Stored Value
Cards

People’s Bank Transit Card

මහජන බැංකුවේ Transit Card යනු පහසුවෙන් ගමන්බිමන් වල යෙදීමට හැකිවන අයුරින් දිවයින පුරා මහජන බැංකු මුදල් තැන්පතු යන්ත‍්‍ර(CDMs) හරහා කරදරයෙන් තොර ටොප්-අප් සේවාවක් සමඟින් නිර්මාණය කරන ලද ශ‍්‍රී ලංකාවේ පළමු ඩෙබිට් කාඞ්පතයි. LankaPay-JCB වැඩසටහන යටතේ නිකුත් කරනු ලබන මෙම Transit card සාමාන්‍ය ඩෙබිට් කාඞ්පතක් ලෙස වෙනත් ගෙවීම් කිරීමට හෝ මුදල් ලබා ගැනීමට ද භාවිතා කළ හැක.

කාඩ් වර්ගය

People’s Bank Transit Card

මහජන බැංකු Transit Card සඳහා අයදුම් කරන්නේ කෙසේද?

  • මහජන බැංකු ගිණුම් හිමියන් -
    • පහත සඳහන් ඕනෑම මහජන බැංකු ශාඛාවකින් Transit Card ලබා ගත හැක. කාඞ්පත ඔබගේ පවතින මහජන බැංකුවේ ඉතුරුම්/ජංගම ගිණුමට යා කෙරෙන අතර එය සාමාන්‍ය ඩෙබිට් කාඞ්පතක් ලෙස භාවිත කළ හැක.
  • ගිණුම් හිමියන් නොවන -
    • ඔබට මහජන බැංකුවේ ගිණුමක් නොමැති නම්, Transit Card භාවිතා කළ හැක්කේ සංක‍්‍රමණ කාඞ්පතක් ලෙස පමණි.

විශේෂාංග

උපරිම ටොප්-අප් සීමාව : රු. 10,000/*

කාඞ්පතක් සඳහා උපරිම ගනුදෙනු සීමාව : රු. 4,000/*


මූලික ප‍්‍රතිලාභ :

  • ගමන්බිමන් සඳහා සංක‍්‍රමණ (Transit) කාඞ්පතක් ලෙස භාවිතා කළ හැක.
  • ATM හෝ POS යන්ත‍්‍රවල භාවිත කළ හැකි සාමාන්‍ය ඩෙබිට් කාඞ්පතක් ලෙස ක‍්‍රියා කරයි.
  • මුල් කාඞ්පත නිකුත් කිරීමට ගාස්තු අය නොකෙරේ.*
  • (වෙනත් බැංකු ATM යන්ත‍්‍ර සඳහා ) රු. 15ක අඩුම ATM මුදල් ආපසු ගැනීමේ ගාස්තුව.
  • දිවයින පුරා ඕනෑම මහජන බැංකු මුදල් තැන්පතු යන්ත‍්‍රයක් (CDMs) භාවිතයෙන් කාඞ්පත් ටොප්-අප් කළ හැක.

People’s Transit Card භාවිතා කිරීම ආරම්භ කරන්නේ කෙසේද?

  • පාරිභෝගිකයා මහජන බැංකුවේ මුදල් තැන්පතු යන්ත‍්‍ර (CDM)හරහා Transit Card ටොප්-අප් කරගත යුතුය.
  • ATM/POS ගනුදෙනු සාමාන්‍ය ඩෙබිට් කාඞ්පත් මෙන් ම සම්පූර්ණ කෙරේ.
  • ප‍්‍රවාහනයට අදාළ ගනුදෙනු සම්පූර්ණ කළ හැක්කේ tap & go/contactless ක‍්‍රමයෙන් පමණි.
  • ආරම්භක අදියරේදී පාරිභෝගිකයින්ට අධිවේගී මාර්ග බස් ටිකට්පත් මිලදී ගැනීමට මෙම කාඞ්පත භාවිතා කළ හැක.

Transit Card නිකුත් කරන මහජන බැංකු ශාඛා:

  • ප්‍රධාන කාර්යාලය (204)
  • ඩියුක් වීදිය (001)
  • ස්වර්ණ ජයන්තිය (320)
  • පළමු නගර ( 046)
  • යුනියන් පෙදෙස ( 014)
  • නාරාහේන්පිට (119)
  • බොරැල්ල (078)
  • කිරුළපන (319)
  • තිඹිරිගස්යාය 086)
  • නගර ශාලාව ( 167)
  • දෙහිවල (019)
  • වැල්ලවත්ත (145)
  • Elegance (362)
  • කොට්ටාව (328)
  • බත්තරමුල්ල (208)
  • නුගේගොඩ ( 174)
  • නුගේගොඩ නගර ( 335)
  • ගාලු ප්‍රධාන වීදිය (169)
  • පාර්ක් වීදිය(හයිඩ් පාර්ක් කෝනර්) (025)
  • ගාලු කොටුව( 013)
  • දෙහිවල ගාලු පාර (337)

Transit Card අයදුම්පත්


වැඩි විස්තර සඳහා: :

  • මගී විමසීම්/ ප‍්‍රවේශපත‍්‍ර විමසීම්/ ප‍්‍රවාහන ගෙවීම් ගැටළු - 1955 අමතන්න

logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

Skip to content