ජංගම
ගිණුම

මහජන බැංකුවේ ජංගම ගිණුම්

මහජන බැංකුවේ ජංගම ගිණුම් ඔබට ඔබගේ මුදල් ගනුදෙනු වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ඉටුකරගැනීමේ අවස්ථාව සලසා දෙයි. මේ ඔස්සේ ඔබගේ අවශ්‍යතාව අනුව ක්‍රෙඩිට් පහසුකම් ඉක්මනින් ලබාගත හැකි වේ. දිවයින පුරා විසිරුණු පුළුල්ම ශාඛා ජාලයෙන් ඔබට චෙක්පත් මුදල් කළ හැකි අතර විශ්වාසනීය ලෙස චෙක්පත් නිකුත් කිරීමද කළ හැකි වනු ඇත.

තවද ඔබට මහජන බැංකුවේ ගිණුමක් නොතිබුණද ඕනෑම ශාඛාවකින් චෙක්පත් මුදල් කළ හැකි වේ. රේඛනය කළ චෙක්පත් අපගේ ඕනෑම ශාඛාවකින් ඔබගේ ජංගම ගිණුමට බැර කළ හැක.

එමෙන්ම මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර භාවිතයෙන් සතියේ සෑම දිනකම පැය 24 පුරා මුදල් තැන්පත් කිරීමේ හැකියාව සහ ස්වයං සේවා බැංකුකරණය, ජංගම දුරකථන බැංකුකරණය, අන්තර්ජාල හා දුරකථන බැංකු සේවා අත්විඳීමේ හැකියාව වැනි ප්‍රතිලාභ රාශියක්ද ඔබට හිමි වේ.

ගිණුමේ විශේෂාංග

ඔබ මහජන බැංකු ජංගම ගිණුම් හිමියෙක් නොවූවත් ඕනෑම ශාඛාවකින් ඉතා ඉක්මණින් චෙක් පත් මුදල් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව

අපගේ මුදල් තැන්පතු කිරීමේ යන්ත්‍ර හරහා දින 365ම පැය 24 පුරාම ස්වයං බැංකුකරණයේ පහසුව අත්විඳින්න

අවශ්‍යතාවය පරිදි සැකසු චෙක් පොත්


සුදුසුකම්

  • වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් (ව්‍යාපාරිකයන් හෝ වැටුප් ලබන පුද්ගලයන්)
  • සමූපකාර සමාගම්
  • හවුල් ව්‍යාපාර
  • තනි පුද්ගල ව්‍යාපාර
  • ඇපයෙන් සීමිත සමාගම් සංස්ථා

විශේෂ ප්‍රතිලාභ

  • මාසිකව නොමිලේ විද්‍යුත් ගිණුම් ප්‍රකාශ
  • සියලු ගනුදෙනු සඳහා නොමිලේ SMS Alert සේවාව
  • අවම ගාස්තු (සේවා ගාස්තු සහ වෙනත් අදාළ ගාස්තු)
  • ජංගම දුරකථන, අන්තර්ජාල හා දුරකථන බැංකු සේවා

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • අංක 75, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව
  • +94 (0)11 2481481
  • 1961
  • info@peoplesbank.lk
දැන් විමසන්න
logo
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

ණය ගණකය
විනිමය අනුපාතය
තැන්පතු අනුපාත
ATM යන්ත්‍ර හා ශාඛා
ප්‍රතිචාර
Skip to content