරණය වන පරිදි ළමුන් 2000කට පමණ ශිෂ්‍යත්ව ලබාදීමට නියමිත අතර, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සුවිශේෂ නිර්ණායකයන් මත විධිමත් ලෙස ශිෂ්‍යත්වලාභින් තෝරාගැනේ. ඒ අනුව ජාති, ආගම් භේදයකින් තොරව අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට මාසිකව රු.1500/-ක ශිෂ්‍යත්ව මුදලක් වසර 6ක කාලයක් පුරා ලබාදීමට කටයුතු කරයි. එක් සිසුවෙකුට ලැබෙන මුළු මුදල රු. 108,000කි. මෙහිදි 2023 වසරේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ ඉදිරි වසර හය සඳහා වන ශිෂ්‍යත්ව සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය දායකත්වය පිරිනමයි.

මෙසේ ඉදිරි වසර හය තුළ දරු දැරියන් 12,420ක් මේ තුළින් ප‍්‍රතිලාභ ලබනු ඇත. එමෙන්ම පළමු වසරේදි මිලියන 36ක මුදලක් ශිෂ්‍යාධාර ලෙස ලබාදෙන අතර, ඒ අනුව ඉදිරි වසර හයක කාලය අවසානයේදි රුපියල් මිලියන 216ක් ශිෂ්‍යාධාර ලෙස ප‍්‍රදානය කිරීමට ඇස්තමේන්තු ගතකර තිබේ. ලංකා ඉතිහාසයේ මෙතරම් මුල්‍ය වටිනාකමක් දැයේ සිසු දරු දැරියන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් අධ්‍යාපන සත්කාරයක් ලෙස පිරිනමන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ආණමඩුවේ ධම්මදස්සි නා හිමියන්, දළදා මාලිගාවේ තේවාව භාර, මහියංගණ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය, ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා, මහනුවර ශ‍්‍රී මහා නාථ හා පත්තිනි දේවාලයන් හි බස්නායක නිලමේවරුන්, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු, ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මහනුවර හා මාතලේ දිස්ත‍්‍රික් ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන්, දෙමාපියන් සහ ශිෂ්‍යත්වලාභි දරු දැරියන් විශාල පිරිසක් සහභාගි විය.

මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මහජන බැංකුව සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් එහි සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර, පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ ශ‍්‍රවණාගාරයේදි මාර්තු 08 වැනි දින පැවැත්විණි.

මෙහි ප‍්‍රධාන දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි ආචාර්ය පී.කේ සීලගම මහත්මිය සිදුකළ අතර, පොල්ගොල්ල, මහවැලි ජාතික විද්‍යා පීඨයේ සභාපතිිනි මේජර් කාන්ති ලියනගේ මහත්මිය විසින්ද දේශනයක් සිදුකරන ලදි.

මෙම උත්සවයේදී 'වනිතා වාසනා ්‍High Interest’ ’ ගිණුම හා වනිතා වාසනා Money Planner ආයෝජන සැලසුම් පිළිබඳව හැදින්වීමක් සිදුකළ අතර, ගනුදෙනුකාරිනියන්ට වනිතා සවිය සහ People’s Bank Auto Loan ණය මුදල් ද පිරිනැමිණි.

මීට අමතරව ජගත් කාන්තා දිනය නිමිත්තෙන් වනිතා වාසනා සන්නාමය යටතේ නිමැයුම් පිරිනැමිම තවදුරටත් පුළුල් කරමින්, වනිතා වාසනා ක්‍රෙඩිට් කාඞ්පතක් මෙහිදි හªන්වා දෙන ලදි.

මහජන බැංකුව සහ සර්වෝදය ෆියුෂන්
එක්ව දියත් කළ ‘හෙට දින නවෝත්පාදකයින් සවිබල ගැන්වීම’ වැඩසටහනේ ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවය
පැවැත්වේ.

ශ‍්‍රී ලාංකිය ඩිජිටල් බැංකුකරණයේ ප‍්‍රමුඛයා වන මහජන බැංකුව, සර්වෝදය ෆියුෂන් සමඟ එක්ව සංවිධානය කළ ‘Empowering Tomorrow’s Innovators’ ‘හෙට දින නවෝත්පාදකයින් සවිබල ගැන්වීම : යොවුන් තාක්ෂණික නිපුණතා සංවර්ධන වැඩසටහනේ ඩිප්ලෝමා ප‍්‍රදානෝත්සවය කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි.

මෙහිදී සිසු සිසුවියන් 100 දෙනෙකුට පරිගණක විද්‍යා ඩිප්ලෝමාව (DICS) පිරිනැමූ අතර, ඒ අතරින් විශිෂ්ට කුසලතා පළකළ සිසු සිසුවියන් 10 දෙනෙකු අධ්‍යයන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ පදක්කම් හිමිකර ගන්නා ලදි.

මෙම ඩිප්ලෝමාව ජාතික වෘත්තිය සුදුසුකම් 4 (NVQ level 04) ප‍්‍රමිතින්ට අනුව සැකසුනු නව මාසික පාඨමාලාවක් වූ අතර, ඒ තුළින් Programming, Web Development, Networking, Graphics හා Computer Mathematics යන විෂය ක්ෂේත‍්‍ර ආවරණය කෙරිණි.

මහජන බැංකුවේ ආයතනික සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස ‘හෙට දින නවෝත්පාදකයින් සවිබල ගැන්වීම’ වැඩසටහන 2024 දෙසැම්බර් මාසයේදී දියත් කරන ලද අතර, ඒ තුළින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන කි‍්‍රයාවලිය වෙනුවෙන් මහජන බැංකුවේ අඛණ්ඩ කැපවීම පිළිඹිබු වෙයි. සර්වෝදය ව්‍යාපාරයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන අංශය වන ‘සර්වෝදය ෆියුෂන්’ සමඟ එක්ව ක‍්‍රියාත්මක කළ මෙම වැඩසටහන මඟින් දිවයින පුරා වයස අවුරුදු 15-19 අතර සිසුන් 100 දෙනෙකුට පූර්ණ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන කෙරුනේ ඩිජිටල් සාක්ෂරතාවය ප‍්‍රවර්ධනය කරමින් තාක්ෂණ අංශයේ අනාගත වෘත්තීන් සඳහා නව මං විවර කරමිනි.

මේ සඳහා සුදුසුකම්ලාභින් තෝරාගැනීම උතුරු මැද, වයඹ සහ බටහිර පළාත් ඇතුළු විවිධ කලාප නියෝජනය කරමින්, පුළුල් ජාතික තේරීම් ක‍්‍රියාවලියක් හරහා සිදු කරන ලදී. පුළුල් පරාසයක පැතිරුණු සමාජ-ආර්ථික පසුබිම් වලට අයත් සිසුන් වෙනුවෙන් උසස් තත්ත්වයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කෙරිණි.

