‘People’s Remittance වාසි කෝටිය - 2026’
හැඳින්වීම
සති 52ක් පුරා මුදල් ත්‍යාග ජයග්‍රාහකයින් 104 දෙනෙක්
වර්ෂ කිහිපයක් මුළුල්ලේම මහජන බැංකුව විසින් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන People’s Remittance වාසි කෝටියයි ප්‍රවර්ධන වැඩසටහන අඛණ්ඩව පස්වැනි වරටත් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයනගේ අමිල දායකත්වය හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීම සදහා 2026 වසර සදහා ක්‍රියාත්මකයි. විදේශ රටවල සේවය කරමින් සේවක ප්‍රේෂණ මෙරටට එවීම මගින් රටේ ආර්ථිකයට අගනා දායකත්වයක් ලබාදෙන ශ්‍රී ලාංකික විදේශිකයන්ගේ මහඟු සේවය අගය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
විදේශගතව සේවය කරන අපගේ සහෝදර සහෝදරියන්ගේ කැපවීම, අධිෂ්ඨානය සහ අපරිමිත සේවය මහජන බැංකුව විසින් ඉතා සුවිශේෂී ලෙස අගය කරයි. ඔවුන්ගේ දායකත්වය පවුල්, සමාජය සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන බව අපගේ පිලිගැනීමයි. People’s Remittance වාසි කෝටියයි ප්‍රවර්ධන වැඩසටහන මඟින් මෙම විශිෂ්ට දායකත්වය අගය කරමින් අර්ථවත් ත්‍යාග ලබාදීම හරහා මෙම උත්සාහයන්ට ගෞරව කිරීම අපගේ අරමුණයි. ඔබගේ දායකත්වය හා කැපවීම ගෞරවයෙන් පිළිගනිමින්, රටේ සංවර්ධනය හා සම්පත් වර්ධනය සඳහා ඔබ කරන වැදගත් භූමිකාව හඳුනාගෙන මහජන බැංකුව සැමවිටම ඔබ සමඟ සිටින බව අවධාරණය කරමු.
සුදුසුකම්
මේ සදහා 2026.01.01 සිට 2026.12.31 දක්වා කාලසීමාව තුළ මහජන බැංකුවේ පීපල්ස් ඊ-රෙමිටන්ස්, පීපල්ස් ඉන්ස්ටන්ට් රෙමිට්, පීපල්ස් වෙබ් රෙමිට්, ටෙලෙක්ස්, ස්විෆ්ට්, වෙස්ටර්න් යූනියන්, රියා හෝ ඒ හා සමාන ගෙවීම් නිෂ්පාදන හරහා ලැබුණු සේවක ප්‍රේෂණ පහත දැක්වෙන ආකාරයට සලකා බලනු ලබයි.
- මහජන බැංකුවේ පුද්ගලික ගිණුම් බැර කිරීමට
- කවුන්ටරයෙන් මුදල් ගෙවීම් සඳහා (B2B)
- වෙස්ටර්න් යුනියන්
- RIA සහ වෙනත් ඕනෑම තැනක ගෙවීම් නිෂ්පාදන
ත්‍යාග
- අදාළ සතිවලදී ලැබෙන සේවක ප්‍රේෂණවලින් සතිපතා ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ.
- සේවක ප්‍රේෂණ එවීමේදී සෑම රු. 100,000 ක් සදහා (හෝ ඒ හා සමාන වෙනත් මුදල් වටිනාකමක් සදහා) ජයග්‍රාහී අවස්ථා හිමිවේ.
- සතියකට ජයග්‍රාහකයන් දෙදෙනෙකුට රු. 100,000 බැගින් වූ මුදල් ත්‍යාග හිමිවේ.
කොන්දේසි අදාළ වේ!
අපව අමතන්න
වැඩි විස්තර සඳහා විදේශීය පාරිභෝගික සේවා අමතන්න.
