රාජ්‍ය බැංකුවක් වශයෙන් සහ ශ්‍රී ලංකාවේ විශාලතම ශාඛා ජාලය සතු බැංකුව වශයෙන් ඔබ විසින් එවනු ලබන මුදල් වලට උපරිම ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කරමින් ප්‍රතිලාභීන් වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම අපි සහතික කරන්නෙමු. ඔබ දහදිය මහන්සියෙන් ඉපයූ මුදල් ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබගේ ආදරණීයයන් වෙත යැවීමට හොඳම සේවාවන් ලබාදෙන්නේ මහජන බැංකුවයි... ලොව පුරා බැංකු සහ ප්‍රේෂණ නියෝජිත සමාගම් වෙතින් එවනු ලබන මුදල් සම්බන්ධයෙන් කටයුතු කරනුයේ අපගේ ආමුඛ ප්‍රේෂණ අංශයයි. මෙම සේවාවන් සම්බන්ධයෙන් ඔබට මතුවන ඕනෑම ගැටලුවකදී සහය වීමට අපගේ සුහදශීලී හා කාර්යක්ෂම කාර්ය මණ්ඩලය සූදානමින් සිටී. ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා පහත සඳහන් ක්‍රම අතරින් ඔබ කැමති ක්‍රමයක් තෝරාගත හැක.
මහජන බැංකුවේ ගිණුමක් නොමැති ගනුදෙනුකරුවන් වෙනුවෙන් “CASHPICKUP”(B2B) නමින් නව ක්‍රමයක් හඳුන්වා දීමට මහජන බැංකුව කටයුතු කර තිබේ. මෙම ක්‍රමය භාවිතා කිරීමේදී මුදල් ලබාගන්නා තැනැත්තාට, වලංගු හැඳුනුම්පතක් සමග අදාළ යොමු අංකය (PIN අංකය) ඉදිරිපත් කර ඕනෑම මහජන බැංකු ශාඛාවකින් මුදල් ලබාගත හැකි වේ.
මෙම යොමු අංකය මුදල් ප්‍රේෂණය කරන බැංකුවේ හෝ ප්‍රේෂණ නියෝජිත සමාගමේ ගනුදෙනු යොමු අංකය වන අතර මෙය බැංකුවෙන් බැංකුවට/සමාගමෙන් සමාගමට වෙනස් වනු ඇත. මෙම අංක වල ඉලක්කම් සහ අකුරු ඇතුළත් වේ.
නවීනතම තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය භාවිතයෙන් ඉතා කෙටි කාලයක් ඇතුළත විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට මුදල් එවීම සඳහා මහජන බැංකුවේ ඊ රෙමිටන්ස් (eRemittance) සේවාව හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයන්ට වඩාත් පහසු, ඉක්මන් හා තාක්ෂණික අතින් ඉහළ සේවාවක් ලබාදීම මෙහි අරමුණ වී ඇත.