පරිගණක විද්‍යාව පිළිබඳ මූලික දැනුම ලබාදීමට අමතරව මෙම ඩිප්ලෝමාව ඔස්සේ සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා විවිධ අවස්ථාවන් නිර්මාණය වේ. එමෙන්ම ප‍්‍රායෝගික අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, මෙරට තුළ සීඝ‍්‍රයෙන් සංවර්ධනය වන තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට සහ රැුකියා අවස්ථාවන්ට සිසුන් සූදානම් කිරිම මෙමඟින් සිදුකරයි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු, සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වින්යා ආරියරත්න, සර්වෝදය ෆියුෂන් සභාපති මහාචාර්ය රොහාන් සමරජීව, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, සර්වෝදය ෆියුෂන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය දිලීකා ඩයස් සහ සර්වෝදය ෆියුෂන්හි ප‍්‍රධාන විධායක නිලධාරී නිපුණිකා රුහුණගේ යන මහත්ම මහත්මින්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, සිසු සිසුවියන් හා දෙමාපියන් සහභාගි වූහ.

අධ්‍යාපනය, නවෝත්පාදනය සහ ඩිජිටල්කරණ බලගැන්වීම තුළින් ජාතික සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා මහජන බැංකුව සහ සර්වෝදය ෆියුෂන් දැක්වූ මෙම මුලපිරීම තුළින් වඩාත් තහවුරු වෙයි. යොවුන් පරපුර වෙනුවෙන් ආයෝජනය කිරීම සහ තාක්ෂණය මත පදනම් වූ අධ්‍යාපන ප‍්‍රවේශය පුළුල් කිරීම තුළින් ශ‍්‍රී ලංකාව තුළ ඩිජිටල් හැකියාවෙන් සවිබලගැන්වුනු, අනාගතයට සූදානම් ශ‍්‍රම බලකායක් ගොඩනැගීමට මෙම වැඩසටහන අර්ථාන්විත වේ.

මහජන බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම ෆිච් රේටින්ග්ස් විසින් 'AA-(lka)' දක්වා ඉහළ නංවයි

ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් මහජන බැංකුවේ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම "A(lka)" to "AA-(lka)." දක්වා ඉහළ දැමීමට පසුගියදා කටයුතු කරන ලදි. ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑත කාලයේ නැවත ක‍්‍රමාංකනය කිරීමෙන් අනතුරුව මෙසේ මහජන බැංකුවේ ශ්‍රේණිගත කිරීම ඉහළ ගොස් ඇත.

ෆිච් රේටින්ග්ස් ආයතනය 2024 දෙසැම්බර් 20 වන දින ශ‍්‍රී ලංකාවේ දිගුකාලින දේශිය මුදල් නිකුත් කරන්නන්ගේ පෙරමිනි ශේ‍්‍රණිගත කිරිම 'CCC-' සිට 'CCC+' දක්වා ඉහළ නැංවීය. මහජන බැංකුවට හිමිවූ මෙම නව ශ්‍රේණිගත කිරීම මගින් බැංකුවේ ස්ථාවරත්වය, ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනය සහ වර්තමාන මූල්‍ය ශක්තිය මනාව ඉස්මතු වේ. මහජන බැංකුවේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය සහ ශ‍්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන දායකත්වය මෙසේ ෆිච් රේටින්ග්ස්හි ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම 'AA-(lka)' දක්වා ඉහළ නැංවීම සඳහා හේතුවිය. එමෙන්ම මහජන බැංකුවේ යහපත් අවදානම් කළමනාකරණ භාවිතයන්, ස්ථාවරත්වය සහ මූල්‍ය විනය ද මෙම උසස් කිරීම මගින් තහවුරු කර ඇත.

මීට අමතරව මෙම ශ්‍රේණිගත කිරීම, ස්ථාවරත්වය සහ අඛණ්ඩ වර්ධනය පවත්වා ගනිමින් සංකීර්ණතා මඟහරවා ගැනීමට බැංකුවට ඇති හැකියාව පිළිබඳව හොඳම සාක්ෂියක් ද වේ.

මහජන බැංකුව රුපියල් ට්‍රිලියන 3.0 කට අධික වත්කම් ඇති ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයයි. මේ වන විට දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව 750ක් වන අතර, 7300කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විතය. එමෙන්ම 300කට අධික මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන්(SBUs) තුළින් වසරේ සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. සමස්ත ගනුදෙනුකාර ප‍්‍රජාව මිලියන 15.2කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වීම විශේෂත්වයකි.

ශ‍්‍රී ලංකාවේ සමාජ-ආර්ථික ප‍්‍රගතියේ ප‍්‍රධාන හසුරවන්නෙකු ලෙස, මහජන බැංකුව සිය ගනුදෙනුකාර කේන්ද්‍රීය ප‍්‍රවේශය සහ ඩිජිටල් බැංකුකරණ නායකත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් කරන කැපවීම තුළින් බැංකු ක්ෂේත‍්‍රයේ නිම් වළලූ පුළුල් කරගනිමින් සිටි. පුළුල් පරාසයක මූල්‍ය විසඳුම් පිරිනමන මහජන බැංකුව දිවයින පුරා විසිරි සිටින පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා විශ්වාසදායක මූල්‍ය හවුල්කරුවෙකු ලෙස සිය ස්ථාවරත්වය ශක්තිමත් කර ගනිමින් සිටී.

මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඞ් වෙතින් ගෙදරටම තෑගි’ සුපිරි ජයග‍්‍රාහකයින්ට හිමි තිළිණ පිරිනැමේ.

මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඞ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමේ සුපිරි ජයග‍්‍රාහකයින් තිදෙනාට හිිමි තිළිණ පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි.

ඒ අනුව පන්නිපිටියේ පදිංචි වී.ආර්.ඒ. ගුණසේකර මහත්මියට රු.1,000,000/-ක්, කඩවත, කිරිල්ලවල පදිංචි ඒ.එම්. නන්දනි කීර්තිලතා මහත්මියට රු.500,000/-ක් සහ මාතලේ, කවුඩුපැලැල්ල, ජේ.ඒ.එන්.කේ ජයසිංහ මහත්මියට රු.250,000/-ක් බැගින් රු. 1,750,000ක් වටිනා ගෘහ විදුලි උපකරණ පිරිනැමිණි. මෙම තිළිණ ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් පිරිනැමිමට මහජන බැංකුව කටයුතු යොදා තිබිණි.