- ඇමතුම් මධ්‍යස්ථානය:+94 112031001
- ප්‍රේෂණ දෙපාර්තමේන්තුව WhatsApp අංකය: +94 701750017
- විදේශ මුදල් ගිණුම් දෙපාර්තමේන්තුව WhatsApp අංකය : +94 701750294
ජයග්‍රාහකයින් - 2025 අප්‍රේල් සිට ජූලි මාසය දක්වා
ජයග්‍රාහකයින් - 2025 මාර්තු සිට අප්‍රේල් මාසය දක්වා
ජයග්‍රාහකයින් - 2025 ජනවාරි සිට මාර්තු මාසය දක්වා
People’s Remittance දොළොස් මහේ වාසි චක්‍රය
හැඳින්වීම
අප බැංකුවේ වටිනා ගනුදෙනුකරුවන්ට සහ විදෙස්ගත සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට ප්රතිලාභ අත්කර දීම අරමුණු කරගෙන නව ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් මහජන බැංකුව විසින් මේ වසරේදී දියත් කරනු ලබයි. ප්රතිලාභ සහ ත්‍යාග වලින් සමන්විත වැඩසටහන් මාලාවක් ලෙස “දොළොස් මහේ වාසි චක්‍රය” විදේශයන්හි සිට මුදල් ලබාගන්නා හෝ විදේශයන් හි සිට මුදල් එවන හෝ ගනුදෙනුකරුවන්ට, ප්රතිලාභ රාශියක් පිරිනැමීම සඳහා සැලසුම් කර ඇති නව ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් ලෙස ක්‍රියාත්මක කරයි. මුදල් ප්‍රේෂණය කිරීම සඳහා නීත්‍යානුකූල බැංකු මාර්ග භාවිතා කරන අපගේ ගනුදෙනුකරුවන්ගේ කැපවීම හඳුනාගෙන ඔවුන්ව විශේෂයෙන් අගය කරන අතරම, මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ සංවර්ධනය උදෙසා දායක වීමට ඔවුන් ගන්නා උත්සාහය වෙනුවෙන් ප්රතිලාභ ලබා දීම අරමුණු කරගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි.
වෙහෙස මහන්සිය නොබලා විදේශගතව සේවය කරන අතරතුර, තමන් වෙනුවෙන් පමණක් නොව, තම පවුල්වල - විශේෂයෙන්ම තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන විගමනිත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ කැපවීමට අපි ගෞරවය පුදකර සිටින්නෙමු. මෙම විදේශගත සේවක ප්‍රජාව, ඔවුන්ගේ පවුල්වල මෙන්ම, රටේ සංවර්ධනය උදෙසා ලබාදෙන නොනිමි අමිල දායකත්වයට කෘතඥතාව පළකරමින් ඔවුන්ට විශේෂ ත්‍යාග පිරිනැමීම අප බැංකුවට ඉතා ආඩම්බරයකි.
නියමයන් සහ කොන්දේසි
මාසය / ප්‍රවර්ධන වැඩසටහනේ නම
|
ප්‍රවර්ධන කාල සීමාව / කාල රාමුව
|
තෝරා ගැනීමේ නිර්ණායකයන්
|
පෙබරවාරි “People’s Remittance- නිදහස් ප්රණාම”
|
සතියක කාලය සඳහා 2026.02.01 සිට 2026.02.28 දක්වා.
|
සෑම ශාඛාවකින්ම රුපියල් 5000/- ක් වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම. දැනටමත් විදේශගතව සේවය කරමින් සහ ප්‍රේෂණ එවමින් සිටින දෙමාපියන්/ භාරකරුවන් (මව සහ / හෝ පියා) ගේ දරුවන් සිටින පවුලක් තෝරාගෙන එම දරුවා සඳහා, ඕනෑම මහජන බැංකු ශාඛාවක නව එතෙර උදාන පුද්ගල බාලවයස්කාර විදේශ මුදල් ගිණුමක් විවෘත කරනු ලැබිය යුතුය. එම ගිණුම විවෘත කරනු ලබන අවස්ථාවේදීම රු. 5,000/-ක මුදල් ත්‍යාගයකට එම දරුවා සුදුසුකම් ලබයි.
|
මාර්තු “People’s Remittance- වනිතා ප්රණාම”
|
මාසයක කාලය සඳහා 2026.03.01 සිට 2026.03.31 දක්වා
|
රුපියල් 50,000/- වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම 2026.03.01 සිට 2026.03.31 කාල සීමාව සඳහා, මහජන බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යනු ලබන කාන්තාවන්ට ලැබෙන ඉහලම වටිනාකමින් යුතු ශ්‍රමික ප්‍රේෂණ සඳහා ජයග්රහණයන් හිමිවේ. කාන්තා ගිණුම් හිමි ජයග්‍රාහකයන් 10ක් තෝරාගෙන මෙසේ මුදල් ත්‍යාග ප්රදානය කිරීම සිදු කෙරේ. (ප්‍රතිලාභියා මහජන බැංකුවේ ගිණුම් හිමියකු වන කාන්තාවක විය යුතුය.)
