ජංගම බැංකුකරණ
පුද්ගලික

පීපල්ස් වේව්

පීපල්ස් වේව් ජංගම මෘදුකාංග යෙදුම අපගේ උසස් පාරිභෝගික සේවාවේ සහාය ඇතිව ඔබගේ ජංගම දුරකථනය හරහා සුරක්ෂිත ආකාරයකින් ..

පීපල්ස් විස්

පීපල්ස් විස් ගිණුම යනු ගිණුම් විවෘත කිරීමේ සාම්ප‍්‍රදායික ක‍්‍රියාවලිය වෙනුවට යොදා ගත හැකි කඩදාසි රහිත ඩිජිටල් විසඳුමකි.

පීපල්ස් වේව්

පීපල්ස් වේව් ජංගම මෘදුකාංග යෙදුම අපගේ උසස් පාරිභෝගික සේවාවේ සහාය ඇතිව ඔබගේ ජංගම දුරකථනය හරහා සුරක්ෂිත ආකාරයකින් ඔබගේ මහජන බැංකු ගිණුම/ගිණුම් කළමනාකරණය කිරීම සහ මූල්‍ය ගනුදෙනු සිදු කිරීම සඳහා යොදා ගත හැකි හොඳ ම මෙවලම වේ.
අපගේ මෘදුකාංග යෙදුම යොදා ගැනීමේ වාසිය වන්නේ බිල්පත් ගෙවීම් සහ මුදල් පැවරුම් සිදු කිරීම, තත් කාලීන පොලී හෝ විනිමය අනුපාතික දැන ගැනීම සහ ATM යන්ත‍්‍ර තිබෙන ස්ථාන සොයා ගැනීම වැනි ඕෆ්ලයින් සේවාවන් භුක්ති විඳීම සඳහා අපගේ ශාඛාවකට පැමිණීමට හෝ අප ඇමතීමට පවා ඔබට සිදු නොවීම යි.

සුදුසුකම් ලබන්නේ කවුද?

Android (4.4 මාදිලිය හෝ ඉන් ඉහළ) .

IOS(8.0 මාදිලිය හෝ ඉන් ඉහළ) දුරකථනයක්,

ලියාපදිංචි වන්නේ කෙසේද?
  • සක්‍රිය මහජන බැංකු ගිණුමක්,
  • Android (4.4 මාදිලිය හෝ ඉන් ඉහළ) හෝ IOS(8.0 මාදිලිය හෝ ඉන් ඉහළ) දුරකථනයක්,
  • බැංකුවේ ලියාපදිංචි කරන ලද ජංගම දුරකථන අංකයක් සහ/හෝ විද්‍යුත් තැපැල් ලිපිනයක්, ඇත් නම්
    ඔබට බැංකුවට නොපැමිණ ලියාපදිංචි වීමේ කටයුතු සම්පූර්ණ කර ගත හැකි ය. පහසුවෙන් භාවිත කළ හැකි මෙම මෘදුකාංග යෙදුම ගනුදෙනුකරුවන්ට අවශ්යැ මග පෙන්වීම් සම්පාදනය කරන අතර පහසුවෙන් අවබෝධ කර ගත හැකි ආකාරයෙන් සෑම පියවරක් ම පැහැදිලි කර දෙයි.
පහසුකම්
Login වීමට පෙර ලැබෙන පහසුකම් (24/7 පුරා ලබා ගත හැකි ඕෆ්ලයින් පහසුකම්)
  • ළඟ ම තිබෙන ශාඛාව හෝ ATM යන්ත්‍රය සොයා ගැනීම
  • මහජන බැංකුවේ නිපැයුම් පිළිබඳ විස්තර කියවා බැලීම
  • ණය කැල්කියුලේටර සහ විශ්‍රාම වැටුප් කැල්කියුලේටර
  • තත් කාලීන විදේශ විනිමය සහ පොලී අනුපාතික දැන ගැනීම
  • මහජන බැංකු ඇමතුම් තොරතුරු සොයා ගැනීම
Login වීමෙන් පසු ලැබෙන පහසුකම් (Login වී සිටින අතරතුර ලැබෙන ඔන්ලයින් පහසුකම්)
වර්ග
පහසුකම්
i
ගිණුම් සාරාංශය
  • ගිණුම් සාරාංශය, ඉතිරි කිරීමේ සහ ජංගම ගිණුම්වල ගනුදෙනු ඉතිහාසය, කාලීන තැන්පතුව, ණය පහසුකම්, ක්‍රෙඩිට් කාඩ්පත් සහ උකස් තැබීම
ii
පැවරුම් සේවා මුදල් පැවරුම් සේවා -මහජන බැංකුව(දේශීය/විදේශීය ව්‍යවහාර මුදල්)
  • ඔබගේ ම ගිණුමට මුදල් පැවරීම
  • ලියාපදිංචි වී නැති තුන් වන පාර්ශ්වීය ගිණුම්වලට මුදල් පැවරීම
  • ප්‍රියතම (ලියාපදිංචි) ගිණුම්වලට මුදල් පැවරීම
  • ඔබගේ ප්‍රියතම ප්‍රතිලාභීන් එක් කිරීම, සංස්කරණය කිරීම සහ මකා දැමීම
iii
බැංකුව අතර මුදල් පැවරුම් - වෙනත් දේශීය බැංකු ගිණුම්වලට පැවරීම
  • ලියාපදිංචි වී නැති ගිණුම්වලට මුදල් පැවරීම
  • ප්‍රියතම (ලියාපදිංචි) ගිණුම්වලට මුදල් පැවරීම
  • ඔබගේ ප්‍රියතම ප්‍රතිලාභීන් එක් කිරීම, සංස්කරණය කිරීම සහ මකා දැමීම
iv
ශාඛාවෙන් ශාඛාවට මුදල් පැවරීම (B2B සේවාව)
  • පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකයට/රියැදුරු බලපත්‍ර අංකයට/විදේශ ගමන් බලපත්‍ර අංකයට මුදල් පැවරීම. ගිණුම් අංකය අවශ්‍ය නොවේ.
v
ගෙවීම් සේවා
  • ලියාපදිංචි වී නැති බිල්පත්කරුවන්ට ගෙවීම් කිරීම
  • ප්‍රියතම (ලියාපදිංචි) බිල්පත්කරුවන්ට ගෙවීම් කිරීම
  • ඔබගේ ප්‍රියතම බිල්පත්කරුවන් එක් කිරීම, සංස්කරණය කිරීම සහ මකා දැමීම
  • බිල්පත් ගෙවීමේ ඉතිහාසය විමසා බැලීම
  • ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් ලබා ගත් මුදල ආපසු ගෙවීම
  • තෙවන පාර්ශවීය ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම්
vi
චෙක්පත් සේවා
  • ඔබ නිකුත් කළ චෙක්පත්වල තත්ත්වය විමසා බැලීම
  • ඔබගේ චෙක්පත්වල වටිනාකම උච්චාවචනය වන්නේ දැයි විමසා බැලීම
vii
උකස් සේවා
  • ඔබ උකස් කළ භාණ්ඩ බැලීම, නිදහස් කර ගැනීමේ ඉල්ලීමක් යැවීම හෝ උකස් මුදලෙන් කොටසක් ගෙවීම
  • තුන් වන පාර්ශ්වයක් විසින් උකස් කරන ලද භාණ්ඩයක් සඳහා ගෙවීම් කිරීම
viii
විශ්‍රාම වැටුප් කැල්කියුලේටරය
  • වාරික පරිතෝෂිකය
  • එක වර දෙන පාරිතෝෂිකය
  • අපේක්ෂිත විශරාතෝ ම පර්ක තිලාභ විමසා බැලීම
ix
සැකසුම්
  • ඔබගේ මුරපදය වෙනස් කරන්න
  • ඔබගේ උපාංගය කළමනාකරණය කරන්න
  • කෙටි පණිවුඩ අනතුරු ඇඟවීම් ලියාපදිංචි කිරීම