මීට අමතරව මාසික දිනුම් ඇදීම් වල ජයග‍්‍රාහකයින් 150කට රු. 25,000ක් වටිනා සුපිරි වෙළඳසැල් වවුචර්පත් 150ක් පිරිනැමේ.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම්, කි‍්‍රයාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ* නිල්මිණි පේ‍්‍රමලාල්, අලෙවි ප‍්‍රධානි නාලක විජයවර්ධන, කාඞ්පත් ප‍්‍රධානි ජයනාත් ඩයස් යන මහත්ම මහත්මින් ඇතු`ඵ ප‍්‍රාදේශිය කළමනාකරුවන්, කාඞ්පත් මධ්‍යස්ථානයේ කළමනාකරුවන් සහ ශාඛා කළමනාකරුවන් ඇතු`ඵ බැංකු නිලධාරින් සහභාගි වූහ.

මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඞ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීම 2024 ජුලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කි‍්‍රයාත්මක වූ අතර, මේ තුළින් පිරිනැමෙන මු`ඵ තිළිණ වල වටිනාකම රු.5,500,000කි.

APB 35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු ලෙස මහජන බැංකුව කටයුතු කරයි.

ශ්‍රී ලංකා වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ Association of Professional Bankers (APB) 35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු ලෙස මහජන බැංකුව කටයුතු කරයි. මෙම සමුළුව පෙබරවාරි 19 සහ 20 දෙදින කොළඹ, සිනමන් ලයිෆ් හෝටලයේදි පැවත්වෙන අතර, බැංකු වෘත්තිකයින්, ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින්, පාර්ශ්වකරුවන් ඇතු`ඵ විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

මේ සදහා වන දායකත්වය මහජන බැංකුවේ අලෙවි ප‍්‍රධානි නාලක විජයවර්ධන මහතා විසින් වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති හලීන් හෙට්ටිගොඩ මහතා වෙත පිරිනමන අයුරු ඡුායාරූපයේ දැක්වේ. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ජාත්‍යන්තර බැංකු* තුෂාරි හේවාවසම්, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ* ඊ.පී.ඒ. සිසිර කුමාර, වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ කාරක සභිකයින් වන රමෝනාස් පෙරේරා සහ කාංචන කරුණාගම යන මහත්ම මහත්මීන්ද මෙහි වෙති.

මහජන බැංකුවේ කෑගල්ල බැංකු සංකීර්ණය විවෘත කෙරේ.

මහජන බැංකුවේ කෑගල්ල ප‍්‍රාදේශීය ප‍්‍රධාන කාර්යාලය සහ කෑගල්ල ශාඛාව නව සිව් මහල් ගොඩනැගිල්ලක විවෘත කිරීම මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. කෑගල්ල, කොළඹ-නුවර පාරේ, අංක 380 දරණ ස්ථානයේ මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත.

වසර 63කට අධික කාලයක් පොදු ජනතාවගේ බැංකුකරණ හා මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් පෙරමුණගත් මහජන බැංකුව කෑගල්ල ප‍්‍රදේ්ශයේ ජනතාවගේ මූල්‍ය පහසුකම් වඩාත් වැඩිදියුණු කරලීම උදෙසා අවශ්‍ය අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවා සැපයීමේ අරමුණින් මෙම බැංකු සංකීර්ණය විවෘත කරන ලදි.

එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය :ීැකෙ ඊ්බනසබට ඹබසඑ* තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්වි`දිය හැක.

මේ අවස්ථාවට මහජන බැංකුවේ අලෙවි ප‍්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ* නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා* ටී.ජි.එස්.පි කුමාරසිරි, කෑගල්ල ප‍්‍රාදේශීය කළමනාකාර ජේ.ඞී.ආර්. ඥානතිලක, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාරිනියන් වන කුමාරි දයානන්ද, එන්.එස් රම්බොඩගෙදර සහ ශාඛා කළමනාකාරිනි චමරි ගමගේ යන මහත්ම මහත්මින් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරින් හා ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

මහජන බැංකුවේ YouTube සහ TikTok ග‍්‍රාහකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවයි

මහජන බැංකුව, සිය YouTube සහ TikTok යන සමාජ මාධ්‍යයේ ගිණුම් වල ග‍්‍රාහකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවූ ප‍්‍රථම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් ඩිජිටල් බැංකුකරණය සහ අලෙවිකරණය සම්බන්ධයෙන් සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කරගනී. ඒ අනුව මහජන බැංකුවට පසුගියදා Youtube Silver Button හිමිවිය.

බැංකුවේ මූල්‍ය නිමැයුම් සහ සේවාවන් පිළිබඳ දැනුවත් කරන අතර, මහජනතාව සමඟ මනා සන්නිවේදනයක් ගොඩන`ගා ගැනීම සහ ඔවුන්ව දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය නිවැරදිහා ව භාවිතා කිරීමට බැංකුවේ ඇති කැපවීම මේ තුළින් මනාව අවධාරණය වේ.

සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ඩිජිටල් අන්තර්ගතයන් මහජන බැංකුව ඉදිරිපත් කරන අතර, කාන්තාවන් සවිබල ගැන්වීම, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම වැනි මාතෘකාවන් පිළිබඳ කතාබහක් ඇතිකිරීමට YouTube, Facebook, Instagram සහ Tiktok වැනි සමාජ මාධ්‍ය අවකාශයන් භාවිතා කරයි. එමෙන්ම ඇතැම් වීඩියෝ නැරඹුම් වාර මිලියන 2.5 ඉක්මවා ඇත.

මහජන බැංකුව සිය ඩිජිටල් ගනුදෙනුකරුවන් මිලියන 3 ඉක්මවමින් ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ නායකත්වය දැනටමත් තහවුරු කරගෙන තිබීම විශේෂත්වයකි. එමෙන්ම People’s Wave ජංගම දුරකතන යෙදවුම, People’s Web අන්තර්ජාල බැංකුකරණ පහසුකම් සහ People’s Pay wallet යෙදවුම හදුන්වා දී අතර ව්‍යාපාරිකයින් සඳහා People’s Wyn, Lanka QR තාක්ෂණය සඳහා සහය දක්වන මොඩියුලයක් හඳුන්වා දී ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු මහතා ‘රාජ්‍ය ආයතන වලට නවෝත්පාදනය සහ නවීන තාක්ෂණය දුරස්තය යන සම්ප‍්‍රදායික මතවාදය මේ ජයග‍්‍රහණය තුළින් අභියෝගයට ලක් කිරීමට අපට හැකිවූවා. ඩිජිටල් බැංකුකරණය සහ අලෙවිකරණය තුළ නව මං සලකුණු තබමින් සහ රාජ්‍ය අංශයේ ආයතනවලට ජාත්‍යන්තර මට්ටමේ විසඳුම් ලබා දිය හැකි බව සනාථ කරමින් මහජන බැංකුව මෙරට බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙරමුණ ගෙන සිටිනවා.