|
අප්‍රේල් “People’s Remittance- කලින් අවුරුදු වාසි”
|
මාස තුනක කාලයක් සඳහා 2026.01.01 සිට 2026.03.31 දක්වා
|
රු. 25,000/- ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මලු 50 ක් ප්රදානය කිරීම. ශ්රමිකප්රේෂණ ඍජුවම ඔවුන්ගේ (වි.මු./රුපියල්) ගිණුම් වෙත ලැබෙන ගිණුම් හිමියන්ගෙන් දිනුම් ඇදීමක් මගින් අහඹු ලෙස ජයග්‍රාහකයන් 50 දෙනෙකු තෝරාගෙන, එක් එක් ජයග්රාහකයාට රුපියල් 25,000/- ක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ මල්ලක් පිරි නැමීම සිදු කෙරේ.
|
මැයි “People’s Remittance- ශ්‍රම හරසර”
|
මාසයක කාලසීමාවක් සඳහා 2026.05.01 සිට 2026.05.31 දක්වා
|
සෑම ශාඛාවකින්ම රුපියල් 5000/- බැගින් වූ මුදල් ත්‍යාග දෙකක් පිරිනැමීම. මැයි මාසයේදී නව පුද්ගල විදේශ මුදල් ගිණුමක් මුලින්ම විවෘත කර, මේ සඳහා සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ට රුපියල් 5000/-ක් වටිනා මුදල් ත්‍යාගයක් ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.. ප්‍රමුඛත්වය ලබා ගැනීම සඳහා සඳහා හැකි ඉක්මණින් පුද්ගල විදේශ මුදල් ගිණුමක් විවෘත කිරීමට කටයුතු කරන මෙන් දන්වා සිටිමු.
|
ජූලි
“People’s Remittance- සංවත්සර ප්රණාම”
|
මාස 06ක කාල සීමාවක් සඳහා
2026.01.01 සිට 2026.06.30 දක්වා
|
රුපියල් 15,000/-ක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ මලු 65 ක් පිරිනැමීම. 2026. 01.01 සිට 2026.06.30 දක්වා කාලසීමාව තුල ශ්‍රමික ප්‍රේෂණ ඍජුවම ඔවුන්ගේ මහජන බැංකු ගිණුම් (වි.මු./රුපියල්) වෙත ලැබෙන ගනුදෙනුකරුවන්ගෙන් දිනුම් ඇදීමකින් අහඹු ලෙස ජයග්‍රාහකයන් 65 දෙනකු තෝරා ගෙන සෑම ජයග්‍රාහකයෙකුටම අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
|
ඔක්තෝබර්
“People’s Remittance- දූදරු ප්රණාම”
|
මාස තුනක කාල සීමාවක් සඳහා
2026.10.01 සිට 2026.12.31 දක්වා
|
සෑම ශාඛාවකින්ම රු. 5000/- ක් වටිනා පාසල් උපකරණ කට්ටල 02ක් පිරිනැමීම. 2026.10.01 සිට 2026.12.31 දක්වා කාලය තුල “එතෙර උදාන බාලවයස්කාර ගිණුම්’ විවෘත කරන බාලවයස්කරුවන් සඳහා සෑම ශාඛාවකින්ම දිනුම් ඇදීමකින් අහඹු ලෙස ජයග්‍රාහකයින් දෙදෙනෙකු තෝරාගෙන රු. 5000/-ක් වටිනා පාසල් උපකරණ කට්ටල දෙකක් සෑම ශාඛාවකින්ම ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.
|
* කොන්දේසි අදාළ වේ.!
Terms and Conditions
අමතන්න
වැඩි විස්තර සඳහා එතෙර ගනුදෙනු සේවාව අමතන්න.
-
ඇමතුම් මධ්‍යස්ථානය: +94 112031001
-
ප්‍රේෂණ දෙපාර්තමේන්තුව : +94 701750017
-
විදේශ මුදල් ගිණුම් දෙපාර්තමේන්තුව : +94 701750294
-