පීපල්ස් වේව් මෘදුකාංග යෙදුම ලොව කොතැන සිටියත් ඔබගේ ස්මාට් දුරකථනය ඔස්සේ ඉතා පහසුවෙන් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේ හැකියාව ඔබ වෙත පිරිනමයි. ගනුදෙනුකරුගේ දත්තවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම මෘදුකාංග යෙදුම දැඩි ආරක්ෂක විධිවිධානවලින් සමන්විත කර ඇත. පීපල්ස් වේව් මෘදුකාංග යෙදුම සැලසුම් කර ඇත්තේ ශාඛාවකට නොගොස් මූලික බැංකුකරණ ගනුදෙනු සිදු කර ගැනීමට පහසුකම් සැපයීම සඳහා ය:

  • පහසුකම් වර්ග 50කට වැඩි සංඛ්‍යාවක් භාවිත කිරීමට හැකියාව ලබා දෙයි.
  • පීපල්ස් වෙබ් බැංකුකරණ පහසුකම සහ පීපල්ස් වේව් ජංගම මෘදුකාංග යෙදුම වෙත සමාන ප‍්‍රවේශයක් සම්පාදනය කරයි.
  • ඔබගේ බැංකුව ඔබ ළඟට ම රැගෙන එයි.
  • පහසුවෙන් භාවිත කළ හැකි අතර බැංකුවට යාමට සහ දීර්ඝ පෝලිම්වල රැදී සිටීමට ගත වන කාලය ඉතිරි කරයි.
  • OTP මගින් සුරක්ෂිත කර ඇත - ඔබ ගනුදෙනුවක් කරමින් සිටින බව නැවතත් සහතික කර ගැනීම සඳහා ඔබගේ විද්‍යුත් තැපෑලට හෝ SMS පණිවුඩයක් මගින් ඔබගේ ස්මාට් දුරකථනයට කේතයක් එවා ඔබගේ ගිණුම අවභාවිත කළ නොහැකි බව සහතික කරයි.
පීපල්ස් වේව් ඇප් එක බාගන්න
පාරිභෝගික ප්‍රතිචාර
×
Share your feedback

Are you an existing People's Bank customer?

0/1000

සහකාර සාමාන්‍යාධිකාරීනී -සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය

යූ. එස්. ගර්ටි මහත්මිය



Tel : 011248158 Fax : 0112436561
Email : gertyus@peoplesbank.lk