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘ඩිජිටල් බැංකුකරණය සහ අලෙවිකරණය තුළ අප විසින් අත් කරගෙන ඇති මෙම සාර්ථකත්වය, අපගේ ගනුදෙනුකරුවන් සමඟ සන්නිවේදනය කිරීමට මෙන්ම ඔවුන්ට වටිනාකමක් ලබාදීමට අප විසින් නව තාක්ෂණය යොදාගැනීම සඳහා දරන අඛණ්ඩ උත්සාහයේ ප‍්‍රතිඵලයක්. උසස් තාක්ෂණය ඒකාබද්ධ කිරීම සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය ප‍්‍රවේශය වර්ධනය කිරීම තුළින් නවෝත්පාදනය පුද්ගලික අංශයට පමණක් සීමා නොවන බව මහජන බැංකුව සනාථ කළා. ඩිජිටල්මය වශයෙන් සවිබල ගැන්වූ ශ‍්‍රී ලංකාවක් සඳහා වන දැක්ම සමඟින් මහජන බැංකුව මෙරට බැංකුකරණයේ අනාගතය සඳහා වේදිකාව නිර්මාණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම්වලට සහ රුපියල් ට්‍රිලියන 2.5ක ඒකාබද්ධ තැන්පතු වලට හිමිකම් කියයි. එමෙන්ම දිවයින පුරා විහිදුනු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747ක ජාලය සම`ගින් මිලියන 15.2කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවය සපයයි.

මහජන බැංකුව, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයිය ආදි ශිෂ්‍ය සංගමයට Affinity ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දෙයි

මහජන බැංකුව, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය (OBA) සදහා නව Affinity ක්‍රෙඩිට් කාඞ්පතක් හ`දුන්වාදෙයි. එය නිල වශයෙන් එළිදැක්වීම කොළඹ 02, මහජන බැංකු ප‍්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති සහ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති කසුන් ගුණරත්න, ආදි ශිෂ්‍ය එයාර් චීෆ් මාර්ෂල් (විශ‍්‍රාමික* උදේනි රාජපක්ෂ සහ ආදි ශිෂ්‍ය සංගමයේ විධායක ලේකම් සචිත‍්‍ර ප‍්‍රභා, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ක‍්‍රියාවලි කළමනාකරණය සහ තත්ත්ව සහතික* නිල්මිණි පේ‍්‍රමලාල්, කාඞ්පත් ප‍්‍රධානි ජයනාත් ඩයස්, කළමනාකරු (කාඞ්පත් ව්‍යාපාර සහ අලෙවි* අරුණ දන්තනාරායන සහ කළමනාකාරිනී (කාඞ්පත් ව්‍යාපාර සහ නිෂ්පාදන* චලනි සේනානායක යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

එමෙන්ම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් දුලිප් සොමිරත්න - ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, හර්ෂ රන්දෙණිය - ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සහ දේශීය කළමනාකරු (මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින*, අරුණ රාජපක්ෂ - ගුවන්තොටුපළ කළමනාකරණ ප‍්‍රධානී (ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ‍්‍රී ලංකා පුද්ගලික සමාගම* යන මහත්වරුන් සහ තවත් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. බණ්ඩාරනායක විද්‍යාලයීය ්ෙසෙබසඑහ ක්‍රෙඩිට් කාඞ්පත එහි ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර, එම ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික ගාස්තු ගෙවීම ඇතුළු විවිධ කාර්යයන් සඳහා භාවිතා කළ හැක. සෑම කාඞ්පතකින්ම එකතු කරනු ලබන වාර්ෂික ගාස්තුවෙන් කොටසක් විද්‍යාලයීය සංවර්ධන කටයුතු සඳහා සෘජුවම පරිත්‍යාග කෙරේ.

මෙම කාඞ්පත් හිමියන්ට ආකර්ෂනීය වට්ටම්, නම්‍යශීලී වාරික සැලසුම් සහ වසර පුරාම පිරිනමන විවිධ දීමනා ඇතුළු සුවිශේෂ වරප‍්‍රසාද රැුසක් හිමිවේ.

මහජන බැංකුවේ නව සභාපති මහාචාර්ය පී.එන්.ඞී. ප‍්‍රනාන්දු මහතා වැඩ භාරගනී.

මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඞී. ප‍්‍රනාන්දු මහතා නොවැම්බර් 18 වැනිදා මහජන බැංකු ප‍්‍රධාන කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාරගත්තේය. මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගි වූහ.

මූල්‍ය, බැංකු සහ උසස් අධ්‍යාපනය පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දකින් හෙබි මහාචාර්ය ප‍්‍රනාන්දු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු සහ අංශ ප‍්‍රධානියකු ලෙස කටයුතු කර ඇති ප‍්‍රමුඛ පෙළේ ශාස්ත‍්‍රඥයෙකි. විශ්වවිද්‍යාලය තුළ වසර 27කට අධික කාලයක් පුරා ශාස්ත‍්‍රිය වශයෙන් ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර පිළිගැනීමට හා ඇගයීමට ලක්ව ඇත. මහාචාර්ය ප‍්‍රනාන්දු මහතා නව උපාධි වැඩසටහන් කිහිපයක් හඳුන්වා දෙමින් ශ‍්‍රී ලාංකිය මූල්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇත. එමෙන්ම මහාචාර්ය ප‍්‍රනාන්දු මහතා වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් ඔහු කැලණිය MBA වැඩසටහන සඳහා ලෝක බැංකුවේ AHEAD ප්‍රදානයන් සහ ISO 21001 සහතිකය සාර්ථක කර ගැනීම ඇතුළු වැඩසටහන් රැසකට මූලිකත්වය ගෙන කටයුතු කළේය.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය (ගිණුම්කරණය) පිළිබඳ ප‍්‍රථම උපාධිය හිමිකරගත් ප‍්‍රනාන්දු මහතා, කොළඹ ක‍්‍රමයේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ හරහා බටහිර බෙංගාල තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යපාර පරිපාලන උපාධියක් හිමි කරගෙන ඇත. එමෙන්ම මධ්‍යම චීන සාමාන්‍ය විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමි කර ගත්තේය.

මීට අමතරව කොළඹ කොටස් හුවමාරුව සහ ශ‍්‍රී ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැනි මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන සඳහා උපදේශකවරයෙකු සහ සම්පත් දායකයෙකු ලෙස ද මහාචාර්ය ප‍්‍රනාන්දු මහතා කටයුතු කර ඇත.

ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය මූල්‍ය ආයතනයකට නායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳව අභිනව ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවේදී, මහාචාර්ය ප‍්‍රනාන්දු මහතා සිය සතුට ප‍්‍රකාශ කළේය. එමෙන්ම ඩිජිටල් පරිවර්තන ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීම, ගනුදෙනුකාර කේන්ද්‍රීයභාවය වර්ධනය කිරීම සහ දිනෙන් දින පුළුල් වන රටේ අවශ්‍යතාවන්ට සහය වීම සඳහා ශක්තිමත්, තිරසර බැංකු ජාලයක් ගොඩනැගීම අරමුණු කරගත් මහජන බැංකුව සඳහා වූ ඔහුගේ දැක්ම එහි දී ඔහු අවධාරණය කළේය.

නිදහස් සැමරුම වෙනුවෙන් අලූත උපන් බිළිදුන්ට මහජන බැංකුවෙන් තිළිණ

ශ‍්‍රී ලංකාවේ 77 වැනි ජාතික නිදහස් දිනය සමරමින් කොළඹ 02, මහජන බැංකුව ප‍්‍රධාන කාර්යාලයේදී එහි සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි.

එමෙන්ම සෑම වසරකම නිදහස් දිනයට සමගාමිව මහජන බැංකුව කි‍්‍රයාත්මක කරන ‘නිදහසේ උපත’ වැඩසටහන මෙවරද කි‍්‍රයාවට නැංවිණි. මේ යටතේ පෙබරවාරි 01 වැනි දින සිට 14 වැනි දින දක්වා සතිය තුළ මෙරට උපත ලබන සෑම බිලිදකු වෙනුවෙන්ම රු 2000/= ක් වටිනා ඉසුරු උදාන තිළිණ පතක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු යොදා ඇත.

මහජන බැංකුවේ ඉසුරු උදාන ගිණුම 1998 වසරේදි හදුන්වා දුන් අතර, දේශිය අභිමානය ජනිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙන්ම සැබෑ නිදහසක් දරුවන් හට උරුම කරදීම ස`දහා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් දෙමාපියන් තුළ කිසියම් ඉලක්කගත අරමුණක් ඇති කිරීම තේමා කරගනිමින්් මහජන බැංකුව ‘නිදහසේ උපත’ වැඩපිළිවෙළ ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදීය. ළගම පිහිටි මහජන බැංකුවට දරුවාගේ උපත තහවුරු කරන ලියකියවිලි සහ මෙම තිළිණ පත ඉදිරිපත් කර දරුවා වෙනුවෙන් ඉසුරු උදාන ගිණුමක් විවෘත කරවාගෙන මුදල් තැන්පත් කරමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිය.

මෙම වැඩපිිළිවෙළ ආරම්භ කරමින් පෙබරවාරි 04 දින උදෑසන මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු මහතා විසින් බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී හා බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේදී සංකේතාත්මකව ඉසුරු උදාන තෑගි තිළිණපත් හා ත්‍යාගයන් පිරිනමන ලදී.

මීට අමතරව මහජන බැංකුව සිය සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස බොරැුල්ල කාසල් වීදියේ කාන්තා රෝහලටූ උපත් ලියාපදිංචි කිරීමේ හා ගිණුම් විවෘත කිරීමේ කවුළුවක් සමඟ පුටු කට්ටලයක් සහ ද සොයිසා කාන්තා රෝහලට පුටු කට්ටලයක් පිරිනැමීමට කටයුතු කරන ලදි.

මෙම අවස්ථාවන්ට බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන, බොරැල්ල ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රදීප් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය, මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කොළඹ උතුර හා දකුණ ප‍්‍රාදේශිකයන්හි බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වුහ.

මහජන බැංකුව කාන්තාවන්ට වඩාත් හිතකර සේවා ස්ථාන අතරට තේරි පත්වේ.

AICPA & CIMA Women Friendly Workplace Awards (WFWP Awards) 2024 සම්මාන උළෙලේදී මහජන බැංකුව, ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව සිව්වැනි වරටත් සම්මානයට පාත‍්‍ර විය. මහජන බැංකුව ස්තී‍්‍ර පුරුෂ සමානාත්මතාවය පවත්වාගෙන යමින් සිය කාර්ය මණ්ඩලය සඳහා මිත‍්‍රශීලී සහ සුදුසු පරිසරයක් ලබාදීමට දක්වන අඛණ්ඩ කැපවීම මේ තුළින් මනාව තහවුරු වේ.

2021 වසරේ සිටSatynmag, AICPA yd CIMA විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කිරීමෙහිලා කැපී පෙනෙන කාර්යභාරයක නිරතවෙයි. මේ ඔස්සේ කාන්තා වෘත්තීය සංවර්ධනය, රැකියා-ජීවිත සමතුලිතතාවය සහ සාමාන්‍ය යහපැවැත්ම ප‍්‍රවර්ධනය කරන උපාය මාර්ගයන් දිරිගන්වයි.

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව සිව්වැනි වරටත් සම්මානයට පාත‍්‍ර වූ මහජන බැංකුව, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මභාවය පිළිගැනීම, එය පවත්වාගෙන යාම තුළින් කාන්තා සාමාජිකාවන් අගය කරන සහ ඔවුන්ට ගෞරව කරන සංස්කෘතියක් ගොඩනඟා ඇත. මහජන බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් 60%ක් කාන්තාවන්ගෙන් සමන්විත වන අතර, බැංකුකරණයට අදාළ විවිධ ක්ෂේත‍්‍රයන්හි ඉදිරියට යාම සදහා මහජන බැංකුව ඔවුන්ව නිරන්තරයෙන් දිරිමත් කරයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා. ‘ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව සියලූම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට විශිෂ්ටත්වයට පත් විය හැකි සේවා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ අඛණ්ඩ කැපවීම මෙම සම්මානය තුළින් මනාව නිරූපණය වනවා. කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන්ට සුදුසු සේවා පරිසරය නිර්මාණය කිරීම හුදෙක්ම එක් කි‍්‍රයාවක් පමණක් නොව අපගේ ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන්නක්.’

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා - ‘මෙම සම්මාන උළෙලේ දී පිළිගැනිමට ලක්වීම අපට ඉමහත් ගෞරවයක්. කාන්තාවන්ට ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාදිය හැකි ආරක්ෂිත සහ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මහජන බැංකුව අඛණ්ඩව කටයුතු කරන අතර, ඒ තුළින් විශිෂ්ට සේවා ඵලදායිතාවයක් අත්පත් කර ගැනීමටද සමත්වී තිබෙනවා.

මහජන බැංකුවේ ඩිජිටල් බැංකු ගනුදෙනුකාර සංඛ්‍යාව මිලියන තුන ඉක්මවයි

ශ‍්‍රී ලාංකීය බැංකු සහ මුල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන මහජන බැංකුවේ ඩිජිටල්කරණ ගමන් මග තුළ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් සිය ඩිජිටල් බැංකුකරණ පහසුකම් ස`දහා ලියාපදිංචි වි ඇති ගනුදෙනුකරුවන් පිරිස මිලියන තුන පසුකරයි. මහජන බැංකුව සිය ඩිජිටල් බැංකු සේවා කළඹ යටතේ අන්තර්ජාල බැංකු පහසුකම, ජංගම බැංකුකරණ යෙදවුම සහ People’s Pay Wallet App හරහා ගනුදෙනුකරුවන්ට නව්‍ය හා සුවපහසු බැංකු පහසුකම් ලබාගැනිමේ අවස්ථාව සලසා ඇත.

මේ පිළිබදව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘ගනුදෙනුකාර සුවපහසුව, සුරක්ෂිතභාවය සහ එම සේවාවන් වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව යන කරුණු කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අපගේ අන්තර්ජාල බැංකු පහසුකම් සහ ජංගම බැංකුකරණ යෙදවුම් සකසා ඇති අතර, එය මෙම සේවාන්ගේ ජනප‍්‍රියත්වයට ප‍්‍රධාන හේතුවක් වුනා. ගනුදෙනුකාර අවශ්‍යතා සපුරාලීම සඳහා සරල ඵලදායී සහ සැබෑ විසඳුම් ඉදිරිපත් කරමින් ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීම සඳහා මග පෙන්වීමට ලැබීම පිළිබද අපි ආඩම්බර වෙනවා.’

මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා ‘මෙම සන්ධිස්ථානය අපගේ ඩිජිටල් බැංකුකරණ ක‍්‍රියාවලියේ බලපෑම හා එහි සාර්ථකත්වය පිළිබදව හොඳම සාක්ෂියකි. තම බැංකු සහකරු ලෙස මහජන බැංකුව තෝරාගැනීම හා ඒ කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව අපගේ ගනුදෙනුකරුවන්ට අපගේ කෘතඥතාවය ප‍්‍රකාශ කර සිටිනවා.’

මහජන බැංකුවේ අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ සේවා පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇත. People’s Wave ජංගම දුරකථන යෙදවුම, People’s Web අන්තර්ජාල බැංකු පහසුකම, People’s Pay wallet app ආදි නිමැයුම් තනි පුද්ගල ගනුදෙනුකරුවන්ගේ බැංකු අවශ්‍යතා සපුරාලන අතර, People’s Wyn ජංගම දුරකථන යෙදවුම සහ People’s Web ආයතනික අන්තර්ජාල බැංකුකරණ සේවාව, ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත.

මහජන බැංකුව ගනුදෙනුකාර පහසුව වැඩිදියුණු කිරිමේ අරමුණින් ඩිජිටල් තාක්ෂණයෙන් ගිණුම් විවෘත කිරීමේ ස`දහා ඡුැදචකැ’ි උස‘ නිමැයුම හ`දුන්වා දුන්නේය. ඒ තුළින් කඩදාසි භාවිතයෙන් තොරව ඡුායාරූප සහ ණශක්‍ ලේඛනවල පිටපත් භාවිතයෙන් ටැබ් යන්ත‍්‍රයක් හරහා බැංකු ගිණුමක් විවෘත කිරීමේ හැකියාව ලැබි ඇත. මීට අමතරව, මීට අමතරව ‘People’s Pay Merchant Module’ මගින් කුඩා ව්‍යාපාර සඳහා ඩිජිටල් ගෙවීම් සරල කරන, Lanka QR තාක්ෂණය හා සම්බන්ධවීමේ පහසුකම ලබාදෙයි.

මේ ආකාරයෙන් ගනුදෙනුකාර සේවාව ඉහළින්ම පවත්වාගෙන ගිය මහජන බැංකුවේ ඩිජිටල් බැංකුකරණ කි‍්‍රයාවලියේ සාර්ථකත්වය සංඛ්‍යා දත්ත වලින් පැහැදිලි කළහොත්, 2024 වසරේ පළමු මාස 8 තුළ මිලියන 100 කට අධික ඩිජිටල් ගනුදෙනු සම්පූර්ණ කර ඇති අතර, එහි වටිනාකම රු. බිලියන 828 කි.

ඩිජිටල් බැංකුකරණය වෙනුවෙන් මහජන බැංකුව දක්වන කැපවීම ගනුදෙනුකාර පහසුව වැඩි දියුණු කරනවා පමණක් නොව එය බැංකුවේ සමස්ත වර්ධනයට ද දායක වී තිබේ. ඩිජිටල් ගනුදෙනු සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත්තේ මහජන බැංකුව ඩිජිටල් අවකාශය තුළ ප‍්‍රමුඛයා බව යළි යළිත් සනාථ කරමිනි. එහි ප‍්‍රතිඵලයක් ලෙස වැඩි වැඩියෙන් ගනුදෙනුකරුවන් සුරක්ෂිත, කාර්යක්ෂම සහ පරිශීලක-හිතකාමී බැංකු විසඳුම් සඳහා මහජන බැංකුව තෝරා ගනිමින් සිටීම සුවිශේෂ කරුණකි.

1961 අංක 29 දරන මහජන බැංකු පනත යටතේ ස්ථාපිත මහජන බැංකුව, රුපියල් ටි‍්‍රලියන 3.0 කට අධික වත්කම් ඇති ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම මූල්‍ය ආයතනයයි. ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747 ක් සහ මිලියන 15.2කට අධික ගනුදෙනුකාර පදනමක් සහිත මහජන බැංකුව රටේ මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන භූමිකාවක් අඛණ්ඩව ඉටුකරමින් සිටී. එමෙන්ම වසර පුරාම බැංකු සේවා අඛණ්ඩව ලබාදීම වෙනුවෙන් දිවයින පුරාම ස්වයං සේවා බැංකු ස්ථාන 290 කට අධික සංඛ්‍යාවක්ද ස්ථාපිත කර ඇත.

මහජන බැංකුවේ ජාත්‍යන්තර බැංකු අංශයේ වෙළෙද සේවා ඒකකයට SLS ISO 9001:2015 තත්ත්ව සහතිකය නැවත වරක් හිමිවේ.

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය (SLSI) පිරිනමන SLS ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් මහජන බැංකුවේ ජාත්‍යන්තර බැංකු අංශය - වෙළෙද සේවා ඒකකය සිව්වන වරටත් පිදුම් ලබයි. මේ සමඟ උසස් තත්ත්වයේ වෙළඳ සේවාවන් පිරිනැමීම සහ සිය ගනුදෙනුකරුවන්ගේ ආනයන අපනයන සේවාවන්හි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම වෙනුවෙන් මහජන බැංකුව දක්වන කැපවීම වඩාත් තහවුරු වේ.

මහජන බැංකුවේ වෙළඳ සේවා දෙපාර්තමේන්තුව විසින් ශාඛා හා සේවා මධ්‍යස්ථාන 747 වෙනුවෙන් මධ්‍යගත සැකසුම් යාන්ත‍්‍රණයක සේවාව සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනමයි. මිලියන 15.2 කට අධික ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනු කටයුතු පහසු කරන සහ පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි පද්ධතියක් මහජන බැංකුව සතුය.

මහජන බැංකුවේ ජාත්‍යන්තර බැංකු අංශයේ වෙළෙ`ද සේවා ඒකකය 2013 වසරේ දී පළමු වරට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ (SLSI) තත්ත්ව සහතිකය හිමිකරගන්නා ලදි. එමෙන්මSLS/ISO 9001(2008) සහ (9001:2015) ප‍්‍රමිතිකරණයන් සඳහා වන අවශ්‍යතා සපුරාලීමෙන් පසු 2016, 2018 සහ 2022 වසරවලදී නැවත වරක් ප‍්‍රමිති සහතිකය ලබාගන්නා ලදි. 2024 වසරේදි ද ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් මෙම අංශය විගණනය කරන ලද අතර, ඒ අනුව අඛණ්ඩව සිව්වන වරටත් මෙම තත්ත්ව සහතිකය පිරිනැමිණි.

මහජන බැංකුවේ වෙළඳ සේවා අංශය සිය ගනුදෙනුකරුවන් සඳහා නව්‍යකරණයෙන් යුතු උසස් තත්ත්වයේ සේවාවන් පිරිනැමීම වෙනුවෙන් කැපවී සිටී. සිය ගනුදෙනුකාර කේන්ද්‍රීය සේවාව පවත්වා ගෙන යාමටත්, බැංකුව සතු දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලය සමඟ සුහදශීලී සේවාවන් පිරිනැමීමටත් පියවර ගනී. එමෙන්ම සිය ගනුදෙනුකරුවන්ගේ ශීඝ‍්‍රයෙන් වෙනස් වන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා නව තාක්ෂණයන් වෙනුවෙන්ද අඛණ්ඩව ආයෝජනය කරයි.

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය විසින් මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා වෙත මෙම ISO 9001(2015/SLS ISO 9001 තත්ත්ව සහතිකය නිල වශයෙන් භාරදීම පසුගියදා සිදුකෙරිණි. මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ජාත්‍යන්තර බැංකුකරණ* තුෂාරි හේවාවසම්, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එම්. බී. ඞී. නීලකාන්ති, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්. යූ නාරංගොඩ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පද්ධති සහතික කිරීම්* එම්.ඩබ්ලිව්.ඒ. ටී. වයි. විජේසූරිය, මහජන බැංකුවේ ප‍්‍රධාන කළමනාකාරිනි (වෙළෙඳ සේවා) කමලා සුබසිංහ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (වෙළෙඳ සේවා) සඳමාලි රණේපුර යන මහත්මීන් ඇතු`ඵ මහජන බැංකුවේ ISO කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.

මහජන බැංකුවේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි අටමස්ථානාධිපති නාහිමි බැහැ දකී.

මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්, අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි මහා සෑ ර`දුන් පසුගියදා වැඳපුදාගත් අතර, අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක, ශාස්ත‍්‍රපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් සහ රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී, ගෞරව ශාස්ත‍්‍රපති පණ්ඩිත අති පූජ්‍ය ඊතල වැටුනුවැවේ ඤාණතිලක නාහිමියන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගත්හ.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ* නලින් පතිරණගේ, අනුරාධපුර ප‍්‍රාදේශීය කළමනාකාර තිස්ස තෙන්නකෝන් යන මහත්වරුන් හා සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර කළමනාකාරිනියන් ඇතු`ඵ බැංකු නිලධාරින් සහභාගි විය.

මහජන බැංකුව 2024 පළමු අර්ධය තුළ ඒකාබද්ධ දළ ආදායම ලෙස රුපියල් බිලියන 181.9 ක් වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වන මහජන බැංකුව 2024 ජූනි 30 න් අවසන් වූ පළමු අර්ධය සඳහා සිය මූල්‍ය ප‍්‍රතිඵලය අද දින ප‍්‍රකාශයට පත් කළ අතර, බැංකුව විසින් රුපියල් බිලියන 44.6 ක සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 3.2 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. වත්මන් සාර්ව-ආර්ථික තත්ත්වයන් වඩා විචක්ෂණශීලීව සැලකිල්ලට ගනිමින් සුවිශේෂ ගැලපීම් වල බලපෑම හැර, සාමාන්‍යකරණය වූ පදනම මත මෙම සංඛ්‍යා රුපියල් බිලියන 62.6 සහ රුපියල් බිලියන 12.7 ක් වන අතර, එය 29.9%ර සහ 104.2% ක වර්ධනයක් පිළිබිඹු කරයි.

එමෙන්ම 2023 පළමු අර්ධයේදී රුපියල් බිලියන 31.4 ක් වූ ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායම මෙම වසරේ සිට එම කාල සීමාව තුළදී රුපියල් බිලියන 35.0 දක්වා ඉහළ ගියේය. කිසියම් සුවිශේෂ කරුණක බලපෑම හැර, සාමාන්‍යකරණය වූ පදනමක් මත අරමුදල්වල කාලීන තැන්පතු පිරිවැය අඩුවීම පිළිබිඹු කරමින් ඒකාබද්ධ ශුද්ධ පොලී සීමාව 2024 තුළ දී 2.1%ර සිට 3.2% දක්වා වර්ධනය විය. ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් මුදල රුපියල් බිලියන 7.4 ක් වන අතර, සමාන පදනමක් මත 19.3‍්‍ර වර්ධනයකි. එමෙන්ම සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 34.6 කි. (2023 රුපියල් බිලියන 30.2)

සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු රුපියල් බිලියන 2,885.6 (2023 අවසානයේ එය රුපියල් බිලියන 2.745.2)දක්වා වර්ධනය වූ අතර, ශුද්ධ ණය ප‍්‍රමාණය බිලියන 1,866.8 (2023 අවසානයේ එය රුපියල් බිලියන 1.823.8) විය. අවිනිශ්චිත ණය අනුපාතය ද 2023 අවසානයට සාපේක්ෂව වැඩි දියුණුවක් පෙන්නුම් කළේය. සමස්ත ඒකාබද්ධ වත්කම් කාල සීමාව අවසානයේ දී රුපියල් බිලියන 3,364.1 දක්වා වර්ධනය විය. (2023 අවසානයේ එය රුපියල් බිලියන 3,208.2).

2024 ජූනි 30 වැනි දිනට බැංකුවේ මුළු අනුක‍්‍රමික සහ මුළු ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත්තා අනුපාත පිළිවෙළින් 11.5% සහ 15.9% ක් වූ අතර (2023 අවසානයේ එය 12.4% සහ 17.4%), ඒකාබද්ධ පදනම මත එය පිළිවෙළින් 12.8% සහ 16.8% ක් විය. (2023 අවසානයේ එය 13.7% සහ 18.2%). බැංකුවේ වගකීම් දැරීමේ හැකියාවද අඛණ්ඩව පවතී. අතිරේක අවිනිශ්චිත අරමුණු සඳහා ද ඇතුළුව, එහි නියාමන ප‍්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ වැඩිදුර උත්සාහයන් දැනටමත් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

මහජන බැංකුවේ සහ සමූහයේ ප‍්‍රතිඵල පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘ශ‍්‍රී ලංකා රජයේ විසින් තවමත් අවසන් කර නොමැති ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ මුලපිරීම් හේතුවෙන් උද්ගත වී තිබෙන අන්තර්කාලීන පීඩනයන් නොතකා, විවිධ අංශයන් ඔස්සේ බැංකුව ලබා ඇති ස්ථාවර ප‍්‍රගතිය පිළිබඳව අපි ඉතාමත් සතුටුට පත්වෙනවා. සියලූම ප‍්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව මෙම තත්ත්වය නුදුරු කාලයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපි සුබවාදීව බලාසිටිනවා. මෙම අභියෝගයන් මධ්‍යයේ වුවද එහි සියලූම මූලික මෙහෙයුම් දර්ශක වල වර්ධනයක් වාර්තා කරමින් බැංකුව සිය ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව නැවත වරක් ප‍්‍රදර්ශනය කර තිබෙනවා.

නැවතත් ප‍්‍රකෘති තත්වයට පත්වෙමින් ඇති සාර්ව ආර්ථික සන්දර්භයක් තුළ තවදුරටත් පවතින සංකීර්ණ තත්ත්වයන් අප අපේක්ෂා කරන අතර, ඉදිරියට ගමන් කිරීමේදී අපගේ ව්‍යාපාරයේ සෑම අංශයක් හරහාම නවෝත්පාදනයන් පෝෂණය කිරීම, සහයෝගීතාවය වැඩි දියුණු කිරීම සහ ප‍්‍රගතිය කරා ගෙනයාම කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා. එසේම සෑම අවස්ථාවක මෙන්ම රටේ ආර්ථික පුනර්ජීවනය සඳහා අපගේ ප‍්‍රමුඛ කාර්යභාරය අඛණ්ඩව පවත්වාගෙන යනවා.

අපගේ මෙම අඛණ්ඩ සාර්ථකත්වය අපගේ සියලූම කාර්ය මණ්ඩලයේ උනන්දුව, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, කැපවීම මෙන්ම අපගේ ගනුදෙනුකරුවන්ගේ නොසැලෙන විශ්වාසය පිළිබිඹු කරනවා. අපේක්ෂා සහගතව සහ ශුභවාදීව අපි අනාගතය දෙස බලා සිටින අවස්ථාවක අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්, සියලූම පාර්ශවකරුවන්ට මගේ හද පිරි කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.’ යි ප‍්‍රකාශ කළේය.

මෙම ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘අනපේක්ෂිත අභියෝග මධ්‍යයේ, අපගේ කණ්ඩායම යළිත් වරක් සිය ඔරොත්තු දීමේ හැකියාව, අනුවර්තනය වීමේ හැකියාව සහ නොසැලෙන කැපවීම ප‍්‍රදර්ශනය කර තිබෙනවා. එසේම වසරේ මුල් භාගයේ ප‍්‍රතිඵලවලින් අපට ඉදිරියට යාමට ඇති හැකියාව පමණක් නොව දුෂ්කරතා රැුසක් මධ්‍යයේ වුවද එසේ කිරීමට ඇති හැකියාවද පෙන්නුම් කරනවා.’

මෙහෙයුම් කාර්යක්ෂමතාව, ගනුදෙනුකාර අත්දැකීම් ඉහළ නැංවීම සහ තාක්ෂණය සහ කුසලතා වෙනුවෙන් උපායමාර්ගිකව ආයෝජනය කිරීම තුළින් අපි දිගු කාලීන තිරසාර වර්ධනයක් සඳහා නිවැරදි ලෙස ස්ථානගත වී තිබෙනවා.’

වසරේ ඉතිරි කාලය තුළ තවදුරටත් පවතින අභියෝග සමග අප ඉදිරියට ගමන් කරන අතර, අපගේ උපායමාර්ගික ප‍්‍රමුඛතා වෙත දැඩි අවධානය යොමු කෙරේ. නව්‍යකරණය, සහයෝගීතාව වර්ධනය කිරීම සහ සෑම සන්ධිස්ථානයකදීම පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට අපි අඛණ්ඩ කැපවී සිටිනවා.’

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වේ.

මහජන බැංකුවේ 2024 වසරේ ප‍්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු මහතා අතින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, මුදල් අමාත්‍යංශයේදි පසුගියදා සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ මූල්‍ය ප‍්‍රධානි අසාම් ඒ. අහමට් යන මහත්වරුන්ද සහභාගි වූහ.

මහජන බැංකුවේ දර්ගා නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට

මහජන බැංකුවේ දර්ගා නගර සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

මහජන බැංකුවේ අලූත්ගම ශාඛාවට අනුබද්ධිත මෙම සේවා මධ්‍යස්ථානය දර්ගා නගරය, වැලිපන්න පාර, අංක 426 යන ස්ථානයේ ස්ථාපිත කර ඇති අතර, අති නවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂ සේවාවන්ගෙන් සමන්විතය.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, කළුතර ප‍්‍රාදේශීය කළමනාකාරිනි මොනිකා සූරියප්පෙරුම, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර කපිල විතානගේ, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාරිනියන් වන රෝහිණි කාරියවසම්, සාරංගා ශ්‍රී විමුක්ති, අලූත්ගම ශාඛා කළමනාකාර සමීර රූපසිරි, සේවා මධ්‍යස්ථාන කළමනාකරු සචිත පෙරේරා යන මහත්ම මහත්මින් සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම්වලට සහ රුපියල් ටි‍්‍රලියන 2.5ක ඒකාබද්ධ තැන්පතු වලට හිමිකම් කියයි. දිවයින පුරා විහිදුනු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747ක ජාලය සම`ගින් මිලියන 15.2 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවය සපයයි.

Skip to content